‘සුදු කොඩි කතාව’ ඇත්ත

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
‘සුදු කොඩි කතාව’ ඇත්ත

සරත් ෆොන්සේකාගේ ‘සුදු කොඩි කතාව’ ඇත්ත
‘සන්ඩේ ලීඩර්’ කතුවරිය අධිකරණයට හෙළි කරයි



ජාතිවාදී හැඟීම් අවුස්සා මහජනයා කුපිත කරන්න හදලා

සම්මුඛ සාකච්ඡාවට දුන් දිනය පවා ඔහු පසුව වෙනස් කළා


‘යටත් වීමට පැමිණෙන අයට වෙඩි තබන ලෙසට ගෝඨා නියම කළා’ යැයි 2009 වසරේ දෙසැම්බර් 8 වැනි දින කොළඹ රාජකීය මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමා සමඟ පැවැසූ බව, “සන්ඩේ ලීඩර්” පුවත් පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය ඊයේ (4) කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියා ය.

සුදු කොඩි ප්‍රකාශය පිළිබඳව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව අධි චෝදනා 3ක් යටතේ පවරා ඇති නඩුවේදී ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සාක්කි දෙමින් ජෑන්ස් මහත්මිය එසේ කීවා ය.

එම සම්මුඛ සාකච්ඡාවේ දී තමා ඇසූ අවසන් ප්‍රශ්නය වූ “සුදු කොඩි කතාව” සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා එසේ කී බව ද සාක්කිකාරිය ප්‍රකාශ කළා ය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ පළමු සාක්කිකරු ලෙස සාක්කි දුන් ජෑන්ස් මහත්මිය පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැති මේ සම්මුඛ සාකච්ඡාවේ දී යටත් වීමට සුදු කොඩි රැගෙන එන එල්. ටී. ටී. ඊ සාමාජිකයන් භාර නොගෙන, ඔවුන් වෙඩි තබා මරා දමන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් කියා තිබෙන බව පැවැසීය.

නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අධි චෝදනා තුනට තමන් නිවැරැදි කරු යැයි විත්තිකාර සරත් ෆොන්සේකා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කෙළේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගෙන් (සභාපති) හා මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ටී. එම්. පී. බී වරාවැව හා මහාධිකරණ විනිසුරු එම්. ඉසෙඩ් රාෂීන් යන මහත්වරුන් ගෙන් මේ විනිසුරු මණ්ඩලය සමන්විත වේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයෙන් පසු, 2009 මාර්තු මස 1 වැනි දින තමා “සන්ඩේ ලීඩර්” පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරයට පත් වූ බව කී ජෑන්ස් මහත්මිය, 1991 දී තමා “සන්ඩේ ටයිම්ස්” පත්‍රයේ සේවයට බැදුණු බවත්, 1995 දී “සන්ඩේ ලීඩර්” පුවත්පතට බැදුණු බවක් පැවසුවාය.

“සන්ඩේ ලීඩර්” පුවත්පතේ කළමනාකාරිත්වය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට තීරණය කිරීමෙන් පසු මේ සම්මුඛ සාකච්ඡාව ලබා ගැනීමට කටයුතු කළ බව ඕ කීවාය.

ඒ සඳහා ප්‍රථමයෙන් 2009 දෙසැම්බර් 9 වැනි දින අවස්ථාව ලබා දුන්නත්, පසුව එම දිනය දෙසැම්බර් 08 වැනි දින සවස 6.30 ලෙසට වෙනස් කළ බවත්, ඒ අනුව තමා එදින සම්මුඛ සාකච්ඡාව සඳහා තම සමාගමේ සභාපති ලාල් වික්‍රමතුංග ඇතුළු තවත් 4 දෙනෙකු සමඟ ෆොන්සේකා මහතාගේ කාර්යාලයට ගිය බවත් ඇය කීවාය.

මේ සම්මුඛ සාකච්ඡාවේදී තමාගේ අරමුණ වූයේ සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය පිළිබඳ තොරතුරු හා මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීම බව කී ජෑන්ස් මහත්මිය එහිදී අවසාන ප්‍රශ්නය වශයෙන් සුදුකොඩි කතාව පිළිබඳව විමසූ බව කීවාය.

තමන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සරත් පොන්සේකා මහතා කීවේ “ගෝඨා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර ද සිල්වා මහතාට දුරකතනයෙන් කතා කර ඇති බවත් සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණෙන කිසිදු එල්.ටී.ටී.ඊ. නායකයකු පිළි නොගෙන ඔවුන් මරා දමන ලෙස නියම කර ඇති බවත් ෆොන්සේකා මහතා තමාට කී බවද ජෑන්ස් මහත්මිය කියා සිටියාය.

පසුව තමා මේ පුවත සිය පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා මහතාට කියා ඇතැයි යනුවෙන් එය පළ කළ බවත් ඇය කීවාය.

මේ සාකච්ඡාව අවසානයේ දී “ලසන්ත මැරුවේ කවුරුන්දැයි” ලාල් වික්‍රමතුංග මහතා සරත් ෆොන්සේකා මහතාගෙන් ඇසූ බවත් ඒ පිළිබඳව ද සාකච්ඡාවක් සිදු වූ බවත් ඇය කීවාය. මෙහිදී පොන්සේකා මහතාගේ පින්තූර කිහිපයක් ලබාගත් බවද ඕ කීවාය. කොළඹදී 2009 දෙසැම්බර් 08 දා මහජනයා බියවැද්දිය හැකි සහ කැළඹීමට පත්විය හැකි ව්‍යාජ ප්‍රකාශයක් ලෙසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ ආඥාපතිව සිටි බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් කථා කර “යටත් වීමට උත්සහ දරන එල්.ටී.ටී.ඊ. නායකයින්ට යටත් වීමට ඉඩ නොදෙන ලෙසත්, ඔවුන් සියලු දෙනාම මරා දැමිය යුතු බවත්, පැවැසුවේ යැයි “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කතුවරියක වන ප්‍රෙඩ්රිකා ජෑන්ස්ට පවසා ඇත.

ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන තොරතුරු ජෑන්ස්ට පැවසීම සහ එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි මහජනතාව තුළ විරුද්ධත්වයක් ඇති කිරීමට තැත් කිරීම යන කරුණු ඇතුළත් අධි චෝදනා තුනක් අපරාධ නඩු විධාන සංග්‍රහය හා හදිසි නීති රෙගුලාසි යටතේ නීතිපතිවරයා මගින් ගොනුකර ඇත.

රජයේ නීතිඥ යොහාන් ලියනගේ මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා මේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවීය.

නීතිඥවරුන් වන නිලන්ති පීරිස් මහත්මියද යූ. එල්. පී. බණ්ඩාර, මර්වින් සිල්වා මහත්වරුන් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාද විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය. සාක්කිකාර ජෑන්ස් මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ එන්. එම්. ෂහීඩ් මහතා පෙනී සිටියේය. නඩු විභාගය යළි 6 වැනි දින උදේ ආරම්භ කෙරේ.

fredericaJanz.JPG
 
  • Like
Reactions: RLR

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
කං කුං;8392946 said:
වෙස ගැනු කි‍යන එවා උබලගෙ මහින්දට හොද‍යි,

aththa kiyana eka wesa kamak wenne kohomada :angry:
ponsekage gani anoma thama wesa kame yanne jeppo ekka
 

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
කං කුං;8392958 said:
ඔව් උබලගෙ පැත්තට අවොත් ඔන එකෙක් හොද‍යි, කරුනා, කේ.පි,අන්‍ර් කලි,හැරි.........


anarkali ahanawa monawa kalatada me eyata baninne kiyala :lol:

anarkaliakarsha.jpg
 
Last edited:
Sep 9, 2010
444
35
0
කං කුං;8392958 said:
ඔව් උබලගෙ පැත්තට අවොත් ඔන එකෙක් හොද‍යි, කරුනා, කේ.පි,අන්‍ර් කලි,හැරි.........

original id eken warenko
 

duka

Active member
  • Nov 1, 2007
    260
    58
    28
    මර්වින් සිල්වා අරමිනිහව ගස් බැන්දෙ නැ කිව්ව අණ්ඩුවට සුඩු කොඩි කතාව අත්ත කරන් එක මොන කජ්ජක්ද?
     

    drv3

    Member
    Oct 5, 2010
    137
    4
    0
    kauda karuna-KP wa odukkuwe dagena inne ... ane ban as arala balapan mahinda lankawe inna minissunwa gonata andala raja paula goda naganawa ... ahinsaka minissu bada ginne marenawa
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මර්වින් සිල්වා අරමිනිහව ගස් බැන්දෙ නැ කිව්ව අණ්ඩුවට සුඩු කොඩි කතාව අත්ත කරන් එක මොන කජ්ජක්ද?

    meka anduwa newei usawiya