‘වොයිස් ඔෆ් ඇමරිකා’ පන්නා දැමිය යුතුයි – wimal

Mar 19, 2012
251
19
0
‘වොයිස් ඔෆ් ඇමරිකා’ පන්නා දැමිය යුතුයි – wimal

abqf44.jpg


Srilankamirror – ඇමරිකාව දිගින් දිගටම ශ‍්‍රී ලංකාවට බලපෑම් කරන්නේ නම් ශ‍්‍රී ලංකාවේ පිහිටුවා ඇති ‘ඇමරිකානු හඬ’ (Voice Of Ameriaca) ශ‍්‍රී ලංකාවෙන් නෙරපා දැමිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

‘ඇමරිකානු හඬ’ යනු ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති ඇමරිකානු බුද්ධි අංශ සෘජු අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වන දකුණු ආසියානු කලාපයේම ආරක්‍ෂක වශයෙන් වැදගත් තොරතුරු එක් රැස් කරන ස්ථානයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

විරවංශ ඇමතිවරයා මේ අදහස් පල කලේ ජාතික නිදහස් පෙරමුණ විසින් මහනුවරදී සංවිධානය කර තිබූ රැළියක් අමතමිනි.

ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට යට නොවී දිනාගත් සාමය සුරැකීම සඳහා එඩිතරව ක්‍රියාකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අත්වැල් බැඳගෙන, අද සිට ජනතාව ලක්ෂ ගණනින්පාරට බැස ජනතා ශක්තිය පෙන්විය යුතු බව ද ඇමතිවරයා මෙහිදී පැවසිය.

ඇමරිකාව හෝ වෙනත් කිසිදු ජගතෙකුට ශ‍්‍රී ලංකාවේ ඉරණම තීරණය කළ නොහැනි බවද පැවසූ ඇමතිවරයා, මේ සඳහා ජනතා මතය විමසිය යුතු බවද කියා සිටියේය.