‘ට‍්‍රැවල් ටු පිළිකුත්තුව..’

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ‘ට‍්‍රැවල් ටු පිළිකුත්තුව..’
    පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කර ඇති පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ ගම්පහ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ශිල්පීහු අධ්‍යයන චාරිකාවක නිරත වෙති. ලෝක නගර සැලසුම් දිනයට සමගාමීව එය සංවිධානය කර තිබිණ.

    මහර සංවර්ධන සැලැස්ම මේ වන විට සකස් කර ඇති අතර එය ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම සැලැස්ම යටතේ පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා වී තිබේ. “Travel to pilikuththuwa” ලෙස එම ව්‍යාපෘතිය නම් කර ඇත.

    අඩි 400 – 450 ක් පමණ උස කදු ගැටයක් සහිත අක්කර 250 ක් තරම් භූමි භාගයක මෙම පිළිකුත්තුව කන්ද පිහිටා තිබේ. ඉන් අක්කර 52 ක ප්‍රමාණයක් පිළිකුත්තුව රජමහා විහාරය සතු වෙයි. පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමිය මෙරට වැඩිම ලෙන් සංඛ්‍යාවක් සහිත විහාරස්ථානයක් ලෙස සැලකේ. බස්නාහිර පළාතේ පිහිටි වැඩිම ලෙන් සහිත රජමහා විහාරය ලෙස ද එය හැදින්වෙයි. මෙහි ගල් ලෙන් 99 ක් පමණ තිබෙන අතර ඒ අතර කටාරම් රහිත ලෙන් කිහිපයක්ද දැකිය හැකිය. එම කටාරම් රහිත ලෙන් තුළ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇතැයි සැලකේ.


    පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමියේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස පමණ වන තෙක් අතීතයට දිවෙයි. එම කාලයේදී මෙම වණ අරණ බෞද්ධ භික්ෂූන්ට භාවනානුයෝගීව සිටීමට සුදුසු වන පිරිදි වැඩි දියුණු කොට තිබු බව පුරාවිද්‍යා ලේඛන වල සදහන්ය. මෙම විහාරස්ථානය දේවානම්පිය තිස්ස රජ සමයේ ආරණ්‍යයක් ලෙස පැවති බවත්, වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් ලෙසත් සැලකේ. මෙම ප්‍රදේශයේ කරනු ලැබු කැණීම් වලදී ඉපැරණි පොසිල, රක්ත වරණ වළං කැබලි, පබළු වර්ග, ගල් ආයුධ සහ පොලොන්නරු යුගයට අයත් කාසි වර්ග හමුවී තිබේ.


    නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) හේමාල් ලක්පැතුම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන චාරිකාව පැවැත්විණ. මෙම අධ්‍යයන චාරිකාවට නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ, කලුතර සහ බස්නාහිර පළාත් කාර්යාලවල සැලසුම් නිළධාරීන් සහභාගී වූහ.
     
    • Like
    Reactions: NRTG and eksudda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ට්‍රැවල් 2 පිල්කුත්ස්
    වගෙ මොඩ් කරල ගත්ත නන් හරි

    පිලිකුත්තුව කිව්වම අවුල් නෙහ් නිකන් රෛම් වෙන්නෙ බඩකඩිත්තුව වගේ අප්සට් වචන
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Recently visited this place for the second time in my life. My first visit was made when I was in school. At that time, it was organized by our school's archaeological society, of which I was a member. This place is full of archaeological values, and climbing to the top of the rock is a nice experience. However, this place is more suitable for people who like to learn Sri Lankan history and archaeology, so I don't recommend it for those who expect fun from traveling. Please only leave your foot marks in places like this and protect them for future generations.🙂
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ට්‍රැවල් 2 පිල්කුත්ස්
    වගෙ මොඩ් කරල ගත්ත නන් හරි

    පිලිකුත්තුව කිව්වම අවුල් නෙහ් නිකන් රෛම් වෙන්නෙ බඩකඩිත්තුව වගේ අප්සට් වචන

    පිළිකන්න වගේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ට්‍රැවල් 2 පිල්කුත්ස්
    වගෙ මොඩ් කරල ගත්ත නන් හරි

    පිලිකුත්තුව කිව්වම අවුල් නෙහ් නිකන් රෛම් වෙන්නෙ බඩකඩිත්තුව වගේ අප්සට් වචන
    Pilikustan කියල දාමු
     
    • Love
    Reactions: Solo Rider and NRTG

    Similar threads