‘PLAY BOY’ ට තෙවැනි වරටත් මංගල සීනු

හියු හෙෆ්නර් කියන්නේ Play boy සඟරාවේ නිර්මාතෘ. ඒ ටික කිව්වම හෙෆ්නර් ගැන වෙන මොනවත් කියන්න ඕනේ නෑ. දැන් මිනිහ ගේ වයස අවුරුදු 84යි. දෙවරක් විවාහ වුණා. දෙවරක් දික්කසාද වුණා. ප්‍රතිඵලය ළමයි හතර දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මේ වෙනකොට නම් හෙෆ්නර් සීයා කියලයි කියන්න වෙන්නේ. ඒත් දැන් තුන්වැනි වතාවටත් කසාද බඳින්නයි යන්නේ.
හියු හෙෆ්නර්ගේ අලුත්ම පෙම්වතිය ක්‍රිස්ටල් හැරිස්. වයස අවුරුදු 24යි. ක්‍රිස්ටල්; ‘ප්ලේ බෝයි’ සඟරාවේ නිරූපිකාවක්.
”මම මංගල මුද්ද දුන්නම එයාගේ ඇස්වලින් කඳුළු පැන්නා. මේ නත්තල ප්‍රීතිමත් මතකයක්..”
හියූ හෙෆ්නර්, කෙටියෙන්ම කතාව කිව්වා. ක්‍රිස්ටල්; හෙෆ්නර්ට වඩා අවුරුදු 60ක් බාලයි. ඒත් දෙන්නම තම තමන්ගේ වයස හංගන්න නිකමටවත් හිතුවේ නෑ. ආදරේට වයසක් නෑ. හැරමිටියයි, තෙල් බෙහෙතුයි බදාගෙන අනේ අනිච්චං කිය කියා හූල්ලනවට වඩා වයස අවුරුදු 84දීත් ප්‍රේමණීය මිනිහෙක් වෙන එක කොයි තරම් වාසනාවක්ද?
හියූ හෙෆ්නර් කැරලිකාරයෙක්. දර්ශනය, සමාජ විද්‍යාව හා තවත් විෂයයන් ගණනාවක් හදාරලා උපාධි සහතික ගොන්නක් අතේ තියාගෙන හියූ මුලින්ම රස්සාව කළේ Esquire සඟරාවේ. ඩොලර් පහක් පඩි වැඩි කෙළේ නෑ කියලා හියූ රස්සාව අත හැරලා ගෙදර ගියා.
ගෘහ භාණ්ඩ උකස් කරලා බැංකු ණයක් ගත්තා. යාළුවන් ගෙනුත් මුදල් ණයට ගත්තා. 1953 දෙසැම්බර් මාසේ මුල්ම Play boy සඟරාව මුද්‍රණය කළේ ඒ සල්ලිවලින්.
කවරෙට දැම්මේ මැරිලින් මොන්රෝගේ නග්න ඡායාරූපයක්. මුල් පිටපත් 51,000 දවසින් දෙකෙන් විකිණිලා අවසන් වුණා. හියු ගේ පළමුවැනි බිරිඳ චිල්වුඩ් විලියම්ස්. ඒත් දෙන්නා 1959 දී දික්කසාද වුණා. ඒකත් රස කතාවක්. දෙවැනි බිරිඳ; කිම්බර්ලි කොන්රඩ් – 2010 දී දික්කසාද වුණා. දැන් ඔහු ක්‍රිස්ටල් හැරිස් කසාද බඳින්න තීරණය කෙළේ අලුත්ම ජීවිතයක් ගැන හිතලයි.
හියු හෙෆ්නර් 1963 දී හිරේ ගියා. අශ්ලීල ප්‍රකාශන මුද්‍රණය කළාය කියන චෝදනාවට. ඒත් අධිකරණයේ ජූරි සභාවට තීරණයක් ගන්න බැරි වුණා. හියූ හෙෆ්නර් හිරෙන් නිදහස් වෙලා සඟරාව නැවත පටන් ගත්තා. සමලිංගික අයිතීන් ගැන මුල් කාලේ ඉඳලම පෙනී හිටිය හියු හෙෆ්නර් සමහරුන්ගෙන් නොසෑහෙන්න බැණුම් ඇහුවා.
සමහර විට හියූ හෙෆ්නර් – ක්‍රිස්ටල් හැරිස් විවාහ මංගල්ලෙට බැරැක් ඔබාමා වුණත් යන්න ඉඩ තියෙනවා. මොකද හියු හෙෆ්නර් කාලයක ඉඳලම ප්‍රබල ඩිමොක්‍රටික් පාක්ෂිකයෙක්. ඒ විතරක් නෙවෙයි Play boy සඟරාවෙන් හම්බ වුණු මුදල් හියු ඩිමොක්‍රටික් පක්ෂයේ අරමුදලටත් දීලා තියෙනවා.

Attachments
Last edited:

ඊට පස්සේ ඉතින් අර ධනස්කන්දයම තමන්ට..