‘Clean Sri lanka පාරේ කොස් විකුණන්න බෑ’ පුවත සත්‍යයි.. හඬපට අප සතුයි..- අරුණ Full Page අභියෝගයක..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාරේ කොස් විකුණන්න බැරි බවට පසුගිය සතියේ තම පුවත්පත විසින් පළ කළ වාර්තාවේ අකුරක් කොමාවක් නෑර සියල්ල සත්‍ය බව එම පුවත්පත සටහන් කරයි.

    අද දින එම පුවත්පතේ විශේෂ කර්තෘ සටහනක් තබමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වාර්තාවේ සියල්ල සනාථ කිරීම සඳහා අදාල හඬපත වීඩියෝ සාක්ෂි පවා තමන් සතුව ඇති බවයි.

    එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පුවත්පතට චෝදනා කරමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවෙන් පසු අදාළ වාර්තා වීඩියෝ පට ආදිය ලබා දීමට උත්සාහ කළත් දුරකථන ප්‍රතිචාර නොදුන් බවද එම සටහන කියා සිටී.

    අදාළ සම්පූර්ණ කතෘ සටහන මෙසේය.

    පුවත සත්‍යයි


    කර්තෘ සටහන



    ‘ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරේ කොස් විකුණන්න බැහැ’ යනුවෙන් පළ වූ පුවත සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එය සම්පූර්ණ අසත්‍යයක් බවත් එය ද්වේශ සහගතව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට බාධා පැමිණවීමට පළකළ එකක් බවටත් චෝදනා කරමින් පත්තරයත්, ආයතනයත්, හිමිකාරිත්වයත් දැඩි සේ විවේචනය කළේය.


    මේ මොහොතේ පළමුවෙන් එම පුවත සම්බන්ධයෙන් අප ක්‍රියා කළ ආකාරය පැහැදිලි කර දිය යුතුය.


    පනාගොඩ නගරයේ පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදෙන කොස් කපන්නකු ඇතුළු පිරිසක් අතුරුගිරිය පොලිසිය විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ඉවත් කරන්නට යන බවට වාර්තා වූ වහාම අප කර්තෘ මාණ්ඩලිකයා ඒ ගැන සම්පූර්ණ වාර්තාවක් අදාළ වෙළෙන්දාගෙන් ලබාගත්තේය. එම වාර්තාව ලියා ගැනීමට සීමා නොවූ අතර, පටිගත කර ගැනීමටද අප කර්තෘ මාණ්ඩලිකයා කටයුතු කළේය. ඒ වන විටත් ඔවුන්ට අට වැනිදා නඩු පවරන බවත් ඒ කටයුතු සඳහා පොලිසියට එන ලෙසත් පොලිසියම නියෝග කර තිබුණි. නඩු පැවැරීමට පොලිසියට එන ලෙස කියූ බවට ඔවුන් කළ ප්‍රකාශයද අප සතුය.


    සාමාන්‍ය්‍ය තත්ත්වයක් යටතේ පුවත්පත කළ යුත්තේ අදාළ සිද්ධිය ගැන බලධාරීන්ගෙන් විමසා වාර්තාව පුවත්පතේ පළ කිරීමය. එහෙත් අප ඉන් ඔබ්බට ගොස් පුරවැසියකුගේ යුතුකම් පැත්තෙන්ද කටයුතු කළ ආකාරය පැහැදිලි කළ යුතුය.


    පොලිසිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිට දමා පදික වෙළෙන්දන් ඉවත් කිරීමෙන් රජය සද්භාවයෙන් කරන එම වැඩසටහන අවුල් කෙරෙන බව අපි වටහා ගන්නෙමු. අප කර්තෘ මාණ්ඩලිකයා පත්තරේ එය පළ කිරීමට පෙර එම හඬ පටද රජයට සම්බන්ධ පාර්ශ්ව වෙතින් පොලිස්පතිවරයාටත් ඉන් ඉහළින් ඉන්නා බලධාරීන්ටත් යවන්නට කටයුතු කළේය. එහෙත් එය ලැබුණේ දැයි කිව නොහැකිය. පත්තරකාරයින්ගේ රාජකාරියෙන් බැහැරව ගොස් කටයුතු කළේ පොලිසියේ නඩු දැමීමෙන් මේ අහිංසක වෙළෙන්දන්ට වෙන හානිය වළක්වා ගන්නටය. තමන්ගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට බාධාවන මෙවැනි ක්‍රියා වහා වළක්වා ගන්නට ජනාධිපතිගේ බසින් කීවොත් සහකම්පනයෙන් කටයුතු කරවීම අපේ අපේක්ෂාව විය. රජය සමග ද්වේශයක් තිබුණේ නම් සතුරු හැඟීමක් තිබුණේ නම් අප කළ යුතුව තිබුණේ පොලිසිය වෙළෙන්දන්ට කියූ ආකාරයට නඩු දාන්නට සලස්වා ඒ ආකාරයටම රට පුරා කරන්නට ඉඩ දී පසුව එය වාර්තා කිරීමය.


    සතුරා වරදක් කරන විය එය නිවැරදි කරන්නට එපාය යන උපදේශය අනුව නම් අප කටයුතු කළ යුත්තේ එසේය. එහෙත් මෙබන්දක් වළක්වා ගැනීමට කටයුතු කළේ අපට ආණ්ඩුව සමග හතුරු හිතක් නොතිබූ නිසාය. අප වාර්තාව පළ කළේ එසේ ක්‍රියා කිරීමෙන් පසුය. එහෙත් යම් නිලධාරියකු ඒ ගැන මගෙන් විමසුවේ නෑ කියා කියන්නේ නම් අප ඒ ගැන හබ කරන්නට යන්නේ නැත. එසේ නොකරන්නේ අනාගතයක් තියෙන නිලධාරින්ගේ රස්සාවට කෙළින්නට අපිට වුවමනා නැති නිසාය. එහෙත් අපි ලියූ වාර්තාවේ කොමාවටත් අපි වගකියමු. සියල්ල සාක්ෂි පටිගත කළ සාක්ෂි සහිතය.


    අමාත්‍යවරයා මීට ඉහත පත්තරේ පළ වූ වාර්තා හතරක් හුවා දක්වා අරුණ ආණ්ඩුවට සතුරුව කළමනාකාරිත්වය සමග කටයුතු කරන බව ප්‍රකාශ කළේය.


    ජනාධිපතිවරණයේද මහ මැතිවරණයේද ආණ්ඩුව පිහිට වූ පසුද ජාතික ජන බලවේගයද එහි නායකකාරකාදීන් කළ කතා ප්‍රකාශ සේම ක්ලීන් ශ්‍රී ලංකා දියත් කළ දා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පළකිරීමට දුන් ඉඩද කළමනාකාරීත්වය නියෝජනය කරන සර්වජන පක්ෂයට දුන් ඉඩකඩද සන්සන්දනය නොකර ප්‍රවෘත්ති හතරක් හුවාදැක්වීමෙන් පෙනෙන්නේ කුමක්ද? අමාත්‍යවරයාද ආණ්ඩුවද පුවත්පතට සතුරු හැඟීමකින් කටයුතු කරන බවය.


    මේ තර්ජනවලට බිය නොවන ලෙස කියන මිතුරන්ට අප කියන්නේ කුමක්ද?


    මෙයට පෙරාතුව ඒකාධිපති යැයි කියන ආණ්ඩු හමුවේ හතරවැනි තට්ටුවට ගිය අත්දැකීම් අපට ඇත. එහෙත් එයින් අපව සසල කරවීමට නොහැකි වුණා මෙන්ම ඔවුන්ගේ ඒ හැසිරීම් හමුවේ වුව කිසි විටෙකත් සතුරු හිතකින් අප කටයුතු කළේද නැත. මාලිමා ආණ්ඩුව කෙරෙහිද ඒ හැඟීම එසේමය. ආණ්ඩුව කටයුතු කරන්නේ මෙහෙම නම් පොලිසිය ආණ්ඩුවේ මුඛ්‍ය ව්‍යාපෘතියක් කෙරෙහි කටයුතු කරන්නේ මෙහෙම නම් අප හතුරුකම් කරන්නේ කුමටද?නීති රීති පනවා කටයුතු කරන්නට කලින් නිවැරදි වීමට කාලය දෙන බව කියා කියූ කියුම ස්තූතිපුර්වකව භාරගන්නා අප, අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව පුවතේ සත්‍යතාවය අදාළ වාර්තා වීඩියෝ පට ආදිය ලබාදී එතුමා නිවැරදි කිරීමට උත්සාහ කළත් එතුමා දුරකථනයට උත්තර නොදුන්නේය. මේ සටහන ලියුවේ ඒ නිසාය.


    @Walter White me aththada ban
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    Oka iskolayak laga kos wikunana ekata iksolen case eka adala dura diga giya ekak kiyala aranchi.

    Kohomath town wala pare aine anam manam wikunana eka henama karadarayak.
     
    • Like
    Reactions: $onny

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    දිලිත් රොටියා ඵයාගේ මීඩියා හරහා අාණ්ඩුව පෙරළලා බලේ ගන්න හීන මවනවා.😅😅
     
    • Like
    Reactions: pissupoosa jr.

    Similar threads