‘දිල් තො පාගල් හෙ..’ ජනාධිපති, අගමැති, කතානායක

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ‘දිල් තො පාගල් හෙ..’ ජනාධිපති, අගමැති, කතානායක

    ‘දේශපාලන දඩයමට එරෙහිව…’

    දැන් නාමල් රාජපක්ෂ එළියට එනකොට බැසිල් රාජපක්ෂ ඇතුළට ගන්නවා. මේ ආණ්ඩුවට දැන් නින්ද යන්න නම් කොහේ හරි හිරකූඩුවක රාජපක්ෂ කෙනෙක් ඉන්න ඕනෙ. මේ රාජපක්ෂ පවුලේ කෙනෙක් නැත්නම් වෙන රාජපක්ෂ පවුලක කෙනෙක්හරි හිරකූඩුවේ හිටියොත් තමයි සිරිසේන – වික්‍රමසිංහ ජෝඩුවට දෙයියනේ කියලා නින්ද යන්නේ. මෙහෙම ගිහිල්ලා විජේදාස රාජපක්ෂ හරි හිරේ දාන්න වෙනවා, වෙනත් රාජපක්ෂ කෙනෙක් හිරේ නොගියොත්. ඒ තරම් මේ දෙන්නා බයයි. කැතයි! නින්දිතයි! ලැජ්ජයි! බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා එක රාජ්‍ය ආයතනයකින් යකඩ බට අරන් තවත් රාජ්‍ය ආයතනයකට දෙනවා. එතකොට මූල්‍ය විශුද්ධිකරණයලු. එතකොට මහ බැංකුවේ බැඳුම්කරවලින් හොරා කෑම කුමක්ද? ඒවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? දැන් බලන්න, ‘මේ නාඩගම කොහොමද වෙන්නේ ?’ කියලා. මේකෙ අධ්‍යක්ෂණය සිරිසේන – වික්‍රමසිංහ යුවල. ඔවුන් කියනවා, ‘හෙට බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නවා. රතු අලි පැටියෝ අද ඔයා බැසිල්ට ඇට්ටි හැලෙන්න දෙන්න’ කියලා. ඊට පස්සේ රතු අලි පැටියා එනවා, මූණ උල්කර ගන්නවා, දෙනවා ඇට්ටි හැලෙන්න බැසිල් රාජපක්ෂට. අනිද්දා ගන්නේ විමල් වීරවංශ නම් හෙට රතු අලි පැටියා විමල්ට ඇට්ටි හැලෙන්න දෙනවා. මේ විදිහට කවදාවත් ජනතා විමුක්ති පෙරමුණේ මිනිස්සු යූඇන්පීයේ අසූචි බාල්දි ඇද්දාද? වික්‍රමසිංහලාගේ වධකාගාරවල වද දෙද්දී ජනතා විමුක්ති පෙරමුණ පාවා නුදුන්නු මිනිසුන්ගේ ආත්මවලට කවදාහරි මේ තක්කඩි නායකයන්ට උත්තර දෙන්න වෙනවා. ඒ නිසා මේ දඩයමට එරෙහි ජනතා පෙළගැස්මත් අපි මේ මගින් නිර්මාණය කරනවා.

    මෙරට ජීවත්වන සහ විදේශගතව සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට අපි ආරාධනා කරනවා, ‘ජූලි මාසයේ 28 උදේ 8.30ට මහනුවර දළදා මාලිගාව අසලට එක් රොක්වන්න. ඊළඟ දවසේ අපි ආරම්භ කරන්නේ මාවනැල්ලෙන්. එදාට(29) උදේ 8.30ට මැවනැල්ල නගරයට එන්න. ජූලි 30 වැනිදා අපි පටන් ගන්නේ නෙළුම්දෙනියෙන්. එදාට උදේ 8.30ට නෙළුම්දෙනියට එන්න. ජූලි 31 අපි පටන් ගන්නේ නිට්ටඹුවෙන්. එදා උදේ 8.30ට නිට්ටඹුවට එන්න. අගෝස්තු 01 වැනිදා පාද යාත්‍රාව කොළඹට එන දවස. එදා උදේ අපි පටන්ගන්නේ කිරිබත්ගොඩින්. අගෝස්තු 01 වැනිදා සවස 3.00 වන විට ලක්ෂ ගණනින් කොළඹට පැමිණිලා අපි මේ ආණ්ඩුවට අපේ බලය පෙන්නමු.

    ‘තරුණ පරම්පරාවට විමල්ගෙන් ඇරයුම්…’

    මේ ආණ්ඩුව බලයට ආවේ තරුණ පරම්පරාවට බොරු පොරොන්දු කප්පරක් දීලා. නොමිලේ වයිෆයි දෙනවා කීවා. රැකියා දසලක්ෂයක් දෙනවා කීවා. යතුරු පැදියක මිලට වාහනයක් දෙනවා කීවා. කරුණයන් හිතුවා ‘වයිෆයි හරි. රැකියාවකුත් හරි. වාහනෙත් හරි, එහෙනම් වයිෆ් කෙනෙක් නිකම්ම ලැබෙනවා’ කියලා. දැන් ඒ පිරිසට තේරිලා ඇති මේ ආණ්ඩුව තමන්ව මහදවල් රැවැට්ටුවා කියලා. රටක තරුණ පිරිස රවටනු ලැබීම අවමන් සහගත ක්‍රියාවක්. ඒ වගේම තරුණ පිරිසක් රවටනු ලැබුවාම ඊට ලැබෙන ප්‍රතික්‍රියාව බලවත්. අපි මේ රටේ තරුණ පරම්පරාවට ආරාධනා කරනවා ‘ ඔබව මහදවල් රවටපු මේ තක්කඩි පාලනයට එරෙහිව ජූලි 28 සිට අගෝස්තු 01 වැනිදා දක්වා පැවැත්වෙන ජන සටන මහා පාද යාත්‍රාවට එකතු වෙන්න’ කියලා. ‘මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපි සියලු දෙනා සටනේ ඉදිරියෙන්ම සිටිනවා. ඔබගේ දායකත්වය ලක්ෂ ගණනින් ලබා දෙන්න’ කියලා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ‘තනතුරු තුනම ළමයකුට දෙන්න…’

    බලන්න, මේ රටට වෙලා තිබෙන සන්තෑසිය. රටේ ජනාධිපති, අගමැති හා කථානායක කියන තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නැහැ. මේ වෙලාවේ අර ෆීල්ඞ් මාර්ෂල්ට මොකක් හරි දඩබ්බර වැඩක් කරන්න හිතුනොත් දෙයියන්ගෙම පිහිටයි. එයාට හිතුණු දේවල්වල හැටියට එහෙම දෙයක් හිතෙන්න බැරිකමකුත් නැහැනේ. අපේ පාලන කාලයේ ජනාධිපති නැත්තම් රටේ අගමැති හිටියා. කථානායක කොහොමත් හිටියා. මේ අය රටක් පාලනය කිරීම පිළිබඳ මෙලෝ හසරක් දන්නේ නැහැ. අගමැති රට යනවා කියලා ජනාධිපති දන්නේ නැහැ. ජනාධිපති රට යනවා කියලා අගමැති දන්නේ නැහැ. මේ දෙන්නාම රට යනවා කියලා කථානායක දන්නේ නැහැ. අන්තිමේදී මේ තුන්දෙනාම රට ගිහිල්ලා. අපි කියනවා පාරේ යන කොලුවෙකුට හරි ‘ ඇවිත් මේ තනතුරු තුන භාර ගන්න. නැත්නම් රට අරාජික වෙනවා’ කියලා, නැත්නම් මේ තනතුරු තුනම ළමයකුට දුන්නත් කමක් නැහැ.
     
    • Like
    Reactions: WhiteWalker

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වරදක් කරානම් එල්ලන්න ඕන දඩුවම් දෙන්න ඕන
    මේක බං අතල එකට ගන්නවා යවනවා
    චන්දයක් අයවැයක් කිට්ටු කරලා තජුදින් ගොඩ ගන්නවා
    මොන ආණ්ඩුවක් උනත් ඕව මහා ගොබ්බ වැඩ
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වරදක් කරානම් එල්ලන්න ඕන දඩුවම් දෙන්න ඕන
    මේක බං අතල එකට ගන්නවා යවනවා
    චන්දයක් අයවැයක් කිට්ටු කරලා තජුදින් ගොඩ ගන්නවා
    මොන ආණ්ඩුවක් උනත් ඕව මහා ගොබ්බ වැඩ
    :yes:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    වරදක් කරානම් එල්ලන්න ඕන දඩුවම් දෙන්න ඕන
    මේක බං අතල එකට ගන්නවා යවනවා
    චන්දයක් අයවැයක් කිට්ටු කරලා තජුදින් ගොඩ ගන්නවා
    මොන ආණ්ඩුවක් උනත් ඕව මහා ගොබ්බ වැඩ

    මහා ගොබ්බ වැඩ