‘බුබුළු කාමර’

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    තරු බලමින්, එළිමහනේ රැයක් පහන් කිරීමේ ආසාව ඇති කාටත් අලූත් නවාතැනක් හඳුන්වා දීමට ප‍්‍රංශ හෝටල සමාගමක් කටයුතු කර තිබේ. ඒ, නව ‘බුබුළු කාමර’ නමැති කුඩා එළිමහනේ ඉදි කළ කාමර හඳුන්වා දෙමිනි. බුබුළු කාමර හඳුන්වා දීම සිදුකෙරුණේ ප‍්‍රංශයේ ‘අපාත්ජාවේ’ නමැති හෝටල් සමාගමයි. පවුලේ සැමට නිවාඩුවක් යන තේමාව යටතේ සියලූ සැප පහසුකම්වලින් සමන්විත බුබුළු කාමර හඳුන්වා දීම පසුගිය දා සිදුවිය.
    3CA7EAF700000578-4171522-From_100_a_night_outdoor_lovers_can_enjoy_a_stay_in_a_two_person-a-4_1485779216190.jpg

    3CA7EB4400000578-4171522-The_Attrap_Rjves_family_hotel_in_the_heart_of_woodland_in_Allauc-a-2_1485779216150.jpg

    ‘අපාත්ජාවේ’ සමාගම පෙන්වා දෙන අන්දමට කූඩාරමක කොටු වී එළිමහනේ සිටිනවාට වඩා ඔවුන් විසින් ප්ලාස්ටික් සහ වීදුරු යොදා ගෙන කැළෑවක් මැද නිර්මාණය කළ මෙම බුබුළු කාමර මේ වනවිටත් අතිශයින් ජනපි‍්‍රය වෙමින් පවතී.
    3CA7EB6700000578-4171522-Each_room_comes_with_a_complimentary_telescope_for_budding_starg-m-6_1485779845143.jpg

    එක් රැයක් සඳහා මෙම කාමරයක් ගත කිරීමට පවුම් 100 ක මුදලක් වැය වෙයි. රාතී‍්‍ර අහස පමණක් නොව සොබා දහමේ සුන්දරත්වය විඳ ගනිමින් නිස්කලංක නිවාඩුවක් ගත කිරීම උචිත නවාතැන ලෙස මේ වනවිට ප‍්‍රංශ වැසියන්ගේ පමණක් නොව විදේශිකයන්ගේ ද අවධානය දිනා ගැනීමට මෙම ‘බුබුළු කාමර සමත් වී ඇතැයි මේල් ඔන් ලයින් පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි.