අනුර නොදන්න පෝට් සිටිය
================
අනුර සහ පෝට් සිටිය ( වරාය නගරය ) අතර ඇත්තේ අමුඩෙට පු# බඳු වූ අව්යෝජනීය බැඳීමකි. ඔහු කළු ගල් කියුබ් කෝටි 12 ගජබින්නයේ සිට පරිසර හානී ආදී වූ අටෝරාශියක් සම්ප්‍රපලාප සහ මුසාවාද ඇදබාන්නේ රටට කෙළවෙන තෙක් ඇඟිලි ගනිමින් සිටින ඔහු ගේ නූගත් අඳබාල පාක්ෂිකයන් පිනවීමට ය. රට දියුණු වූ විට කෙළවෙන්නේ තමන් ගේ පක්ෂයට බව හොඳින්ම දන්නා අනුර කුමාර මේ සැරසෙන්නේ ජනතාව මුලාකොට වරාය නගරය ව්‍යාපෘතියත් කඩාකප්පල් කිරීමට බව කූඹි පස්සක් තරම් හෝ කූඩා මොළයක් තිබෙන අයෙකු පවා තේරුම් ගැනීමට හැකිය.
අනුර කුමාර වරාය නගරය පිළිබඳව ඊයේ ඇති කරන්නට ගිය හුඹස් බිය ගැන දැන් විමසා බලමු.
අනුර කුමාර
පසුගියදා ආණ්ඩුව තමන්ගේ 2/3 බලය උපයෝගී කරගෙන කොළඹ වරායනගරය ආර්ථික කොමිෂන් සභාව නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා.
ඇත්ත
පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවකට 2/3 බලයක් අවශ්‍ය නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කරන හෝ වෙනත් විශේෂ අණපනත් සම්මත කර ගැනීමක දී හැර පනතක් සම්මත කර ගැනීමට සරළ පාර්ලිමේන්තු බහුතරයකින් වුවද හැකිය.
අනුර කුමාර
මේ කොළඹනගරය ආසන්නයේ ඉදිකරන ලද වරාය නගරයේ අක්කර 1115 ක භූමියෙන් 80%ක් චයිනා හාබර් සමාගමට අයිතියි.
ඇත්ත
කොළඹ වරාය නගරයේ භූමි අවකාශය හෙක්ටයාර 269 ක් නැතහොත් අක්කර 664 ක් පමණි. නමුත් ඒ වටා ඉදිකර ඇති දියකඩනය සහ දියඅගල ද ඇතුලත් සමස්ත අවකාශය හෙක්ටයාර 446 ක් නැතහොත් අක්කර 1102 කි. මෙකී සමස්ත භූමිය ශ්‍රී ලංකා රජයට සින්නක්කර අයිතිය සතු භූමියක් ලෙස පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ප්‍රකාශයට පත් කර ඇත. භූමි අවකාශයේ හෙක්ටයාර 269 න් ගොඩනැගිලි සෑදිය හැක්කේ හෙක්ටයාර 178 ක එනම් අක්කර 439 ක පමණි. සෙසු හෙක්ටයාර 91 නැතහොත් අක්කර 224 වෙන් වන්නේ මහාමාර්ග, වෙරළ තීර, උද්‍යාන, පදික තීරු, ඇල මාර්ග ආදී පොදු යටිතල පහසුකම් සඳහාය. ගොඩනැගිලි ඉදිකල හැකි හෙක්ටයාර 178 න් ව්‍යාපෘති සමාගම වෙත 99 අවුරුදු බදු ලෙස ලැබෙනුයේ හෙක්ටයාර 116 ක් එනම් අක්කර 286 ක් පමණි. ඉතිරි හෙක්ටයාර 62 එනම් අක්කර 153 රජයට ඍජු පරිහරණය හෝ වෙනත් ඕනෑම පාර්ශවයකට ප්‍රතිබදු දීමේ හැකියාව ඇත. ව්‍යාපෘති සමාගමට හිමි වන හෙක්ටයාර 116 ත් ඔවුන්ගේ පරිහරණයට වඩා ඉලක්ක ගත කෙරෙනුයේ තෙවෙනි පාර්ශවීය ආයෝජකයන් වෙත ප්‍රතිබදු ලබා දීමය. සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මුදල ප්‍රතිපූරණය කර ගැනීමේ සැලසුම එයයි. ඒ අනුව ගත් කළ ව්‍යාපෘතියේ සමස්ත භූමි අවකාශය වන අක්කර 1102 න් සමාගම වෙත තාවකාලිකව හෝ ලැබෙනුයේ අක්කර 286 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 25% කි.
අනුර කුමාර
මෙම සමාගම පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ගේ මැතිවරණ වෙනුවෙන් හා අරමුදල් වෙනුවෙන් විශාලලෙස මුදල් පොම්ප කළ බවට තොරතුරු ඉදිරිපත් වුණා. රටේ පොදුනීතියට යටත් නොවන කලාපයක් ලෙස නම් කරන ලෙසට මෙම සමාගමෙන් ආණ්ඩුවට දිගින් දිගට බලපෑම් එල්ල වී තිබුණා. සැබැවින්මමේ පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
ඇත්ත
2018 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් පුවත්පතක් විසින් විකෘති කරන ලද තොරතුරු හා චීනය ලෝකය හමුවේ අපකීර්තියට පත් කිරීමේ චේතාන්විතව ගොතන ලද පුවතකින් චීන වරාය ඉංජිනේරු සමාගම වෙත ඉහත කී අවලාදය එල්ල කරන ලදී. එකී පුවත හා එහි සඳහන් අසත්‍ය කරුණු ප්‍රතික්ශේප කරමින් චීන වරාය ඉංජිනේරු සමාගමේ ඉමළ කළමනාකාරීත්වය එවක මෙරට සිටි චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත මාධ්‍ය හමුවක් පවත්වා කරුණු හෙළිදරව් කෙරිණි. එකී පුවත පදනම් කරගනිමින් මෙම සමාගමට එරෙහිව නඩු පවරන බවට මෙම දේශපාලන පක්ෂය මෙන්ම එවක බලයේ සිටි පක්ෂය ද මාධ්‍ය හමු පවත්වා අවධාරණය කළ ද අද දක්වාම එවැනි නඩුවක් හෝ පැමිණිල්ලක් හෝ විමර්ශනයක් සිදු වී නැත්තේ ඇමෙරිකානු මාධ්‍ය පුවත සම්පූර්ණ අසත්‍යයක් බැවිනි. කොළඹ වරාය නගරය බිහිකිරීමට ආයෝජන සිදු කිරීම විනා ඒ සඳහා වන පනත සම්බන්ධයෙන් ව්‍යාපෘති සමාගමට රජය වෙත බලපෑමක් සිදු කළ නොහැකිය. මෙම නගරය සඳහා වන පනත සැකසීම ආරම්භ වූයේ පසුගිය පාලන සමය වන 2016 දි වන අතර ඔවුන්ගේ මූලිකත්වයෙන් සකසක ලද පනත් කෙටුම්පත අවස්ථා දෙකකදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ශේප කරන ලද්දේ එය රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා අභිබවා යන තරම් ප්‍රබල වීම හේතුවෙනි. ඒ අනුව ගත්කල දැන් ඉදිරිපත් කර ඇත්තේ පෙර කෙටුපත් දෙකට සාපේක්ෂව බලය අඩු පනතකි.
අනුර කුමාර
ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපාය සංවර්ධන පනත ලෙස අපේරටේ සම්මත වූ පනත් දෙකක් තිබෙනවා. ඒ පනත්වලින් විශාල ලෙස බදුසහන ලබා දිය හැකියි. රාජපක්ෂලා ශ්‍රැංග්‍රිලා හෝටලයට වසර 25 කට බදු සහන ලබා දුන්නේත් රනිල්ලා හම්බන්තොට වරාය විකිණිමේදී චීන සමාගමට බදු සහන ලබාදුන්නේත් ඒ යටතේයි. එසේ තිබියෙදී එම පනත්ක්රියාත්මක නොකර වරාය නගරයට අදාළ කොමිෂන් සභාවක් යටතේවෙනම ප්‍රාන්තයකට අදාළ තරම් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දීතිබෙනවා.
ඇත්ත
ආයෝජන මණ්ඩල පනත නැතහොත් මහ කොළඹ ආර්ථික කොමිසම මේ වන විට වසර 43 ට වඩා පැරණි පනතකි. ඒ මගින් එකල ඉලක්ක ගත වූයේ නිෂ්පාදන මත පදනම් වූ ආයෝජන උදාහරණ ලෙස නිමි ඇඳුම්, රබර් නිෂ්පාදන, එකලස් කිරීම් ආදිය දිරි ගන්වා ඒ කේෂ්ත්‍ර සඳහා විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි. ක්‍රමෝපායි සංවර්ධන පනත 2008 දි හදුන්වා දෙන ලද්දේ ආයෝජන මණ්ඩල පනතින් ආවරණය නොවුන සේවා හා වාණිජ්‍ය ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහායි. වරාය නගරය මූල්‍ය හා සේවා කේෂ්ත්‍රය ඉලක්කගත කරගත් ව්‍යාපෘතියක් බැවින් ඊට ආවේනික නීති රාමුවක අවශ්‍යතාව කාලානුරූපිව ගොඩනැගී ඇත.
අනුර කුමාර
වරාය නගරය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත්නොවන විශේෂ කලාපයක් වනවා.
ඇත්ත
පළාත් පාලන ආයතන හා එහි අකාර්යක්ෂමතා පිළිබඳ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දැඩි කතාබහක් පවතින කාලයකි. ඒ සඳහා වන සුදුසු විකල්ප පිළිබඳ කතාබහක් පවතින කාලයකි. වරාය නගරය මේ ඕනෑම අත්හදා බැලීමක් සඳහා සුදුසුම පරිසරය නිර්මාණය කර දෙයි. මෙම ආකෘතිය කාර්යක්ෂම හා ජනතාවාදී සේවා සපයන කලාපයක් ලෙස සාර්ථක වුවහොත් එය රටේ සෙසු ප්‍රදේශ වලට ද ආදේශ කළ හැකිය.
අනුර කුමාර
පළාත් පාලන ආයතන ප්‍රදේශ පාලනය වන්නේ එහි ජීවත්වන ජනතාව ගේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයින් මගිනුයි. එහෙත් වරාය නගරය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් මගිනුයි.
ඇත්ත
මෙරට ජනාධිපතිවරයා පත් වනු ලබන්නේත් මහජන ඡන්දයෙනි.
අනුර කුමාර
එම කොමිෂන් සභාවේ නියෝජිතයන්ට කිසිවක් කිරීමක් වෙනුවෙන් හෝ නොකර හැරීමක් වෙනුවෙන් අධිකරණයේ නඩු පැවරිය නොහැකි මුක්තියක් ලැබෙනවා. එය ජනාධිපතිවරයාට සමාන ආකාරයේ නොවූවත් එවැනි මුක්තියක්.
ඇත්ත
එකී මුක්තිය මෙම පනතට අදාල කටයුතු සඳහා පමණක් බල පැවැත්වේ. ඒ මුක්තිය කවර ආකාරයේ අපරාද වරදක් හෝ මේ පනතේ කටයුතු හිතාමතා පැහැරහැරි අවස්ථාවන් වලදී හෝ රටේ පිළිගත් වෙනත් නීති උල්ලංඝණයකදී කිසිසේත්ම අදාල නොවේ.
අනුර කුමාර
මෙම කොමිෂන් සභාවට විශේෂ මූල්‍ය බලතල ලැබෙනවා. කොමිසමටවෙනම අරමුදලක් පවතිනවා. රාජ්‍ය ආදායම් එකතුවන්නේ ඒකාබද්ධ අරමුදලටයි. එයින් මුදල් ලබාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට එයින් පරිභාහිරව පාර්ලිමෙන්තු අනුමැතිය අවශ්‍ය නොවන වෙනම අරමුදලක් පවත්වාගෙන යා හැකියි.
ඇත්ත
ඕනෑම රාජ්‍ය ආයතනයකට, කොමිසමකට ස්වකීය අරමුදල් පවතින ආකාරයටම වරාය නගර කොමිසමටත් අරමුදලක් පැවතීම සාමාන්‍ය දෙයකි. අනෙක් රාජ්‍ය ආයතන මහජන බදු මුදලින් නැතහොත් පාර්ලිමේන්තු අවසරයෙන් මුදල් ලැබුවද වරාය නගර කොමිසම ස්වකීය අරමුදල් ප්‍රධාන කොටම විදෙස් ආයෝජන වලින් උපයා ගෙන එය රජය වෙත ලබා දීමේ වෙනස් ක්‍රමවේදයකින් ක්‍රියාත්මක වීමට නියමිතය. කොමිසම රටේ ජනාධිපතිවරයාට සහ ඔහු නම් කරන අමාත්‍යවරයෙකුට වග කියන බැවින් අවසානයේ එය රටේ මහජනතාව වෙත සිදු වන වගවීමකි.
අනුර කුමාර
වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට විවිධ බදු සහන ලබාදීමේබලය හිමියි. සාමාන්‍යයෙන් බදු සහන ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවටපමණයි. නමුත් මෙම ‘ප්‍රාන්තය’ට විශේෂ බදු සහන බලය හිමියි.
ඇත්ත
කොමිසම විසින් නිර්දේශ කර සකස් කරන ඕනෑම බදු සහනයක් බලාත්මක වීමට නම් එය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුමය.
අනුර කුමාර
රාජ්‍යයට ලැබෙන මුදල් විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් වෙනවා. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ මුදල් විගණනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් විසිනුයි. එය රාජ්‍ය විගණනයෙන් ඉවත්කරනු ලැබ තිබෙනවා.
ඇත්ත
ව්‍යාවස්ථාවේ 154 වගන්තිය ප්‍රකාරව විගණන කටයුතු ජාත්‍යන්තර විගණන අධීක්ෂණයක අවශ්‍යතාව පෙන්වා දී ඇත. අවසන් විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බැවින් එය හොඳින් අධ්‍යයනය කිරීමේ හැකියාව මහජන නියෝජිතයින්ට ලැබේ.