‘යන්තමින්’ ගැස්සිලා
කිරි කැටිය හම්බෙලා
දවස් හතරයි තාම
මටයි මගෙ ගෑනිටයි
ඌ තමා හැමදේම
ටිකට් තව කපල නෑ
ගෙදර ඉන්නද කෝම
බලන්නට ගියා මම
රෑ දවල් හැම දාම
ඔන්න දවසක් ඉතින්
වෙනද වාගෙම උදේ
බස් එකේ තෙරපිලා
රෝහලට යන සඳේ
මටම සරි සින්දුවක්
දුරින් ඇහෙනව හොඳේ
“කිමද ලේ කිරි නොවුනෙ”
මතක නෑ මුල් පදේ
යද්දි මම රෝහලට
ගෑනි හූ තියනවා
අනේ මගෙ රත්තරන්
කිය කියා අඩනවා
අඬනවා නම් බැරියැ
මහ පොළොවෙ හැපෙනවා
වට පිටේ මිනිස්සුත්
ඇඳ වටේ පිරෙනවා
තොටිල්ලට උඩින් මම
බැලුවාම ඉස්සිලා
දරුව හොඳටෝම නිදි
කඳුලු වැහි වස්සලා
ප්ලාස්ටරෙ කපනකොට
‘යන්තමින්’ ගැස්සිලා
නර්ස් නෝනා කෙනෙක්
සුළැඟිල්ල උස්සලා
(සත්‍ය සිදුවීමක් ඇසුරිනි)
~~චමිඳු මිහිරංග~~
කිරි කැටිය හම්බෙලා
දවස් හතරයි තාම
මටයි මගෙ ගෑනිටයි
ඌ තමා හැමදේම
ටිකට් තව කපල නෑ
ගෙදර ඉන්නද කෝම
බලන්නට ගියා මම
රෑ දවල් හැම දාම
ඔන්න දවසක් ඉතින්
වෙනද වාගෙම උදේ
බස් එකේ තෙරපිලා
රෝහලට යන සඳේ
මටම සරි සින්දුවක්
දුරින් ඇහෙනව හොඳේ
“කිමද ලේ කිරි නොවුනෙ”
මතක නෑ මුල් පදේ
යද්දි මම රෝහලට
ගෑනි හූ තියනවා
අනේ මගෙ රත්තරන්
කිය කියා අඩනවා
අඬනවා නම් බැරියැ
මහ පොළොවෙ හැපෙනවා
වට පිටේ මිනිස්සුත්
ඇඳ වටේ පිරෙනවා
තොටිල්ලට උඩින් මම
බැලුවාම ඉස්සිලා
දරුව හොඳටෝම නිදි
කඳුලු වැහි වස්සලා
ප්ලාස්ටරෙ කපනකොට
‘යන්තමින්’ ගැස්සිලා
නර්ස් නෝනා කෙනෙක්
සුළැඟිල්ල උස්සලා
(සත්‍ය සිදුවීමක් ඇසුරිනි)
~~චමිඳු මිහිරංග~~
