‘ස්වයං වින්දනය’ පාසල් විෂය නිර්දේශයට??
අද වනවිට යොවුන් වියේ පසුවන දරුවන් විශාල ප්‍රමාණයක් ලොවපුරා රටවල් සෑම එකකම පාහේ යොවුන් වියේදීම අභ්‍යන්තර ලිංගික එක්වීම්වලට යොමුවීමේ ගැටළුව නිසා දෙමාපියන් විශාල සංඛ්‍යාවක් ඉතා ගැටළුකාරී තත්වයකට පත්ව ඇත.
ඒ හේතුවෙන් මෙය පාලනය කිරීමට නම් යොවුන් වියේ පසුවන දරුවන්ට ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව තමන්ගේ ශරීරය සහ ලිංගික තෘප්තිය පිළිබඳ ඉගැන්වීම සඳහා විෂය නිර්දේශ සකස් කල යුතු බව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දිවිගෙවන ලිංගිකත්වය සම්බන්ධ ලේඛිකාවක් සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ උපදේශිකාවක් වන නාඩියා බොකෝඩි ප්‍රකාශ කර ඇත.
‘අද සමාජ ජාල සහ අනත්ර්ජාලය එක්ක ගණුදෙනු කරන ඕනෑම දරුවෙක්ට ලිංගිකත්වය සහ ලිංගික එක්වීම් සම්බන්ධයෙන් කුතුහලයක් සහ දැඩි ආශාවක් ඇතිවෙන එක රහසක් නෙවෙයි. නමුත් අපිට සමාජ ජාල හෝ අන්තර්ජාලය නවත්තන්න බෑ. ඒත් අපිට කරන්න පුළුවන් දේ තමයි ලිංගිකත්වය ගැන, ලිංගික සතුට ගැන කුතුහලයක් ඇතිකරගන්නා යොවුන් දරුවා අභ්‍යන්තර ලිංගික එක්වීම් වලට හෝ අනාරක්ෂිත ලිංගික එක්වීම්වලට යොමුවෙලා අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීම, ලිංගාශ්‍රිත රෝග ඇතිකරගැනීම වලක්වන එකයි.
ඒ නිසා මම හිතනවා අඩුම තරමේ වයස 11 දි ඉඳන්වත් පාසල්වල ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය විෂයක් ලෙස සකස්වනවා වගේම ඒ විෂය නිර්දේශයේ පැහැදිලිව සහ වැඩි බරතැබීමක් සහිතව ස්වයංවින්දනය සම්බන්ධයෙන් දරුවන්ට ඉගැන්විය යුතුයි කියන එක. මොකද එතකොට ඔවුන් තමන්ගේ ශරීරයේ සතුට ගැන දැනගන්නවා සේම අනවශ්‍ය අභ්‍යන්තර ලිංගික එක්විමකට අවශ්‍ය පෙළඹීම පසුකරනවා’
නාඩියා පවසන ආකාරයට මෙය පර්යේෂණ ගණනාවකින්ම ඔප්පු කර ඇති කරුණක්. ඒ නිසාවෙන් මෙය ක්‍රියාත්මක කිරීම පසුකරන තාක් දරුවන්ගේ අනාගතයට ගැටළුවක් ඇති බවයි.
‘සමහරු හිතනවා ස්වයංවින්දනයේ යෙදීමට දරුවන් හුරුවීම තුලින් ඔවුන් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ලිංගික ක්‍රියාවලට යොමුවෙනවා කියලා. නමුත් ඇත්තම කතාවනම් අද වෙනකොට පර්යේෂවලින්, සමීක්ෂණ වලින් හෙලිකරලා තියන විදිහට ස්වයං වින්දනය සහ තම ශරීරයේ ලිංගික තෘප්තියක් නොලබන යොවුන් දරුවන් වැඩි ප්‍රමාණයක් ඉතාම ඉක්මණින් අභ්‍යන්තර ලිංගික එක්වීම් වලට යොමුවෙනවා.’
ඒ වගේම අද දරුවෝ විතරක් නෙවෙයි බොහොමයක් විවාහක අය පවා තමන්ගේ ශරීරයේ ලිංගික තෘප්තිය ලබන ආකාරය ගැන අවබෝධයක් නැති නිසා පවුල් ජීවිත බොහොම ඉක්මණින් කඩාබිඳගන්නවා. මේකට හේතුවත් ඔවුන්ට තමන්ගේ ශරීරයේ ලිංගික තෘප්තිය වගේම තවත් කෙනෙක්ගේ ශරීරයේ ලිංගික තෘප්තිය නිසියාකාරව හඳුනාගන්න බැරිවීමයි.
‘ලෝකයේ ලිංගිකත්වය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒවා විවෘතව කතානොකරන, හිත අස්සේ තියාගෙන ප්‍රශ්න කරගෙන ඉන්න සමාජවලටයි. නමුත් ලෝකයේ රටවල් ගණනාවක් ලිංගික අධ්‍යාපනයට වගේම විවෘත සාකච්ඡාවලටත් ඉඩ හදලා දීලා තියනවා. ඒ නිසා මම හිතන්නේ නෑ තවදුරටත් ස්වයං වින්දනය සඟවා තැබිය යුතු මාතෘකාවක් කියලා.
උපුටා ගැනීම - www.her.lk