‘Dangal‘ කෙල්ල හෙට දීපිකා දිල්හානි සමග සටනට

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ‘Dangal‘ කෙල්ල හෙට දීපිකා දිල්හානි සමග සටනට

    මෑතකදී ප්‍රසිද්ධවූ හින්දි චිත්‍රපටයක් වන “දංගල්“ චිත්‍රපටයේ කතා තේමාවට අදාල සත්‍ය චරිතයක් වන ‘බබිතා කුමාරි පෝගට්‘ හෙට ශ්‍රී ලංකාවේ ශූර මල්ලවපොර ක්‍රීඩිකා දීපිකා දිල්හානි සමග තරඟ වැදීමට නියමිත වේ.

    පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ මල්ලවපොර තරඟ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 53 බර පන්තිය යටතේ දීපිකා සහ බබීතා තරඟ වැදීමට නියමිතය. දීපිකා හෙට දිනයේ තවත් තරඟ කීපයකටම සහභාගීවනු ඇත. බබීතා පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ මෙම බර පන්තිය යටතේ රන් පදක්කම හිමිකරගැනීමටද සමත්විය.

    මහාවීර් සිං පෝගට් ගේ චරිතය පදනම් කරගෙන අමීර් ඛාන් විසින් නිර්මාණය කල “දංගල්“ චිත්‍රපටයේ මහාවීර් සිංගේ දියණියන් වන ගීතා කුමාරි සහ බබීතා කුමාරි යන චරිත දෙක මල්ලව පොර පිටියට පිවිසි ආකාරය ගැන කියවේ. එම චිත්‍රපටය තිරගත වනවිටද ගීතා සහ බබීතා ප්‍රසිද්ධ චරිත බවට පත්වී හමාරය.

    දීපිකා දිල්හානි ද මෑත කාලීනව ලංකාවේ බිහිවූ මල්ලවපොර ක්‍රිීඩිකාවන් අතරින් සුවිශේෂ හැකියාවන් ගණනාවක්ම සහිත ක්‍රීඩිකාවක් වන අතර ඇය මෙම තරඟාවලියේ පදක්කමක් ජයග්‍රහණය කිරීමට බොහෝ සෙයින් හැකියාවක් ඇති ක්‍රීඩිකාවකි.

    source - www.her.lk
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    වෙනදට වඩා මේ පාර උන් හොදට කරනවා නේද. සක්කිලි පාලකයෝ හරියට මේ ක්‍රීඩා වලට අනුග්‍රහය දෙනවනම් අපේ උන්ට ඔලිම්පික් ගහන එක ගේමක් නෑ