“ඔයා දන්නවද අර නංගිගේ රිසාල්ට් ?”

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    “ඔයා දන්නවද අර නංගිගේ රිසාල්ට් ?”

    මට ටිකකට කලින් ආපූ ඇමතුමකට ප්‍රතිචාර දක්වපු ගමන් එහා පැත්තෙන් කතා කරපු කෙනා ඇහුවා.

    “ම්ම් නෑ මං ඇහුවේ නෑනේ...”

    මට ඇත්තටම අදාළ කෙනාගේ ප්‍රතිඵල අහන්න බැරි උනා. කොහොමත් සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා මං එහෙම දේවල් කිව්වොත් මිසක් අහන්නෑ. හේතුව තමයි මගෙන් කෙනෙක් එහෙම අහන එක මට ප්‍රශ්නයක් නොවුණට තව කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියලා මං දන්නවා.

    “එකක් ෆේල් ලූ...”

    “අනේ එහෙම ද ?”

    මට ඇත්තටම ඒ කෙනා ගැන දැනුනේ දුකක් වගේම පුදුමයක්. හේතුව එයා දක්ෂයි. ඒත් කොහේ හරි තැනක වරදින්න ඇති.

    “ඔව් අනේ... මං මේ දැන් එයාලා ගෙදරට කතා කරා ”

    “ගෙදරට ?”

    “ඔව් අනේ එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. ඒ නිසා ගෙදරට ගත්ත. තාත්තා කතා කරේ. එයාගේ රිසාල්ට් අහලා අපේ පුංචිගේ දුවගේ රිසාල්ට් එකත් කියලම ෆෝන් එක තිබ්බා...”

    ඒ ටික ඇහුවාම මට ඇත්තටම හිතුනේ සමහර දේවල් ගැන මිනිස්සු මොන තරම් නම් සංවේදී නැද්ද කියලා.

    ඇත්තටම ඒ ඇමතුම අදාළ පුද්ගලයව කොයිතරම් රිදවන්න ඇතිද ? සමහර විට මගේ යාලුවා අර නංගිට රිද්දන්න හිතාගෙන අහන්න නැතුව ඇති. හැබැයි ඒක එහෙම වෙන්න පුලුවන් නේ කියලා හිතන්නත් එයාට අමතක වෙලා.

    ඔතෙන්දි විතරක් නෙවෙයි එහෙම වෙන තැන් මං තව ඕනේ තරම් දැකලා තියෙනවා. මිනිස්සු කිසිම සංවේදී බවකින් තොරව අනිත් අයව ප්‍රශ්න කරනවා.

    මං දන්නෑ ඇයි එයාලට තේරුම් ගන්න බැරි එහෙම අහන එක අනිත් කෙනාට බලපෑමක් වෙන්න පුලුවන් කියන එක.

    • අවුරුදු තුන හතරකට කලින් මගේ තාත්තගේ හොඳම යාලුවෙක් ලංකාව අතෑරලා පිටරට පදිංචියට ගියා. එයාලට යන්න ප්‍රධානම හේතුව උනේ එයාලට බබාලා නැති එක.

    එයාලා බැඳලා අවුරුදු කිහිපයක් ගත වෙලා තිබුණ නිසා මුණගැහෙන හැමෝම නිතරම අහන ප්‍රශ්නේ බබාලා ගැන. අවසානේ එයාලා දෙන්නටම තදබල මානසික ආතතියකට මූණ දෙන්න උනා. ඒ නිසා එයාලා ලංකාව අතෑරලා ගියා.

    “තාම බබාලා නැද්ද ?”

    ඒක හරි චූටී ප්‍රශ්නයක් තමයි හැබැයි ඒක ඇතුලේ තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වය රැඳිලා තියෙනව. ඉතින් එහෙම ප්‍රශ්න අහන්න කලින් ටිකක් සංවේදී උනා නම්. එහෙම උනා නම් තව කෙනෙක්ගේ හිත රිදෙන එක හරි නැති වෙයි.

    • අවුරුද්දකට විතර කලින් මගේ තාත්තා අසනීප වෙනවා සෑහේන්න බරපතළ විදිහට. මං හොඳටම කඩාගෙන වැටෙනවා. හැබැයි මට ඒක පෙන්නන්න විදිහක් නෑ. මොකද මං දන්නවා මං අඬලා වැලපිලා වැටුනොත් ගෙදර සේරම කඩාගෙන වැටෙනවා.

    ඉතින් මං තනියම තීරණය කරනවා. මං අඬන්නෑ කියලා. කොහොම හරි මං මාව හයිය කරගෙන ඒ වෙලාවේ කරන්න ඕනේ වැඩ ටික කරනවා.

    “තාත්තා අයි සී යූ කියලා ඔයාට ගානක් නෑ නේද ?”

    කෙනෙක් මගෙන් එහෙම අහනවා. ඒ තප්පරේ මට දැනුන වේදනාව මෙහෙම ලියලා ඉවර කරන්න අමාරුයි. ඒත් මං මුකුත්ම කිව්වේ නෑ. හිනාවෙලා කතාව මගෑරියා. කෙනෙක්ව එහෙම ප්‍රශ්න කරන එක අනිත් අයට හරිම ලේසී. හැබැයි ඒක දරාගන්න උත්තර හොයන මනුස්සයට ඒක හරි අමාරුයි.

    මගෙන් ඒ ප්‍රශ්නේ අහපු කෙනා සංවේදී උනා නම් එයාට හිතෙන්න තිබ්බා එයා එහෙම ඇහුවාම මට රිදෙනවා කියලා.

    • “ඇයි හැමෝම මගෙන් තාත්තා ගැන අහන්නේ ?...”

    කාලෙකට කලින් නංගී කෙනෙක් මගෙන් එහෙම ඇහුවේ ඇස් වල කඳුලුත් පුරවගෙන. ඇත්තටම ඒ ප්‍රශ්නේට දෙන්න තිබ්බ උත්තරේ උන්ට පිස්සු කියලා තමයි.

    ඒ නංගිගේ තාත්තයි අම්මයි දික්කසාද වෙලා ඉන්නේ. එයා ඉන්නේ අම්මා ළඟ. සමහර මිනිස්සු ඒක හොඳාකාරවම දැනගෙනම එයාගෙන් ඒ ප්‍රශ්නේ අහනවා.

    සාමාන්‍යයෙන් එයා ඒකට දෙන උත්තරේ තමයි ‘තාත්තා නෑ...’ හැබැයි සමහර අය එතනින් එහාට කතාව නවත්තන්නෙත් නෑ. එතනින් එහාට,

    “තාත්තට මොකද උනේ ?”
    “ඇයි තාත්තා නැත්තේ ?”
    “ඔයාට පාලූ නැද්ද තාත්තා නැතුව ?”

    වගේ ප්‍රශ්නත් ඇහුවාම තමයි සම'හරක් මිනිස්සුන්ට සැනසීමක් දැනෙන්නේ.

    “මිනිස්සූ එහෙම තමයි නංගී එයාලා ප්‍රශ්න කරන්න හරි ආසයි. ඔයා ඕවාට හිත රිද්දගන්න එපා ”

    මං එහෙම කියලා ඒ නංගිගේ හිත හැදුවට ඔය ප්‍රශ්න ආයේ ආයේ ඇහෙන ගානේ ඒ දරුවගේ හිත නොරිදෙනවා කියලා හිතන්න පුලුවන් ද ?

    එහෙම ප්‍රශ්න අහන මිනිස්සු සංවේදී උනා නම් එහෙම වේදනාවක් දැනෙන එකක් නෑ නේද ?

    කෙනෙක්ගෙන් එයාගේ ජීවිතේ දෙයක් ගැන ප්‍රශ්න කරන්න කලින් දෙපාරක් හිතන්න එතන ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට කොහොම දැනෙයිද කියලා. විශේෂයෙන්ම අපි හරියට නොදන්න කෙනෙක්ගෙන් එයාගේ පෞද්ගලිකත්වය ගැන ප්‍රශ්න කරන්න එපා. ඒකෙන් වෙන්නේ අපි සංවේදී නැති වෙලා අනිත් කෙනාට රිදවන්න තියෙන අවස්තාව වැඩි වෙන එකයි.

    ලෙඩක් ගැන, දරුවෙක් ගැන, විවාහය ගැන, රැකියාව ගැන, පවුල ගැන කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න , කෙනෙක්ට උපදෙස් දෙන්න කලින් සංවේදී වෙන්න ඉගෙන ගන්න.

    “මම මේක ඇහුවොත් / කිව්වොත් අනිත් කෙනාගේ හිත රිදෙයිද ?”

    එක තප්පර භාගයක් අරන් එහෙම හිතලා බලන්න. එහෙම උනොත් සෑහේන්න දුරට අපි අතින් කෙනෙක්ගේ හිත රිදෙන එක අඩුවෙයි.

    කෙනෙක් කොයිතරම් සාර්තක ජීවිතයක් ගත කරත් වැඩක් නෑ වෙන කෙනෙක්ගේ අසාර්ථක ජීවිතයක් හෑල්ලුවට ලක් කරන්න තමන් උදාහරණයක් වෙනවා නම්.

    පරමාදර්ශයක් වෙන්න හැබැයි අනිත් අයට නොරිදෙන්න!

    තමන්ට තියෙන දෙයක් ඒ දේ නැති කෙනෙක්ට පෙන්නලා රිද්දන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඔබ ඔබව පෙන්නන්න හැබැයි අනෙකාට නොරිදෙන්න එය කරන්න සංවේදී වෙන්න.

    ඉතින් සංවේදී වෙන්න. පුලුවන් තරම් මිනිස්සුන්ට හිනාවක් වෙන්න උත්සාහ කරන්න වේදනාවක් නොවී.

    මේ ජීවිතේ හරිම කෙටි. මේ ගෙවෙන දවස් වල හැටියට ඊළඟ තප්පරේ පවා අවිස්වාසයි.

    ඒ නිසා පුලුවන් හැමතැනකදිම උපරිම සංවේදී වෙන්න!

    ඒ වගේම ඔබට සංවේදී නොවෙන අය ගැන අමනාප වෙලා ඔබේ හිත රිද්දා නොගෙන හිනාවකින් අතාරින්න.

    මොකද අමනාපකම් තියාගන්නත් අපිට ලැබෙන කාලේ මදි. ඒ නිසා හිනාවෙන්න සතුටින් සැනසීමෙන් ඉන්න ජීවිතේ තප්පර පරිස්සමින් පරිහරණය කරන්න!

    -තාරා-
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Hamogenma ahanne na eth laginma ashraya karana ayata katha karanawa, mokada godak aya exam failure ekedi avul wenawa. E welawata katha nokara ba🙂
     
    • Like
    Reactions: Sasindu Nimsara

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාස් හෝ ෆේල් කවුරු හරි ඇහුවොත් කෙලින් කියාගන්න බැරි එකත් දුර්වලකමක්. තමන්ගෙ රිසල්ට් එක තමන් ඉස්සෙල්ල ඇක්සෙප්ට් කරගන්න ඕනි. ඊට පස්සෙ ඕක ගැන වොරි වෙන්න දෙයක් නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,881
    8,219
    113
    Kotahena
    මම දවසක් මේකේ සේනාල් කියනඑකාට කිව්වා වගේ මතකයි..

    "ඒක ගිහින් උබලගේ කොටි නායකයට කියපං!" කියල කතාවක්...
    පස්සේ මතක් උනේ ප්‍රභාකරන් ගේ ඔලු කට්ට කුඩුවෙන්න ස්නයිපර් ෂොට් එකක් ආමි එකෙන් වැදුන කියල..
    මන් aahh සොරි අමතක උනා ප්‍රභාකරන් මලා නේ. ඔලුව කුඩු උනානේ. සොරි කියල පස්සේ කිව්වා.

    මට සංවේදී වෙන්ඩ අමතක උනා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    තව මේ වගේම දෙයක් තමා කොල්ලෙක්ගේ කලින් කෙල්ල ගැන වර්තමාන තත්වේ ගැන ඒ කොල්ල ඉස්සරහ කියන්න එපා ඌ අහන්නේ නැතුව ඒ කොල්ලට තාමත් කෙල්ලෙක් නැත්තන්.

    Trust me, That's hurts so fucking bad.. 😥
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Hamogenma ahanne na eth laginma ashraya karana ayata katha karanawa, mokada godak aya exam failure ekedi avul wenawa. E welawata katha nokara ba🙂
    පාස් හෝ ෆේල් කවුරු හරි ඇහුවොත් කෙලින් කියාගන්න බැරි එකත් දුර්වලකමක්. තමන්ගෙ රිසල්ට් එක තමන් ඉස්සෙල්ල ඇක්සෙප්ට් කරගන්න ඕනි. ඊට පස්සෙ ඕක ගැන වොරි වෙන්න දෙයක් නෑ.

    තේරුම් අරන් තියෙන හැටි පේනවනේ...සංවේදී කම ගැන කවර කතාද___
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Good morning ban :)

    Good Morning//

    qODO6eP.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මෙහෙමයි බ්‍රෝ මිනිස්සු තව කෙනෙක්ගෙ විස්තර අහන්නෙ ඒ මනුස්සයට රිද්දන්න හිතන් නෙමේ. (එහෙම අයත් ඇති සුළුතරයක්). මිනිස්සු කැමතියි තව කෙනෙක්ගෙ ජීවිතේ දේවල් හොයල දැනගන්න. ඒකෙන් තමයි දෙන්නෙක් අතර bond එක වැඩිවෙන්නෙ.

    අපි මිනිස්සු විදිහට දැනගන්න ඕනෙ තමන්ගෙ ඇත්ත ස්වභාවය accept කරන්න. විභාගෙක රිසාල්ට් එනව වගේ කලබල වෙලාවක මේක ටිකක් අමාරු වෙන්න පුලුවන්. ඒත් ටික දවසක් යද්දි තමන්ට හයිය තියෙන්න ඕනෙ තමන් ෆේල් බව බය නැතුව කියන්න. ඊට පස්සෙ තමන් එතනින් එහාට පුලුවන් විදිහට ජීවිතේ ගොඩ දාගන්න බලන්න ඕනෙ.

    තමන් මහත් වෙලානන් කෙට්ටු වෙලානන් ඒක accept කරන්න ඕනෙ. ඊට පස්සෙ ඒ දේවල් හරි ගස්සගන්න වැඩ කරන්න ඕනෙ හොද විදිහකට. එහෙම නැතුව මිනිහෙක් ඔයා මහත් වෙලානෙ කිවුවම ඇඩෙන්න එනවනන් ඒක තමන්ගෙ පර්සනලිටි අවුලක්. කවුරුත් මං හිතන් නෑ ඒ වගේ දෙයක් මිනිහෙක්ට රිද්දන්න හිතන් කියනව කියල. They are just casual conversations. ගොඩක්ම ඔහොම හිත රිදෙන්න හේතුව තමන් හිතෙන් ෆැන්ටසියක ජීවත් වෙන එක.

    දරුණු ලෙඩක්, මරණයක් වගේ අවස්ථා ගැන නෙමේ මං කිවුවෙ. ඒවයෙදි මේක ගැලපෙන් නැති වෙන්න පුලුවන්.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මමත් කවදාවත් කාගෙවත් රිසාල්ට් අහන්නෙ නෑ ඒක ප්‍රතිපත්තියක් මගෙ.තුවාලෙ තියෙන එකා තමා අමාරුව දන්නෙ . මොකෝ අපි රිසාල්ට් දැන ගත්ත කියල වෙනස් කරල දෙන්නද . දැන් කාලෙ ඉන්න එවුන් නම් හිතක් පපුවක් තියෙන උන් නෙවේ අරූගෙ මුගෙ ඕප හොයල සතුටු වෙන එවුන් උන් බලාපොරොත්තු වෙච්ච උත්තරේ නැතිඋනොත් බලන්න ඕනෙ උන්ගෙ මූන කජුලෙල්ල වෙන හැටි .මොලයක් තියෙන්න ඕනෙ මනුස්සයෙක්ට හිත නොරිදෙන්න කතා කරන්නත්.80% විතර සමාජය ඔහොම තමා.. මනුස්සයෙක් හම්බුනාම කාලද බීලද ඉන්නෙ ,සැප සනීප අහනව වෙනුවට දුවගෙන එන්නෙ ඕව අහන්න තමා ලැජ්ජ නෑ හිංගලුන්ට 😌😌.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    මෙහෙමයි බ්‍රෝ මිනිස්සු තව කෙනෙක්ගෙ විස්තර අහන්නෙ ඒ මනුස්සයට රිද්දන්න හිතන් නෙමේ. (එහෙම අයත් ඇති සුළුතරයක්). මිනිස්සු කැමතියි තව කෙනෙක්ගෙ ජීවිතේ දේවල් හොයල දැනගන්න. ඒකෙන් තමයි දෙන්නෙක් අතර bond එක වැඩිවෙන්නෙ.
    It's not about the bond. Sorry to burst your bubble.

    There is no empathy with these questions. The majority takes pleasure by listening to the problems of others. It's your call whether you are fine or don't care to give them that pleasure or not.

    If you analyze it further, it's not really about wishing bad on other people. It's more about feeling relaxed about their own problems by listening to someone else having a worse situation.

    Your "loving bond" scenario will apply to parents (for 99% of cases this is true). And anyone else who has a direct impact on their lives with the problems you are facing will also listen with empathy because it matters to them also (e.g your wife or children).
     
    අනේ බන් මේ උබල හිතන විදිහට මේ හැමෝම අනිත් උන්ගෙ දුක අහල සතුටු වෙන්න නෙමේ එක්සෑම් එකක රිසාල්ට් ආවම කෝල් කරල අහන්නෙ. තමන්ගෙ යාලුවෙක් නෑදෑයෙක් උනාම මිනිස්සු කැමතියි ඒ ලමය පාස්ද නැද්ද දැනගන්න. හොද රිසාල්ට් එකක් ගත්තම අවංකවම සතුටු වෙන මිනිස්සු කොච්චර ඉන්නවද?
    හැම එකම negative හිතුවම තමයි හැම දේම negative ම පේන්නෙ. උබ නිකමට හිතපන් උබේ සහෝදරයෙක්ගෙ සහෝදරියෙක්ගෙ ලමයෙක්ගෙ OL, AL රිසාල්ට් දන්නැත්තන් ඒ බැදීම් මහ ලොකු ඒවා වෙන්න බෑ. කවුරුහරි එහෙම අහන එක හොද නෑ කියල හිතලම අහන් නැත්තන් ඒක වෙනම දෙයක්. මාත් ටිකක් වැඩ අවුල් කරන් වගේ ඉදපු ලමයෙක් නන් අහන්න යන්නෙ නෑ. හොදට වැඩ කරපු ලමයෙක් නන් අහනව කොහොමද මල්ලි රිසාල්ට් කියල. බැරිවෙලාවත් ඌ රිසාල්‍ට් අඩුනන් උබ කියන විදිහට අපිට පට්ට සතුටක් එන්න ඕනෙ. උබ සමහරවිට හිතන්නෙ පතන්නෙ ඒ විදිහට වෙන්න ඇති ඒකයි උබට එහෙම හිතෙන්නෙ. අපිටනන් එහෙම දෙයක් කිවුවම උගෙ හිතත් හදල ඌට යන්න පුලුවන් path ගැනත් කියනව පුලුවන් විදිහට.
     
    No need to personally attack me....
    I recognize your right to have your opinion...do extend the same courtesy.

    Now, about your last part, I don't go around and ask about personal situations from friends, neighbors or even extended family. ( I will do that for my immediate family, because they are my responsibility). But if someone reach out to me and ask for an advice with regard to a personal situation (could be exams or not what not), I do my best to provide the help/guidance I can.

    My theory has nothing to do with seeing negativity in everything.
    So don't put words into what I said.

    It's about letting people decide for themselves what they want to share with us or what they would like to keep to themselves. Respect that right of other people.