‘මං පාතාලයෙක් බව දන්නේ පොලිස්පති කී පසුයි..’ ජගත් විතාන පොලිස්පතිට විරුද්දව නඩු යයි..🤣🤣

KDH

Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    පොලිස්පතිවරයා විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය (සජබ) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රතිචාරය දක්වමින් කියා සිටියේ, තමන්ට අපරාධ කල්ලි සමග සබදතා ඇති බව දැනගත්තේ එම මොහොතේ බවයි.

    ඒ මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා නිරේදනය ලෙස මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශය මගින් තමන්ට අපරාධ කල්ලිත් සමඟ ප්‍රශ්නයක් තියෙන බව තමා අද ඒ මොහොතේ දැනගත් බවයි. තමා ජීවිත තර්ජනයට ලක්ව ඇති බවට සඳහන් වන්නේ පොලිස්පතිතුමාගේම වචන වලින් බව හෙතෙම ප්‍රකාශ කළේය.

    මන්ත්‍රීවරයා කථානායකතුමා හරහා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද කඩ වීමක් ලෙස මෙම කාරණය ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය.

    තමන්ට ලැබුණු වාර්තාවක් අනුව, නොයෙකුත් අපරාධකරුවෝ සිටින ලිස්ට් එකක් (ලැයිස්තුවක්) ඇති අතර, තමා එම ලැයිස්තුවේ 24 වැනි ස්ථානයේ සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය. එසේ වුවද, චෝදනා ඇති කොටසේ තමා කිසිම චෝදනාකරුවෙක් විදිහට හුවා දක්වා නැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    තමාට දී ඇති ආරක්ෂාව තාවකාලික බව පොලිස්පතිවරයා සඳහන් කර ඇති බවත්, “වෙඩි කන්න ඉන්න මිනිහා” තමා වන හෙයින් ඕනෑම වෙලාවක මෙම ආරක්ෂාව අයින් කිරීමට හැකි බවත් මන්ත්‍රී විතාන මහතා පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත්, තමන් කිසිවෙකු වැඳගෙන නොයන බවත්, යම් දේශපාලකයෙකුට හෝ කිසිම අයෙකුට මෙවැනි දේවල් සිදු නොවේවායි යන පණිවිඩය දී යන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    මන්ත්‍රී විතාන මහතා කියා සිටියේ, කථානායකතුමා හරහා නීත්‍යානුකූලව ආරක්ෂාව ලබා ගැනීම පිළිබඳව පොලිස්පතිවරයාට යම් ලැජ්ජාවක් හෝ පසුතැවීමක් ඇත්දැයි නොදන්නා බවයි. ඔහු නිවැරදි නීත්‍යානුකූල මාර්ගය අනුගමනය කළ බැවින් සමාව ගන්නට යන්නේ නැති බවද ප්‍රකාශ කළේය.

    පොලිස්පතිවරයා විසින් “ව්‍යාපාර කතන්දරයකුත්” ප්‍රකාශ කර ඇති බවත්, පොලිස්පතිතුමා තමාට කළු පැල්ලමක් එකතු කිරීමට උත්සාහ කර ඇති බවත් මන්ත්‍රී විතාන මහතා චෝදනා කළේය. ඒ සඳහා තමන් නීතිමය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

    තමා පාතාල කල්ලිත් සමඟ සම්බන්ධ කර ගස්ටනයක් ඇති කිරීමට හදන්නේ අනියමෙන් පොලිසියට කරන්න බැරි දේ පාතාල කල්ලියට ගිහිල්ලා කරවීමටදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. තමා කරපු වරද දේශපාලනය කිරීමටදැයි හෙතෙම විමසා සිටියේය
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    පොලිස්පතියාත් පත්තර වලට හුරේ දාන්න තමයි රස්සාව කරන්නේ..

    නාන ළිඳ ළඟ ගෑනු වගේ ඌත්...
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ජගත් බබාව නලවපන් ගිහින් 😂
    උබලාමනේ ඌව උඩ තියාගෙන හිටියේ? ආරක්ෂාව දුන්නේත් උබලානේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රංවලයාට තමයි බීලා මිනිස්සු හප්පලා බේරෙන්න පුළුවන්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads