’’අගුලානේ කුඩු සනාගේ’’ කෝටි 30ක දේපල පවරා ගනියි............munge gewa balapallako

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_56e251edc4.jpg


    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බන්ධනාගාර ගතව සිටින "අගුලානේ කුඩු සනා" නැමැත්තාට අයත් උපයා ගත හැකි ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝණදූව ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි තිහකට වැඩි වටිනා දේපල අධිකරණය නියෝග මත පවරා ගැනීමට කටයුතු කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් පිලිබද විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකය පවසයි

    එලෙස පවරා ගත දේපළ අධිකරණය මගින් ලබා ගත් නියෝග මත ඒ ඒ දේපළ පිහිටි බල ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයට ලබා දීමට කටයුතු කල බව ද එම ඒකකය පවසයි

    මෙරට ප්‍රධාන පෙලෙහි මත් ජාවාරම්කරුවකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු වන "අගුලානේ කුඩු සනා" නැමැත්තා සහ සැකකරුගේ මව (කුඩු ශ්‍රිමති) සැකකරුගේ බිරිඳ සහ සහෝදරයා (අගුලානේ පොඩි මෑන්) යන පවුලේ සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවසිටින අය බවත් සියලු දෙනාටම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා වී තිබූ බවටද අනාවරණය වී ඇත

    අදාල දේපල සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කෙරේ
    අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහත්වරුන්ගේ උපදෙස් මත එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රුවන් කාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ජාලගත වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිවංක දසනායක උප පොලිස් පරීක්ෂක සහන් එදිරිසිංහ පොලිස් කොස්තාපල්වරුන් වන 25456 අස්වර් 97501 ජයරත්න මහත්වරු ඇතුලු නිළධාරීන් පිරිසක් විසින් මෙම විමර්ශන සිදු කර ඇත

    image_83d7cccf41.jpg

    image_0b15182565.jpg