බුදු දහමට එරෙහි මූලධර්මවාදී කණ්ඩායම් 550ක් රටතුල ක්‍රියාත්මකයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බුදු දහමට විරුද්ධව මූලධර්මවාදී කණ්ඩායම් පන්සිය පනහක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ බව කියන්න බයවෙන්න එපා යැයි, බොදු බල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

    අහුන්ගල්ල වැලිකන්ද පුරාණ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැති පින්කමකදී උන්වහන්සේ මේ බව කීහ.

    තව දුරටත් කතා කළ හිමියෝ මෙසේ ද කීහ.

    බොහෝ රටවල්වල බුදු දහම විනාශ වී යද්දී අවුරුදු දෙදහස් පන්සියයක කාලයක් තිස්සේ ජීවිත පරිත්‍යාගයෙන් බුදුදහම ආරක්ෂා කර ගත්තේ සිංහල අපි විතරයි. ඒක අපේ උරුමයක්. යටත් විජිතයක්ව පැවැති සමයේ පවා මොන තරම් ගර්ජන තර්ජන මධ්‍යයේ වුවත් සටන් කරලා මේ ධර්මය ආරක්ෂා කර ගත්තා. අපේ බෞද්ධයෝ නිවන අත් හැරලයි බදු දහම ආරක්ෂා කර ගත්තේ. අහුන්ගල්ල, බළපිටිය, රජ්ගම, කරන්දෙණිය ප්‍රදේශවල ජීවත් වන්නේ ලේ රත්වෙන පිරිසක්. අවුරුදු හාරසිය අනූ අටක් යටත් විජිතයක් පැවැති කාලයේ මේ අයගේ බෙල්ලට කඩුව තිබ්බත් බුදු දහම පාවා දුන්නේ නැහැ.

    1848 දී සුදු පූජකවරයෙක් එනවා පීඩාවට පත්වෙච්ච බෞද්ධ මිනිස්සු භෞතීස්ම කරන්න. ඒ වෙලාවේ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ නොබියව ඉදිරිපත් වෙලා බේර ගත්තේ. එදා කොළඹ පෙරහැරක් යන්න නුදුන් සමයේ ගුණානන්ද හිමියෝ මෝල් ගස්වල කොඩි බැඳගෙන

    ගිහිල්ලා පෙරහැර කළේ. තම දරුවන්ගේ කොතෙක් අඩුපාඩු සපුරන්න තිබුණත් ඒවා පසෙකලා පන්සලේ අඩුපාඩු සොයා බලා හදා දෙන බෞද්ධ පිරිසක් අපේ රටේ ඉන්නේ.

    එදා සටන් කරලා මිථ්‍යාව පරාජය කරන්න බැරි බව වටහා ගත් ගුණානන්ද හිමියෝ බුද්ධිමය සංවාදයකින් මිථ්‍යාව පරාජය කරන්නයි පංච මහා වාදය පැවැත්වූවේ. අද ඉන්න බෞද්ධ නායකයෝ වැඩ කරන්නේ එදා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ දමන ලද අත්තිවාරම උඩ ඉඳගෙනයි. ඒ තරම් දෙයක් කළත් ගුණානන්ද හිමි අපවත් වූයේ හිතේ අමාරුවෙන්.

    අපි පොඩි කාලයේ කැමැත්තට මහණ වුණා. දැන් තමයි තේරෙන්නේ මහණකමේ බැරෑරුම්කම. දැන් කරන්න දෙයක් නැති නිසා ඇදගෙන යනවා. පකිස්තානය, මාලදිවයින, මැලේසියාව, ඇෆ්ගනිස්ථානය ආදී රටවල් සියල්ලම එදා බෞද්ධ රටවල්. ඒ සියල්ලම මිථ්‍යා දෘෂ්ටික රටවල් බවට පත්වෙලා. භික්ෂු භූමිකාවට පණ පොවන එකයි අපි කරන්නේ.

    ඉස්ලාම් ආගම අදහන උදවිය දවසට පස් වතාවක් යාඥා කරනවා. මොන තරම් පාඩු වුණත් සිකුරාදට පල්ලි යනවා. ක්‍රිස්තියානි අය ඉරිදට පල්ලි යනවා. හින්දු භක්තිකයොත් එහෙමයි. ඒ අයගේ හොඳ ආදර්ශය ඇයි අපි නොගන්නේ. කවුරු හරි අමාරුවෙන් නැගිටින්න හදනවිට පෙත්සම් ගහලා කකුලෙන් ඇදලා නන්නත්තාර කරන්නේ අපි විතරයි. මිනිස්සු ඉන්නේ කොතනද කියල දකින විට හරි දුකයි. සියයට අසූවක් මානසික රෝගවලින් පෙළෙන අය ඉන්නවා කියලයි වෛද්‍යවරු කියන්නේ. අපි අපේ උරුමය දරුවන්ට උරුම කර දිය යුතුයි. පුරා වස්තු විනාශ කරනවා. බෞද්ධ උරුමය නැති කරනවා. ඒ නිසයි බොදු බල සේනාව හැදුවේ. මේ ජාතික වැඩපිළිවෙළ නිසා පොලිසි උසාවි ගාණේ යන්න සිදු වුණා. ඒ අපේ පෞද්ගලික දේවලට නොවෙයි.

    අහුන්ගල්ල වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමය ඇතුළු අෂ්ඨ මහා විහාරාධිපති කිරම දේවින්ද හිමියෝ ද කතා කළහ

    1685252874127.jpeg
    \
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    අපි පොඩි කාලයේ කැමැත්තට මහණ වුණා. දැන් තමයි තේරෙන්නේ මහණකමේ බැරෑරුම්කම. දැන් කරන්න දෙයක් නැති නිසා ඇදගෙන යනවා.
    :ROFLMAO::poop:
     
    • Haha
    Reactions: SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විසදුම

    1. කන්න නැති ළමයි මහණ කරන එක තහනම් කරන්න
    2. දේශපාලනය කරන තට්ටයෝ හරියට මහණ කරවන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    බුදු දහමට විරුද්ධව මූලධර්මවාදී කණ්ඩායම් පන්සිය පනහක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ බව කියන්න බයවෙන්න එපා යැයි, බොදු බල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

    අහුන්ගල්ල වැලිකන්ද පුරාණ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැති පින්කමකදී උන්වහන්සේ මේ බව කීහ.

    තව දුරටත් කතා කළ හිමියෝ මෙසේ ද කීහ.

    බොහෝ රටවල්වල බුදු දහම විනාශ වී යද්දී අවුරුදු දෙදහස් පන්සියයක කාලයක් තිස්සේ ජීවිත පරිත්‍යාගයෙන් බුදුදහම ආරක්ෂා කර ගත්තේ සිංහල අපි විතරයි. ඒක අපේ උරුමයක්. යටත් විජිතයක්ව පැවැති සමයේ පවා මොන තරම් ගර්ජන තර්ජන මධ්‍යයේ වුවත් සටන් කරලා මේ ධර්මය ආරක්ෂා කර ගත්තා. අපේ බෞද්ධයෝ නිවන අත් හැරලයි බදු දහම ආරක්ෂා කර ගත්තේ. අහුන්ගල්ල, බළපිටිය, රජ්ගම, කරන්දෙණිය ප්‍රදේශවල ජීවත් වන්නේ ලේ රත්වෙන පිරිසක්. අවුරුදු හාරසිය අනූ අටක් යටත් විජිතයක් පැවැති කාලයේ මේ අයගේ බෙල්ලට කඩුව තිබ්බත් බුදු දහම පාවා දුන්නේ නැහැ.

    1848 දී සුදු පූජකවරයෙක් එනවා පීඩාවට පත්වෙච්ච බෞද්ධ මිනිස්සු භෞතීස්ම කරන්න. ඒ වෙලාවේ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ නොබියව ඉදිරිපත් වෙලා බේර ගත්තේ. එදා කොළඹ පෙරහැරක් යන්න නුදුන් සමයේ ගුණානන්ද හිමියෝ මෝල් ගස්වල කොඩි බැඳගෙන

    ගිහිල්ලා පෙරහැර කළේ. තම දරුවන්ගේ කොතෙක් අඩුපාඩු සපුරන්න තිබුණත් ඒවා පසෙකලා පන්සලේ අඩුපාඩු සොයා බලා හදා දෙන බෞද්ධ පිරිසක් අපේ රටේ ඉන්නේ.

    එදා සටන් කරලා මිථ්‍යාව පරාජය කරන්න බැරි බව වටහා ගත් ගුණානන්ද හිමියෝ බුද්ධිමය සංවාදයකින් මිථ්‍යාව පරාජය කරන්නයි පංච මහා වාදය පැවැත්වූවේ. අද ඉන්න බෞද්ධ නායකයෝ වැඩ කරන්නේ එදා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ දමන ලද අත්තිවාරම උඩ ඉඳගෙනයි. ඒ තරම් දෙයක් කළත් ගුණානන්ද හිමි අපවත් වූයේ හිතේ අමාරුවෙන්.

    අපි පොඩි කාලයේ කැමැත්තට මහණ වුණා. දැන් තමයි තේරෙන්නේ මහණකමේ බැරෑරුම්කම. දැන් කරන්න දෙයක් නැති නිසා ඇදගෙන යනවා. පකිස්තානය, මාලදිවයින, මැලේසියාව, ඇෆ්ගනිස්ථානය ආදී රටවල් සියල්ලම එදා බෞද්ධ රටවල්. ඒ සියල්ලම මිථ්‍යා දෘෂ්ටික රටවල් බවට පත්වෙලා. භික්ෂු භූමිකාවට පණ පොවන එකයි අපි කරන්නේ.

    ඉස්ලාම් ආගම අදහන උදවිය දවසට පස් වතාවක් යාඥා කරනවා. මොන තරම් පාඩු වුණත් සිකුරාදට පල්ලි යනවා. ක්‍රිස්තියානි අය ඉරිදට පල්ලි යනවා. හින්දු භක්තිකයොත් එහෙමයි. ඒ අයගේ හොඳ ආදර්ශය ඇයි අපි නොගන්නේ. කවුරු හරි අමාරුවෙන් නැගිටින්න හදනවිට පෙත්සම් ගහලා කකුලෙන් ඇදලා නන්නත්තාර කරන්නේ අපි විතරයි. මිනිස්සු ඉන්නේ කොතනද කියල දකින විට හරි දුකයි. සියයට අසූවක් මානසික රෝගවලින් පෙළෙන අය ඉන්නවා කියලයි වෛද්‍යවරු කියන්නේ. අපි අපේ උරුමය දරුවන්ට උරුම කර දිය යුතුයි. පුරා වස්තු විනාශ කරනවා. බෞද්ධ උරුමය නැති කරනවා. ඒ නිසයි බොදු බල සේනාව හැදුවේ. මේ ජාතික වැඩපිළිවෙළ නිසා පොලිසි උසාවි ගාණේ යන්න සිදු වුණා. ඒ අපේ පෞද්ගලික දේවලට නොවෙයි.

    අහුන්ගල්ල වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමය ඇතුළු අෂ්ඨ මහා විහාරාධිපති කිරම දේවින්ද හිමියෝ ද කතා කළහ

    1685252874127.jpeg
    \
    පොලිසියට කියපන් කෝ
     
    • Haha
    Reactions: SDCR

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පකිස්තානය, මාලදිවයින, මැලේසියාව, ඇෆ්ගනිස්ථානය ආදී රටවල් සියල්ලම එදා බෞද්ධ රටවල්. ඒ සියල්ලම මිථ්‍යා දෘෂ්ටික රටවල් බවට පත්වෙලා.
     
    • Like
    Reactions: Tz4400

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113

    දැන් ඉතින් රිදෙයි 😄

    යෝ ඛෝ බ්‍රාහ්මණ පසන්නචිත්තෝ සික්ඛාපදානි සමාදියති පාණාතිපාතා වේරමණිං අදින්නාදානා වේරමණිං කාමේසුමිච්ඡාචාරා වේරමණිං මුසාවාදා වේරමණිං සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණිං, අයං ඛෝ බ්‍රාහ්මණ.... see more
     
    • Like
    Reactions: neo7x

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,729
    113
    පකිස්තානය, මාලදිවයින, මැලේසියාව, ඇෆ්ගනිස්ථානය ආදී රටවල් සියල්ලම එදා බෞද්ධ රටවල්. ඒ සියල්ලම මිථ්‍යා දෘෂ්ටික රටවල් බවට පත්වෙලා.
    එහෙත් කතරගම් තියනවද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කවද හරි බුද්ධාගමට අත තිබ්බ දවසට තමයි මහත්තයෝ ඔය අන්‍යාගමිකයෝ වැඩේ වරද්ද ගන්නේ..
    අන්න එදාට ඔය හැමෝටම හමන්නල ගන්න කොන්ද කෙලිං තියෙන රාජපක්ශ කෙනෙක් අපි ගේනව ගේනවමයි..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,035
    113
    නානසාර හිමියන් මෙවර චන්දේ ඉලන්නේ නැතෙයි? ගියපාර චන්දෙ ඉල්ලලා රතන සාදුයි නාන සාදුයි වලියක් තිබුණා නේද පාර්ලිමන්ට් සීට් එකට
     
    • Haha
    Reactions: SLK_sri