ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ අනුකාරක ගීතයක් සිය උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයට යොදා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උත්තර ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම මැතිවරණ ප්රචාරක ගීතය “ යෙහී මෝදි – යෝගී – යූ.පී යෝගී, යූ.පී යෝගී… ආ…යේගි ඵීර් සෙ බී.ජේ.පී“ ලෙස මෙම තනුවට අදාල පද රචනය කර ඇත්තේ උත්තර ප්‍රදේශ් ජනතාව චන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදිට සහ මහ ඇමති අපේක්ෂක යෝගිට බවට වූ පණිවිඩය චන්ද දායකයන් වෙත යැවීම සඳහාය. මේ පිලිබදව (BJP) පක්ෂය ට්විටර් ගිනුමේද පළකර තිබුණා.
ඉන්දියන් මාධ්‍ය ප්‍රකාශ කලේ සංවේදී සිංහල ගීතයක් වූ ‘මැණිකේ මගේ හිතේ’ සංගීතය පාදක කරගත් ආකර්ශනීය ලෙස සකසන ලද පද රචනයක් මේ ප්රචාරක වැඩසටහන සඳහා යොදා ගැනීම ආකර්ශනීය ප්‍රවේශයක් බවය.
ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තක් වූ උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.