‘Gota Go Home’ – පොහොට්ටු බල කණුවකින් EROZAN TA දැඩි ප‍්‍රහාරයක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lanka C news | ‘Gota Go Home’ – පොහොට්ටු බල කණුවකින් ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…


    එක් එක් කෙනාට බෝලය පාස්නොකර ජනාධිපති වගකීම බාරගෙන ධුරයෙන් යා යුතු බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.



    යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න දැඩි කැපවීම් කරලා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළා. ඒ පක්ෂය වටේ ඉතා කෙටි කාල සීමාවක් තුළ අතිවිශාල පිරිසක් එක්වෙලා 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණය ජයගත්තා.

    ඊට පස්සේ 2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේදී රට ගොඩ නගයි කියන දැඩි බලාපොරොත්තුව ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළා.

    හැබැයි බලය ගත්ත දා ඉදලා දවසින් දවසින් ජනතාවගේ බලාපොරොත්තු කඩ කරන්න පටන්ගත්තා. ඒක තමයි මේ ව්‍යාකූල තත්ත්වයට මුල. තමන්ගේ මාපියන්ට වගේ ආදරය කරපු පක්ෂ අතහැරලා තමයි පොහොට්ටුව වටේ එකතු වුණේ. එහෙම වුණේ ලොකු විශ්වාසයක් තියාගෙන. සමහරු කියනවා ලක්ෂ 69 ජනවරම ලැබුණේ ගෝඨාභයට කියලා. නැහැ 2018 පළාත්පාලන මැතිවරණයට ඔය කවුරුවත් හිටියේ නැහැ. තනතුරු පරිත්‍යාග කරමින් කැපවීම් කරපු පිරිස නිසයි ඒක ජයග්‍රහණය කළේ.

    දවසින් දවස ආණ්ඩුවට තිබුණ ප්‍රසාදය අඩුවේගෙන ගිය නිසා පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. රටේ නායකත්වය ගත්ත අදූරදර්ශි ක්‍රියාපිළිවෙත හින්දා අද රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙලා තියෙන එක රහසක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දීලා ජනාධිපති හිතනවානම් ගත්ත හොදම තීරණය ඒක කියලා අපිට හිතාගන්න තියෙන්නේ ගොවියට පොහොර නොදී රටට වුණ විනාශය වගේ එකක් කියලා. අද දේශපාලන පක්ෂ සියල්ලම අරාජික වෙලා.අපිත් මුලින් හිටියේ අරගලකරුවන් කියන එක වැරදියි කියලා.

    හැබැයි දැන් අපිට තේරෙනවා අරගලකරුවන් කියන දේ නිවරදියි කියලා. රටේ ජනතාව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට යන්න කිව්වට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කරගත්තේ ජනතාවට උපදෙස් දෙන්න නොවෙයි වැටුණු රට ගොඩ ගන්න. ඒත් මෙතුමා කරන්නේ වෙන එකක්. ඒක හින්දා මම කියන්නේ මේ අගමැතිතුමත් අරගෙන ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා යැයිද හෙතේම වැඩිදුරටත් සදහන් කළේය.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අනේ පව්. ලකුණු ටිකක් දාගන්න හිතිල වගේ. නැත්නම් මැයි 9 v2.0 එකක් උනොත් ගෙවල් දොරවල් ලෙප්ට් වෙයි කියල බය ඇති
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අනේ පව්. ලකුණු ටිකක් දාගන්න හිතිල වගේ. නැත්නම් මැයි 9 v2.0 එකක් උනොත් ගෙවල් දොරවල් ලෙප්ට් වෙයි කියල බය ඇති
    උට තියෙන්නෙ පළාත් සභා මැතිවරණ තිබ්බේ නැති දුක 😂😂
     
    • Dislike
    • Haha
    Reactions: SLK_sri and TechMod