ජවිපෙ/ජාජබ ආණ්ඩුවේ ගමන් මග තීරණය කරන බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 10 දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමි ආණ්ඩුවට එරෙහිව විවාදයට ගනු ලබන පළමුවන විශ්වාසභංගය මෙයයි. ආණ්ඩුවේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් නැත. නමුත් දූෂණයට, වංචාවට සහ අක්රමිකතාවලට ඉඩ නොතබන බවට මැතිවරණ වේදිකාව දෙවනත් කළ ආණ්ඩු පක්ෂය වසර 10 කට පමණ පෙර කළ දූෂණයකට (ලංකා පොහොර සංස්ථාවේ නිලධාරියකු ලෙස) කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා ලබා සිටින අමාත්‍යවරයාට එරෙහිව තත්ත්වයෙන් බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට මුහුණ දෙන්නේ කෙසේද? ආණ්ඩුව උභතෝකෝටිකයක බව අමුතුවෙන් කිව යුතු නැත.
තත්ත්වයෙන් බාල ගල් අඟුරු ආනයනය ජවිපෙ/ජාජබ ආණ්ඩුවට විසඳිය නොහැකි අර්බුදයක් නිර්මාණය කර ඇත. මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද ගැටලුකාරී බාල ගල් අඟුරු ආනයනය කිරීමේ අපවාදයෙන් වර්තමාන ආණ්ඩුවට ගැලවිය නොහැකිය. නමුත් ආණ්ඩුව එම අර්බුදයට සංවේදී නැත.
මැති සබය නියෝජනය කරමින් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වත්මන් ආණ්ඩුව පත්වූවාට පසුව ආනයනය කරන ලද ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හේතුවෙන් විදුලිය නිපදවීමට එය භාවිත කිරීමේදී විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවට කර ඇති ප්‍රකාශය අවධාරණය කර ඇත්තේ රටට බලපාන වරදක් සිදුවී ඇති බවයි.
සජබ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ සභාපතිත්වයෙන් මාර්තු 17 දින රැස් වූ එම සභාව එම අළු නිසි ලෙස බැහැර නොකළහොත් ඉදිරියේදී පාරිසරික හානි සිදු වීමේ අවදානමක් පවතින බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සංවේදී විය යුතු නොවේද. උද්ගතවී ඇති තත්ත්වය තුළ මාර්තු 17 වැනි දින පැවැත්වූ රැස්වීමේ නිල වාර්තාව මුද්‍රිත මාධ්‍යයට මාර්තු 30 වන දින වනතුරු නිකුත් නොකිරීම ද ප්රශ්නයකි. ඒ ප්‍රමාදයට හේතුව පැහැදිලි නැත.
පාර්ලිමේන්තුව නිකුත් කළ ප්‍රකාශයට අනුව මෙම අළු නිසි ලෙස බැහැර නොකළහොත් ඉදිරියේදී පාරිසරික හානි සිදු වීමේ අවදානමක් පවතින බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලැස්ම සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දී ඇත. බාල ගල් අඟුරු විදුලිය නිෂ්පාදනයට භාවිතා කරන තුරු මෙම ප්රශ්නය විසඳිය නොහැකි බව ආණ්ඩුව පිළිගන්නා බව නොපෙනේ. මෙම තත්ත්වය පිළිබඳව ආණ්ඩුව වගකිව යුතුය. වගවිය යුතුය.
කෙසේ වෙතත් බාල ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් අප්‍රේල් 10 වැනි දින (ලබන සිකුරාදා) විවාදයට ගැනීමට නියමිත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම ආණ්ඩු පක්ෂයට සුළු දෙයක් වුවත් එහි අනිසි ප්‍රතිපල විඳීමට සිදුවෙනු ඇත. මහජන නියෝජිතයින් 159 දෙනකුගෙන් සැදී ඇති ජාජබ ආණ්ඩුව 1989 දී හඳුන්වා දෙනු ලැබූ සමානුපාතික මැතිවරණ ක්‍රමය අනුව පත්වූ ශක්තිමත්ම රජයයි. එවැනි ආණ්ඩුවකට විශ්වාසභංගයක් පරාජය කිරීම සෙල්ලමකි. නමුත් ගල් අඟුරු අර්බුදය ඇතිකර ඇති තත්ත්වය අනුව විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් ආණ්ඩුවේ ශක්තිමත් භාවය අවධාරණය නොවේ. ඒ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම පෙන්වා දී ඇති පරිදි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති කරුණු කාරණා අනුව ආණ්ඩු පක්ෂයේ ජයග්‍රහණය ඊට පාරාවළල්ලක් විය හැකි බැවිනි.
මැතිවරණ පොරොන්දු ඉටු නොකිරීම වරදක් ලෙස නොසලකා වර්තමාන ආණ්ඩුව ගත් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි තීරණ ලෙස 2025 ජනවාරි මාසයේදී අනිවාර්යෙන් සිදුකළ යුතු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323 නිදහස් කිරීම සහ තත්ත්වයෙන් බාල ගල් අඟුරු ආනයනය කිරීම සඳහන් කළ හැක.
තත්ත්ව පරීක්ෂාවකින් පසුව ආනයනය කළ සෑම ගල් අඟුරු තොගයකටම (නැවකටම) පාහේ අදාළ සැපයුම්කරුට දඩ ගැසීම හේතුවෙන් විපක්ෂය මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා ඔප්පු වී ඇත. ජාජබ ක්‍රියාකලාපය තුළ මන්ත්‍රයක් මෙන් ජපකළ ‘සිස්ටම් චේන්ජ්’ හැල්ලු වූ බව පිළිගත යුතුය. තවදුරටත් ජවිපෙ/ජජාබට දූෂණ විරෝධී වේදිකාවේ පිනුම් ගැසිය නොහැක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක කළ 2022 අරගලයේ දේශපාලන වාසිය 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය හරහා හිමිකර ගත් ජවිපෙ/ජාජබ නැවත ආපසු හැරවිය නොහැකි හානියක් තම ආණ්ඩුවට කර ඇත. එය වළක්වා ගත හැකිව තිබූ බව ලියුම්කරුගේ වැටහීමයි.
මීට පෙර රජයන් නැවත නිවැරදි කළ නොහැකි වැරදි තීන්දු තීරණ ගත් ආකාරය සාකච්ඡා කරමු. බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය 2009 දී පරාජය කළ මහින්ද රාජපක්ෂ රජය රටට නව මාවතක් විවෘත කර දුන්නේය. එම අද්විතීය ජයග්‍රහණය සම්බන්ධයෙන් එවකට දේශපාලන සහ හමුදා නායකත්වයට රටම (කුහකයින් හැර) කෘතඥ විය යුතුය. නමුත් රටේ අවාසනාවකට රට එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ රජය ආරම්භයේදීම වැරදි තීන්දුවක් ගත්තේය. කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි එම තීරණය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් තිබූ රාජපක්ෂ ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක හිර කළේය.
ඒ එක පුද්ගලයකුට ජනාධිපති ධුරය දෙවරක් පමණක් දැරීමට ව්‍යවස්ථානුකූලව පනවා තිබූ සීමාව ඉවත් කිරීමට විනාශකාරී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම එම ආන්දෝලනාත්මක තීරණයයි. එම සංශෝධනයට පක්ෂව මහජන නියෝජිතයින් 161 දෙනකු තම ඡන්දය පාවිච්චි කළ අතර ඊට විරුද්ධ වූයේ මන්ත්‍රීවරුන් 17 දෙනකු පමණි. කෙටිකාලීනව එවකට බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එම පක්ෂය සමග නොයෙකුත් මට්ටමින් කටයුතු කළ, වාසි ලබා ගත් පක්ෂ තම ග්‍රහණයට ගැනීමට රාජපක්ෂවරුන්ට හැකිවුවත් එම පාලනයේ පරිහානියේ ආරම්භය එම ව්‍යවස්ථා සංශෝධනය විය. ව්‍යවස්ථානුකූලව ජනාධිපති ධුරය වසර 6 ක් වූ ඒ කාලයේ තවත් වාරයක් අපේක්ෂා කිරීම ජනතාවගේ පිළිකුලට ලක්වීම වැළැක්විය නොහැකිය.
තනි පුද්ගලයකුගේ හෝ යම් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීම මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් සාධාරණීකරණය කළ නොහැක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2012 වසරේදී ආඥාදායක මාවතේ තවත් පියවරක් ඉදිරියට තැබුවේය. ඒ අතිශය ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු ක්‍රියාවලියක් තුළ (දෝෂාභියෝගයකින්) අගවිනිසුරුවරිය වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීමයි. ජනාධිපතිවරයාගේ ඍජු නියෝගයෙන් 2013 ජනවාරි මාසයේදී බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තුව හරහා නෙරපා දැමුවේය. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරුවරියව ඉවත් කිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබූ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දුන් තීන්දු/තීරණ නොසලකා ජනාධිපතිවරයා කටයුතු කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත හැරවිය නොහැකි වැරදි දෙකක් කළේය.
තම දෙවන ධුර කාලය අවසන්වීමට වසරකට පෙර ජනාධිපතිවරණය 2015 ජනවාරි මාසයේදී කැඳවූයේ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයෙන් බවට සැකයක් නැත. නමුත් අවිනීත 18 වැනි සංශෝධනය පිහිටෙන් නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා ගත්තත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පරාජයට පත් විය. ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු වූ මෛත්‍රිපාල සිරිසේන පැත්ත මාරු කර විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අවශ්‍ය වාතාවරණය 18 වැනි සංශෝධනය ඇති කළේය. එම තත්ත්වය එජාප නායක රනිල් වික්‍රමසිංහ තම වාසියට හරවා ගත්තේය. නමුත් එජාපය (අද සජබ නියෝජනය කරන සමස්ත කණ්ඩායම එදා එජාපයේ විය.) පක්ෂ අරමුදල තර කිරීමට ගනු ලැබූ ක්‍රියා මාර්ගය පක්ෂයට මෙන්ම යහපාලන හවුල්කරු වූ ශ්‍රීලනිපයට අතිශය විනාශකාරී විය.
එවැනි වැරදුන උපායමාර්ගික තීන්දු, තීරණ මෙන්ම දැඩි දූෂිත ගනුදෙනුවක් අතිශය හානිකර තත්ත්වයක් ඇතිකළ හැකිය. එම තත්ත්වය ආර්ථික-දේශපාලනික-සමාජීය ලෙස අනපේක්ෂිත බලපෑමක් ඇතිකරන බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට දිය හැකි ඉතාමත් සුදුසුම උදාහරණය මහ බැංකු බැඳුම්කර වංචාවයි. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව පත්වී දින 50 යෑමට පෙර පළමුවන බැඳුම්කර වංචාව සිදු කළේය. දෙවන වංචාව 2016 පෙබරවාරි මාසයේදී ක්‍රියාත්මක කළේය. ආණ්ඩුව නැවත හැරවිය නොහැකි වරදක් කළේය. යහපාලනය විහිළුවක් බවට පත් කළේය.
වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ එජාපය මහ බැංකු බැඳුම්කර වංචා යට ගැසීමට නොකළ දෙයක් නැත. නමුත් ආණ්ඩුව ගත් විගස කුප්‍රකට බැංකු බැඳුම්කර වංචා හරහා සමස්ත ආණ්ඩුවම විනාශ කර දැම්මේය. වර්තමාන පාර්ලිමේන්තුව එජාපය නියෝජනය නොකරන තත්ත්වය ඇති කිරීමට හේතුවූ තත්ත්වයට මූලික වූයේ මහ බැංකු බැඳුම්කර වංචාව ය.
එජාපයේ මහ බැංකු ක්‍රියාන්විතය ආරම්භය වූයේ සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව පිහිටු වූ විගසය. මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විශේෂ ගැසට් පත්‍රයක් මගින් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය දැරූ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතට හදිසියේ පත් කිරීම විපක්ෂයේ අවධානයට යොමු වූයේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන් පසුව ය. මහ බැංකුව නැවතත් මුදල් අමාත්‍යාංශය යටතට පත් කළේ 2018 දීය. ඒ වනවිට යහපාලන හවුල්කරුවන් වූ එජාපය සහ ශ්රීලනිපය දියවී ගොස් හමාරය.
දශක ගණනාවකට පෙර පළාත් පාලන ආයතන ඡන්දය හඳුන්වා දීමෙන් පසුව පළමුවන වරට 2018 පෙබරවාරි පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පාලක එජාප සහ ශ්‍රීලනිප ලජ්ජා සහගත පරාජයක් ලැබුවේය. ඊට පෙර පළාත් පාලන ඡන්ද ඕනෑම තත්ත්වයක් යටතේ ජය ගනු ලැබුවේ ආණ්ඩු පක්ෂයයි. පළාත් පාලන ඡන්දය පරාජය වීම යහපාලන ආණ්ඩුවේ කඩා වැටීම සනිටුහන් කළ අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කළ බවට චෝදනා කළ මහින්ද රාජපක්ෂ සමග 2018 ඔක්තෝබර් මාසයේ පිහිටු වූ ආණ්ඩුව රටේ ඉහළ අධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් 52 වන දිනයේදී අහෝසි කළත් සිරිසේන ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම පක්ෂවලට කළ හානිය හැරවිය නොහැකිය. දින 52 ආණ්ඩුව පිහිටු වූ සැනින් ජාතික ගුවන් සේවයට ගුවන්යානා ලබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අල්ලස් චෝදනාවට ලක් වී සිටි එහි ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන නැවත සේවයේ පිහිටුවීමට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ගනු ලැබූ තීරණය වැරදි තීන්දුවක් විය. එදා ගත් එම තීරණය නැවතත් අවධානයට යොමු වන්නේ කපිල චන්ද්‍රසේන 2012-2013 ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියකට යටත් වී සිටින තත්ත්වයක් යටතේදීය.
තවමත් නොවිසඳුණු 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට පාදක වූ දේශපාලන වාතාවරණය ඇතිවූ ආකාරය සිරිසේන-රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය බැහැර කර සාකච්ඡා කළ නොහැකිය. පාස්කු ප්‍රහාරයේ එක ප්‍රධාන අරමුණක් වූයේ දේශපාලන අස්ථාවරත්වය තීව්ර කිරීම බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට පාස්කු ප්‍රහාරය එල්ල කළ බව ප්‍රකාශ කරන කිසිවකු සිංහල බෞද්ධයන් පමණක් වෙනුවෙන් පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට නැෂනල් තව්හිත් ජමාත් (National Thowheed Jamath) සංවිධානය මරාගෙන මැරුණේ ඇයිදැයි පැහැදිලි කරන්නේ නැත.
යහපාලන හවුල්කරුවන් තම දේශපාලනය තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව අතිශය කෲර මතවාදයක් වෙනුවෙන් පෙනී සිටි නැෂනල් තව්හිත් ජමාත් වැනි සංවිධාන ප්‍රවර්ධනය කළ බව අද රහසක් නොවේ. තම ඡන්ද පදනමට හානි විය හැකි බව සලකා එවැනි මතවාදයන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින්ට/ සංවිධානවලට එරෙහිව අවශ්‍ය පියවර නොගැනීම පිළිබඳව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව ඍජුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඇඟිල්ල දිගු කර ඇත.