’ඔමික්‍රෝන්’ ආවේ වසංගතය නිමා කරන්න

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    IMG_20211130_093740.jpg


    ඔමික්‍රෝන්' කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය බිහිවූයේ 'කොවිඩ් 19' වසංගතය අවසන් කිරීමට බවය.

    ''වයිරසයකට ඇත්තේ එක අරමුණයි. ඒ, නොනැසී පැවැත්ම රඳවා ගනිමින්, පිටපත් වැඩි වැඩියෙන් නිර්මාණයයි. එසේ කිරීමට නම් එය වැඩි දෙනකු අතරේ පැතිරෙන්න ඕනෑ. වයිරසය ආසාදනය වූ තැනැත්තා වයිරසයෙන් මියගියොත් හෝ ප්‍රතිශක්තියෙන් (ස්වභාවිකව හෝ එන්නත් සහ ඖෂධ මගින් හෝ) වයිරසය අඩපණ කෙරුණොත් වයිරසයට සිය අරමුණ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. වයිරස දරු පරම්පරා විකෘතිකරණයට ලක් වෙන්නේ එසේත් නැතිනම් එය මාතෘ වයිරසයෙන් වෙනස්වීම්වලට ලක් වන්නේ ඒ නිසයි. ඔමික්‍රෝන් ගැන තවම හරිහැටි විස්තර දන්නේ නැහැ. ඒත් දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ට අනුව, බෝ වීම ඉතාමත් වැඩි වුණත්, ඔමික්‍රෝන් බරපතල රෝගී තත්ත්ව පෙන්නුම් කර නැහැ. කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත රැක ගැනීමට වෙන්න පුළුවන්. කොවිඩ් 19 වසංගතයේ පවා අවසානයක් තිබිය යුතුයි. කොවිඩ් 19 වසංගතයට අවසානයක් තිබිය යුතුයි. අවසානය වෙන්න නම් එක්කෝ වයිරසය ලොවෙන් තුරන් විය යුතුයි. නැතිනම් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් දක්වා ප්‍රබලත්වය අඩු විය යුතුයි. මා හිතන්නේ ඔමික්‍රෝන් කියන්නේ එසේ වෙනස් වුණු විකෘතියයි. කොරෝනා වසංගතයේ අවසානය මෙය විය හැකියි.'' යැයි මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් සිය අදහස ඉදිරිපත් කර තිබේ.

    මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් මෙසේ සිය අදහස ලොවට පවසද්දී, බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ද වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් එම අදහසට සහාය දක්වමින් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මකව ලුටර්බාෂ්ගේ අදහස පිළිගත හැකි බවය. කෙසේ නමුත් තවමත් ඔමික්‍රෝන් වයිරසයේ සැබෑ ස්වරූපය නොදන්නා බැවින්, මහාචාර්ය ලුටර්බාෂ්ගේ අදහස පිළිගැනීමට හෝ බැහැර කිරීමට හෝ නොහැකි බව ද ඔවුහු පවසති.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,439
    47,444
    113
    ඵහෙම වෙනවා නම් ලොකු දෙයක් බං..නිදහසේ හුස්මක් ගන්න ඵකත් නැති කරා කැ* චීන්නු..සත්තු ලකී අපිට වඩා බලනකොට.උන් නිදහසේ හුස්ම හරි ගන්නවා...ෂික්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,767
    2,242
    113
    Nugegoda
    ඕම්ක්‍රෝන් එකේ රෝග ලක්ෂණ අනුව දැනට ඩෙල්ටා එක්ක බැලුවාම අඩුයි. හැබැයි එහෙම කියල ඒක බෝවෙන්න අරින එක මෝඩකමක් වෙන්න පුලුවන්. වෛරස් කියන ඒව විකෘති වෙනව, එක එක විදියට. දැන් ඕම්කොන් එක අඩු සංකූලතා එක්ක වැඩි පැතිරීමේ වේගයකින් යනව. හැබැයි කරුමෙට හරි ඕම්ක්‍රේන් එකෙන් පැතිරීම වැඩි භයානක ප්‍රබේධයක් ආවෙත් බඩුම තමයි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,767
    2,242
    113
    Nugegoda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඵහෙම වෙනවා නම් ලොකු දෙයක් බං..නිදහසේ හුස්මක් ගන්න ඵකත් නැති කරා කැ* චීන්නු..සත්තු ලකී අපිට වඩා බලනකොට.උන් නිදහසේ හුස්ම හරි ගන්නවා...ෂික්.
    මෙන්න තොට බැනල කැ* චීනෝ @N A K A M U R A :lol: තොපි මුලු ලෝකෙටම සාපයක් :lol:
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඕක නම් අවසානය වෙන්නේ නෑ. කාලයක් එනව ඔහොම හිතල මිනිස්සු හිත හදාගන්න.. මේ ඒ කාලෙ..ඔය වගේ වයිරස් ලෝකෙන් තුරන් වෙන්න එක්කො මිනිස්සුනට හැදිල හැදිල ම ඇගේ immunity එකක් හැදෙන්න ඕනි. ඒකට අවුරුදු 10 ක් වත් යයි. එහෙම නැත්තම් universal vaccine එකක් හොයාගන්න ඕනි...
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    ඕක නම් අවසානය වෙන්නේ නෑ. කාලයක් එනව ඔහොම හිතල මිනිස්සු හිත හදාගන්න.. මේ ඒ කාලෙ..ඔය වගේ වයිරස් ලෝකෙන් තුරන් වෙන්න එක්කො මිනිස්සුනට හැදිල හැදිල ම ඇගේ immunity එකක් හැදෙන්න ඕනි. ඒකට අවුරුදු 10 ක් වත් යයි. එහෙම නැත්තම් universal vaccine එකක් හොයාගන්න ඕනි...
    pandemic eka iwarai kynne positive cases 0 kiyna eka newei... nkm hembirissawak gaant aduwelaa ynv fatality cases nha kyna eka.. me article eketh kiynne ee gana...