‘හලාල්’ වර්ජනය කරන්න – බොදු බල සේනාව!
‘හලාල්’ වර්ජනය කරන්න – බොදු බල සේනාව
‘හලාල්’ලාංඡනය සහිත පාරිභෝගික භාණ්ඩ වර්ජනය කළ යුතු යැයි බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
එවැනි ලාංඡනය සහිත අමතර මුදලක් වැය කිරීමට සිංහල ජන සමාජයට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද ඥානසාර හිමියෝ ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ.
” අද රටේ පාරිභෝගික භාණ්ඩ 4000 ක පමණ හලාල් සලකුණ ඇතුළත් කර තිබෙනවා. මේ හලාල් සලකුණ වෙනුවෙන් අදාළ වෙළඳ සමාගම් වාර්ෂිකව ගෙවන රුපියල් දෙලක්ෂයකට ආසන්න මුදල පියවා ගන්නේ ඒ භාණ්ඩවල මිලෙනුයි. අනවශ්‍ය ලාංඡනයක් වෙනුවෙන් සිංහල ජන සමාජය අතර මුදලක් වැය කරන්නේ ඇයි? අපට ඒ ලාංඡනය අවශ්‍ය නැහැ. හලාල් ලාංඡනය නැති භාණ්ඩ මිලදී ගන්නැයි අප සිංහල ජන සමාජයෙන් ඉල්ලීමක් කරනවා” යැයි උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර ඇත.
‘‘හලාල්’’ ලාංඡනය පාරිභෝගික භාණ්ඩ මත යෙදවීමෙන් එක්තරා සංවිධානයක් උපයා ගන්නා මුදල් යොදවනු ලබන්නේ ඉස්ලාම් මතවාදය ප්‍රචාරය සහ ඉස්ලාම් ආගමිකයන් අතරේ මිත්‍රත්වය තහවුරු කිරීම යනාදී කටයුතු වෙනුවෙනුයි.
එවැනි කටයුතු වෙනුවෙන් අපි මුදල් ලබා දෙන්නේ කුමකටද?
පිටරට පටවන භාණ්ඩවලට ‘‘හලාල්’’ ගැහුවාට අපට ප්‍රශ්නයක් නැහැ. අප විරුද්ධ වන්නේ රටේ සියලූ ජනතාවට හලාල් කැවීමටයි. මුස්ලිම් ජනතාවට ‘‘හලාල්’’ භාණ්ඩ අවශ්‍ය නම් ඒවා ඔවුන්ගේ ආගමික ස්ථානවලින් නිකුත් කළ හැකියි.
හලාල් සලකුණ පොදු පාරිභෝගික භාණ්ඩවලින් හකුලා ගන්නැයි අප ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් මේ ගැන රට දැනුවත් කිරීමට පියවර ගන්නවා. අපට පිරිකර හැටියට ලැබුණු භාණ්ඩ රැසකත් ‘‘හලාල්’’ සලකුණ සඳහන් කළ භාණ්ඩ රැසක් තිබී හමුවීමෙන් පසුව අප ඒවා ප්‍රතික්ෂේප කළා.
අප මේ ‘‘හලාල්’’ ලකුණ යෙදීම දකින්නේ විශාල අනතුරක සේයාවක් හැටියටයි. මේවා ගැන ඇතැම් දේශපාලනඥයන් අද කතා කරන්නේ නැහැ. ඒ පටු අරමුණු නිසාය. අප මේවා පෙන්වා දෙන්නේ පටු ජාතිවාදී සහ ආගම්වාදී අරමුණකින් තොරවයි.”
යැයි උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළ සේක.
බොදු බළ සේනා සංවිධානය
Source:- තම්බපණ්ණී පුවත්