‘‘දිට්වාවට‘‘ මාස තුනයි: කෝටි 70 ක් පමණ වටින නවලපිටිය දුම්රිය තවමත් කැලේ මැද!

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව නිසා නාය යමෙන් දුම්රිය මාර්ගයට වූ දැඩි හානි නිසා උලපනේ වරකාපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර වූ දුම්රිය මාස හතරක් තිස්සේ තවමත් එම ස්ථනයේම නවතා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ‍

    කොළඹ සිට මහනුවර නාවලපිටිය හරහා නානූඔය බලා ධාවනය වූ එම දුම්රියේ මැදිරි නමයකි, වායූ සමනය කළ මැදිරිරියක්ද තිබේ.

    එන්ජිම පමණක් රුපියල් කෝටි 20 ක් පමණ වටින , අතර මුලු දුම්රියේම වටිනාකම රුපියල් කෝටි 70 ක් ,පමණ වන බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

    මෙම දුම්රිය අලුත්ම තත්ත්වයේ එකක් වන අතර ,දුම්රිය මාර්ගය ඉතා බරපතළ ලෙස නායයාමෙන් අබලන් වී තිබෙන බැවින් ,මෙම දුම්රිය කිසිදු දුම්රිය ස්ථානයකට ගෙන යා නොහැකි බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.

    දෛනිකව රුපියල් ලක්ෂ 04 ක ආදායමක් ලබන මෙම දුම්රිය මෙලෙස ධාවනය අකර්මණ්‍ය වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව රුපියල් කෝටි ගනනකි.

    මෙම දුම්රිය නවතා තිබෙන දුම්රිය මාර්ගය පිහිටි උලපනේ වරකාපිටිය ප්‍රදේශයේ බරපතළ ලෙස සිදුවී තිබෙන නායයාමෙන් දුම්රිය මාර්ගයටද දැඩි ලෙස හානි සිදුව තිබේ.

    - https://www.lankadeepa.lk/latest_news/දටවවට-මස-තනයනවලපටය-දමරය-තවමත-කල-මද/1-688653

    උඹලට බැරිද බන් ඕක උස්සන් ඇවිත් කොහේ හරි පරිස්සන් තැනකින් තියාගන්න ?
     
    • Haha
    Reactions: nul

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හේ හේ හේ පෙට්ටියෙන් හේ හේ හේ පෙට්ටිය කෑලී කරලා ගෙනියන්න බැලුවේ නැද්ද ඔයාල පොඩ්ඩක් හේ හේ කෑලී කරලා හේ හේ ගෙනියන්න පුලුවන් නම් වෙන තැනක හයි කරලා දුවන්න බැරි නෑ නේ හේ හේ හේ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    රේල්පාරවල් හොයන්න වත් නැතුව කැඩුනාම ඕව කරේ තියාගෙන එන්නද කියන්නෙ ඩෝබියෝ 🤣
     

    Similar threads