“ඔලිම්පික්_ගිනිසිළුව“_ලෝකේ වටේ අරගෙන දුවන #

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    “ඔලිම්පික්_ගිනිසිළුව“_ලෝකේ වටේ අරගෙන දුවන #

    ගින්දර... :rofl:

    ගින්දර කිව්වාම ඉතින් මිනිස්සුන්ට වැදගත් වගේම මිනිසාව විනාශ කරන්නත් පුළුවන් දෙයක්... :P

    පුරාණ ග්‍රීකයන් විශ්වාස කල ආකාරය ගින්දර ඔවුන්ට නැතිනම් මිනිසුන්ට ලබා දුන්නේ සියුස් දෙවියන්ගෙන් එය සොරකම් කොට ප්‍රොමීතියස් නැමැති දෙවියන් විසිනි. :P

    ක්‍රි.පු.776 ග්‍රීකයන් ප්‍රථමවරට ඔලිම්පික් තරඟාවලියක් පවත්වා ඇති අතර සෑම සිව්වසරකට වරක් ඔලිම්පියා හීදී සියුස් ඇතුලු ඔවුන්ගේ සියලු දෙවිවරුන්ට ගෞරවයක් ලෙසින් එය පවත්වාගෙන ගොස් ඇත. :D

    ඒත් මේ කියන්න යන්නේ ගින්දර ගැනවත් ඔලිම්පික් උළෙල ගැනවත් නම් නෙවේ.. :baffled:

    ඊට පෙර කතාබහ කරන ඒ කියන්නේ මාස කිහිපයකට කලින් වැඩි ප්‍රසිද්ධියක්ම නැති ඔලිම්පික් වල තව වැදගත් වුනු කාර්ය භාරයක් ගැන... මොකක්ද ඒ?? :eek:

    අහලා තියෙනවා නේද? අර රටවල් පුරා ගෙන යනවා කියන ඔලිම්පික් ගිනිසිළුව.. :rolleyes:
    Chamikawpblogspotcom03-5.jpg

    අන්න ඒ දන්න ගිනිසිළුවේ (නො)දන්න පැත්ත ගැන.. :yes:


    ඒ විදියට ආරම්භ වුන ඔලිම්පික් තරඟාවලියේදී අපිට නැතිනම් මිනිසාට ගින්දර ලබා දීම සිදුකල ප්‍රොමීතියස් සමරනු සඳහා ගිනි සිලුවක් දල්වා සෑම ක්‍රීඩකයකුම අනිවාර්යයෙන්ම අතින් අත යවමින් එය ග්‍රීසිය පුරා ගෙන ගොස් ඔලිම්පියාහි “හේරා“ දෙවගනට අයත් දේවස්ථානයක අල්තාරයක් මත විශාල තැටියක් දැල්වීම කර තිබුනි. එය මුලු තරඟාවලිය පුරාම දැල්වෙන්නට හරින්නේ එමගින් සාමය,පිරිසිදුකම ලබා දෙන බව විශ්වාස කරමිනි. :D

    අතීත කතාව එහේම වෙද්දී 1896 දි නැවත වතාවක් මේ ඔලිම්පික් තරඟ ලෝකයට හදුන්වා දුන්නේ ග්‍රීසියේ ඇතැන්ස් හි පවත්වමින්...:yes:
    ඒත් මේ ගිනි සිළුවේ කතාව නම් ඒ තරඟාවලියේ තිබුනේ නෑ.. :P


    එත් 1928 ඇමස්ටර්ඩෑම් නගරයේ පැවැත්වුනු ඔලිම්පික් තරඟාවලියේ දී ගිනි සිළුව ලොව පුරා ගෙන නොගියත් අල්තාරයක් මත එය දල්වා තබන්නට කටයුතු කෙරුනා.. :yes:

    කාලය ඔහෝම යද්දී 1936 ජර්මනියේ බර්ලින් හි පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියට ගිනි සිළුව ගෙන යාම නැවත ඇති කල යුතු බවට ජර්මානු ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරයකු හා ඔලිම්පික් සංවිධාන කමිටුවේ සමාජිකයකු වු Carl Diem විසින් සිදු කරනු ලැබුවා. :D

    තවද එය අතීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා වර්තමාන ඔලිම්පික් උළෙල සම්බන්ධය ඇති කරලීම උදෙසා ග්‍රීසියේ ඔලිම්පියාහීදී දැල්විය යුතු බවත් ඔහු කියා සිටි අතර එලෙසම එය ග්‍රීසියේ ඔලිම්පියාහීදී දල්වා ජර්මනියේ බර්ලින්හි ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනයට ගෙන එනු ලැබුවා.. :D


    එලෙස නැවත ආරම්භ වුනු ඔලිම්පික් ගිනි සිලුව 1952 දී ශීත ඔලිම්පික් උලෙළට හදුන්වා දුන් අතර එවර එය දැල්වුයේ ග්‍රීසියේ ඔලිම්පියාහීදී නොවිනි.නමුත් 1964 ඔස්ට්‍රියාවේ ඇමස්ට්‍රඩෑම් ශීත ඔලිම්පික් උලෙලේ සිට සෑම ඔලිම්පික් උළෙලකම ආරම්භයට දින 80 ක පෙර ග්‍රීසියේ ඔලිම්පියාහීදී ගිනි සිළුව දැල්වීම සිදුකරනු ලබයි. ඒ “හේරා“ දෙවගනට අයත් දේවස්ථානයක නටඹුන් අතරදී හිරු එලියෙන් දල්වා ග්‍රීසිය වටේ ගෙන ගොස් ඇතැන්ස් හි Panathenaiko ක්‍රීඩාංගනයේ උත්සවයකට පසුව ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා ගෙන ගොස් ආරම්භක අවස්ථාවට ගෙන යාම සිදුකරනු ලබයි. එයින් දල්වන අල්තාරය උලෙල අවසන් වනතුරුම දල්වා තබයි. :D

    Chamikawpblogspotcom08-1.jpg


    එලෙස ග්‍රීසියේ ඔලිම්පියාහීදී දල්වන ගිනිසිළුව මුල් කාලයේ නිර්මාණය කලා වු ගිනි සිළු එතරම් වෙනසක් වගේම අලංකාර නොවුවත් කාලයත් සමඟ එය විවිධ ආකාරයෙන් නිර්මාණය කිරීමට පුද්ගලයන්, කණ්ඩායම් උත්සහ ගත්තා.. :yes:

    1960 John Hench නැමැති ඩිස්නි සමාගමේ සේවය කල පුද්ගලයා නිර්මාණය කල ගිනි සිළුව වර්තමානයේ ගිනි සිළුවේ හැඩයන් ගේ ආරම්භය විදියට දැක්වෙනවා..වර්තමානය වෙද්දී ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන රටට,සංස්කෘතියට ආවේනික හැඩ තල යොදමින් නිර්මාණය කිරීමට කටයුතු කරනවා... :D
    අවුරුදු හතරෙන් හතරට වෙනස් කම් සිදුකෙරුණත් එහි නොවෙනස් වෙන දේවල් තුනක් ද තියෙනවා... :D
    ගිනි දැල්ල සදහා අවශ්‍ය තෙල්
    තෙල් දැල්වෙන ක්‍රමය
    අඩු බර හා ආරක්ෂාවයි

    එහිදි දැල්වෙන ගිනි දැල්ල මුලු ගමනා ගමනයේදී දැල්වී තිබිය යුතුය.. :yes:

    එය සුළඟ,වැස්ස, හිම ආදි විවිධ කාලගුණ තත්වයන්ද, කදු,කාන්තාර, සාගර ආදි සියලු පරිසරයන්ගේදීද දැල්වී තිබෙන ලෙස තිබිය යුතුය. :baffled:

    සාමාන්‍ය යෙන් බර රාත්තල් 3-4 අතර තිබීම ( 1.4Kg -1.8Kg)

    එය රැගෙන යන්නාගේ අත රත් වීමෙන් වැලක්වීමත් සම්පුර්ණ දුර හා ඊට වැඩි වන ලෙස දැල්වී තිබීම සඳහා අවශ්‍ය තෙල් රඳවා තිබීමත්, ඕනෑම කාලගුණ තත්වයකදී පැහැදිලිව දැකිය හැකි පැහැදිලි ගිනි දළු සහිතව විය යුතුය. :baffled:


    2000 දී පැවැති සිඩ්නි ඔලිම්පික් තරඟාවලියේදී මහා බාධක පරය හරහා සයුර යටින් ගෙන යාමට විශේෂිත ලෙස ගිනි සිළුව නිපදවා තිබුනි. :nerd:

    ඉහත කරුණු සහිතව නිර්මාණයන් සිදු කරනා පුද්ගලයන්, කණ්ඩායම් තම නිර්මාණය ඔලිම්පික් කමිටුවට හා එහි නිර්මාණ කමිටුවට ඉදරිපත් කරමින්, විවිධ කාලගුණ තත්වයන් යටතේ පරීක්ෂා කොට බලා තව තවත් දියුනුකල අවසානයේ කමිටුව මගින් එක් නිර්මාණයක් ඔලිම්පික් උලෙලේ නිල ගිනි සිළුව ලෙස තෝරා ගනු ලබයි.


    දන්නවාද? :P

    ඉන් පසුව එවැනි පහන් සිළු 10,000 – 15,000 ක් අතර ප්‍රමාණයක් නිර්මාණය කරනු ලබයි. එය රැගෙන යාමට නම් ලබනු පුද්ගලයන්ට අවශ්‍යනම් එය සිහිවටනයක් ලෙස මිලදී ගැනීමටත් හැකි ලෙසයි.:D


    මේ තියෙන්නේ 1936 සිට ඔලිම්පික් තරඟ සදහා යොද ගන්නා ලද ගිනි සිළු සියල්ලේම එකතුවක්... :D

    Chamikawpblogspotcom02-5.jpg


    Chamikawpblogspotcom04-3.jpg


    Chamikawpblogspotcom05-5.jpg


    Chamikawpblogspotcom07-3.jpg


    Chamikawpblogspotcom06-3.jpg


    බලන්න ලස්සනම එක මොකක්ද කියලා...:P


    ආ...
    10.gif

    මේ වෙබ් අඩවියේ තියෙනවා මේ එක එක ගැන විස්තර වෙන වෙනම...

    ඒ ගැන මෙතනින් බලන්න :D


    අතීතයේ ගිනි සිළුව දැල්වෙමින් තැබීමට වෙඩි බෙහෙත් හා ඔලිව් තෙල් මීශ්‍ර කර සාන්ද්‍රණයක්ද, පසුව කපුරු ආදිය යොදා ගනිමින් තිබු අතර ඒවා යේ යම් භයානක තත්වයක්ද වු අතර 1956 ඔලිම්පික් උලෙලදී මැග්නීසියම් හා ඇලුමීනයම් යොදා ගැනීම නිසා එය රැගෙන ගිය පුද්ගලයාගේ අතට හානි සිදුව තිබුනි. 1972 සිට ඒ සඳහා දියර වර්ග යොදා ගැනීම ආරම්භ කොට තිබුනා.. :yes:

    වර්තමාන ගිනි සිළුවක් නිර්මාණය කොට ඇති අයුරු.. :nerd:
    Chamikawpblogspotcom09-1.jpg


    වර්තමානයේ බොහෝ විටම සිගරට් පත්තු කිරීමට යොදා ගන්න ලයිටර සඳහා යොදාගන්නා බෘටේන් වායුව හා ප්‍රොපේන් වායුව මිශ්‍ර කොට සාදා ගත් මිශණයක් භාවිතා කරනු ලබයි. :D

    දිනයක අවසානයේ එය තබා තිබෙන්නට එයටම විශේෂ වු කන්ටේනරයක්ද තිබේ. එලෙසම එක් රටක සිට තවත් රටකට ගුවන් යානයක් තුලින් ගෙන යාමේදී, ඒ තුල රැගෙන යාමටද ලාම්පුවක ක්‍රමයක් යොදා ගනු ලබයි. :D


    ගිනි සිළුව ගෙන යාමට සුදුස්සන් වීමේදී වයස අවු 14 වැඩි වීමත්, එය මීටර 400 වැඩි දුරක් ගෙන යාමට හැකියාව තිබිය යුතුවේ.. :yes:

    අබාධිත පුද්ගලයකුට වුවද තම රෝද පුටුවේ උදව්වෙන් එය රැගෙන යාමට අවස්ථාව ලබා දී ඇත.එය රැගෙන යාමට අවස්ථාව ලැබීම ඉතා උසස් අවස්ථාවක් බව බොහෝ දෙනා සලකන අතර යම් රටක ක්‍රීඩකයන්,නලු නිළියන්,සංගීතඥයන්,දේශපාලනඥයන් හා රට වෙනුවෙන් කැපවුනු පුද්ගලයන් ඔලිම්පික් සංවිධායකයන් විසින් තොරා ගන්නා අතරම එහි අනුග්‍රහකයන් අතරින් තෝරා ගත් පුද්ගලයන්ටද එම අවස්ථාව හිමිවේ. :D

    Chamikawpblogspotcom10-11.jpg



    ඔලිම්පික් පැරණි මතකයන් ටිකක් මෙතනින් බලන්න පුළුවන්.... :yes:

    එලෙස ගෙන යන ගිනි සිළුව රැගෙන යන්නා පසුපසින් ආරක්ෂකයින්,ප්‍රථමාධාර කණ්ඩායම්, මාධ්‍ය වේදීන් වගේම අතිරේකව ගිනිසිළුව ගෙනියෑමට පුද්ගලයකුද ගමන් කරනුයේ හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහායි. :P

    ඒ ඔලිම්පික් ගිනි සිළුවේ අපි (නො)දන්න සැගවුනු කතාවයි. :rofl:

    මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට තව ඇත්තේ දින කිහිපයයි.. :yes:

    මේ තියෙන්නේ මෙවර ලන්ඩන් ඔලිම්පික් උලෙල සදහා තෝරා ගනු ලැබු නිල ඔලිම්පික් ගිනි සිළුවයි. එය නිර්මාණය කොට තිබෙන්නේ බටහිර ලන්ඩනයේ වාසය කරන Edward baber සහ Jay Osgerby යන දෙදෙනා විසිනි. රන් ආලේපිත ඇලුමීනියම් හා ඇලොයි තහඩුවෙන් නිර්මාණය කර ඇති මෙහි බර ග්‍රෑම් 800 කි. එහි බර අඩු කිරීම සඳහා ගිනි සිළුව වටා සිදුර 8000 ක් නිම කොට ඇත. එහි හැඩය ත්‍රිකෝණාකාරයි.

    Chamikawpblogspotcom01-7.jpg


    නගර 1,018 පුරා මුහුදු මට්ටමෙන් 1,085 උසටත් යමින් ලොව පුරා කිලෝමීටර 12,800 ක් ගමන් කර ජුලි 27 වැනිදා ලන්ඩන් ඔලිම්පික් උළෙල ආරම්භ කරනු ඇත. :D


    වෙනදා වගේම තොරතුරු ජායාරෑප සියල්ල අන්තර්ජාලයෙන් තමා සොයා ගත්තේ...
    7.gif

    වැදගත් වෙයි කියලා හිතනවා! එහේම හිතුනනම් අදහසක් දාලා යන්න අමතක කරන්න එපා...
    11.gif


    සාමය, එක්සත්කම ලොවට පෙන්වන මේ ගිනි සිළු තව ඉස්සරහාට යද්දී මොන මොන ජාතියෙන් ඒවිද දන්නේ නෑ නේද?...
    7.gif

    අනාගතේ එකක් හදන්නවත් වැදගත් වෙයි නේ ..!
    :yes:

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]

     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
    තෑන්ක්ස් මචන්
    රෙප් දුන්නා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි අයියා
    මේ දවස් වල ඔලිම්පික් උණුසුම එන එන්න වැඩි වෙනවා
    ගින්න තවත් තද වෙනවා
    මරු විස්තරේ වෙනද වගේම පට්ට ත්‍රෙඩ් එක

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නීයමයි චාමික ආයියෙ:P වෙනදා වගෙම සුපිරි ත්‍රෙඩ් එකක්:cool:
    ජයවේවා
    11.gif