“ඔස්කාර් සම්මාන“උළලේ රසවත් කතාව-A History of the Oscar and How it Got its Name!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    “ඔස්කාර් සම්මාන“උළලේ රසවත් කතාව-A History of the Oscar and How it Got its Name!



    MGM ස්ටුඩියෝ හි ප්‍රධානියා වුන Louis B. Mayer මහත්තයාහා ඔහුගේ අමුත්තන් තිදෙනා වු චිත්‍රපට නළු Conrad Nagel, අධ්‍යක්ෂ Fred Niblo හා නිෂ්පාදක වු Fred Beetson සිව්දෙනාගේ රාත්‍රි ආහාරය අතරතුර මාතෘකාව වී තිබුනේ බොලිවුඩ් සිනමාව ඉදිරියට ගෙන යාමට යම් කිසි සංවිධානාත්මක කණ්ඩායමක් හා අගය කිරීමක් කල යුතු බවයි.ඒ 1927මුල භාගයේදීයි.

    Chamikawpblogspotcom3_zps89a03544.jpg




    ඊළග සතියේ ඔවුන් රාත්‍රී ආහාරයක් පිළියෙල කලේ එකල සිනමා කර්මාන්තයේ වැදගත් සියල්ලන්ටම ආරාධනය කරමිනි.



    Chamikawpblogspotcom2_zpsc77a8360.jpg

    1927 ජනවාරී මස 27 වැනිදා ලොස් ඇන්ජලිස් හි Ambassador හෝටලයට රැස්වු 36 දෙනෙකු වු පිරිස එකතුව International Academy of Motion Picture Arts and Sciences(AMPAS) යෝජනාව සම්මත කරගනු ලැබුවා..
    පසුව එහි International යන්න ඉවත්ව යන ලදි.

    1927 මැයි 11 වැනිදා ලාභ නොලබන ආයතනයක් ලෙස අමුත්තන් 300 සහභාගීත්වයෙන් ප්‍රථම රැස්වීම පැවැත්වු අතර ඇකඩමියට $ 100 මුදලක් එක අයකු ගෙවමින් 236 දෙනෙකු එහි සමාජිකත්වය ලබා ගන්නා ලදි. ඒ Biltmore හෝටලයේදීයි. එහිදි ප්‍රථම ගෞරව සමාජිකත්වය දෙනු ලැබුවේ Thomas Edison මහතාටයි.

    Chamikawpblogspotcom5_zpsbe6c6fc5.jpg

    එහිදි කොටස් 05 කට සංවිධානය වර්ග කරන ලදි. එනම් , නළුනිළියන්, නිෂ්පාදකයන් , අධ්‍යක්ෂකයන්, තිර රචකයන් හා කාර්මික වශයෙනි.
    1928 දී ප්‍රථම ඇකඩමි සම්මාන උලෙල සඳහා හත් දෙනෙකුගෙන් යුතු කමිටුවක් විසින් වර්ගීකරන 12 යටතේගෞරව සම්මාන බෙදා දීමට අදහස් කරන ලදි.

    එය 1929 මැයි 16 වැනිදා නිල වශයෙන් බෙදා දෙනු ලැබුවේ Roosevelt හි පැවැති black-tie ලෙස පැවති රාත්‍රී සාදයකදීයි. (සවස 6 පසුව පැවැත්වෙන රාත්‍රී සාදයක් වන අතර ඒ සඳහා පිරිමි අය කලු කෝට් ඇදුම හා කළු බෝ එකක් පැලදිය යුතු උත්සවයක් වේ. වැඩි විස්තර මෙතනින්.. ) ඒ 1927 අගෝස්තු 01 දා සිට 1928 ජුලි 31දක්වා කාලය තුලදී තිරගත වු චිත්‍රපට සඳහායි.



    Chamikawpblogspotcom4_zps9aa47b40.jpg
    වර්තමානයේ වඩාත් උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස පිළිගැනෙන “ඇකඩමි සම්මාන උලෙළ නැතිනම් “ඔස්කාර් සම්මාන උළෙලේ ඇරඹුමයි.“ අද චාමිකයගේ මාතෘකාව ඒ ගැනයි..


    ඒ 86 වැනි “ඇකඩමි සම්මාන උලෙළ” ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර Dolby Theatre හි පැවැත්වීමට නියමිතයි..



    Chamikawpblogspotcom6_zpsa5a99daf.jpg
    ආසන 3300 සමන්විත එම ශාලාවේ රතු පලසේ දිග පමණක් අඩි 500ක් වෙනවා... එලෙසම වාර්තාකරුවන් වෙනුවෙන් ඒ දෙපස ආසන 700 පිහිටුවා ඇත.
    Chamikawpblogspotcom7_zpsa92e0a4a.jpg

    ලොව පුරා රටවල් 200 කට අධික ප්‍රමාණයක මෙය විකාශය වන අතර 1976 සිට ‍ABC නාලිකාව මෙය මේ දක්වාම නොකඩවා විකාශය කරනවා.. 85 වැනි උලෙළ ඇමරිකාවේ පමණක් මිලියන 40.3 පමණ රූපවාහිනියෙන් නරඹා ඇති බව පැවසේ..
    ඉහත විස්තර කිව්වට මේ ලිපියේ වැඩිපුරම කතා කරන්නේ නම් ඒ සම්මානය ගැන තියෙන නොදන්න තොරතුරු ගැන කියවලා බලන්නකෝ... ඒ වගේම අදහස් එකතු කරන්නත් අමතක කරන්න එපා.. ජායරූප විස්තර සියල්ලම අන්තර්ජාලයෙන් තමා උපුටා ගත්තේ...
    ලොව බොහෝ දෙනා අසා තිබෙන, දුටු සැනින් සම්මානය කුමක්දැයි හදුනා ගන්න සම්මානය බොහෝවිටම ඔස්කාර් සම්මානයයි.
    Chamikawpblogspotcom8_zps439a6947.jpg
    එය MGM ස්ටුයෝවෙහි කලා අධ්‍යක්ෂ වරයා වු Cedric Gibbons විසින් සැලසුම් කරන ලද්දකි. රන්පැහැයෙන් දිදුලන නයට්වරයකු සිය අසිපත පහලට තබා ගෙන ෆිල්ම් රෝලයක සිට ගෙන සිටින එහි සිදුරු පහක් ඇති අතර එමගින් ප්‍රධාන කොටස් 05 දක්වනු ලබයි. එනම්,නළුනිළියන්, නිෂ්පාදකයන් , අධ්‍යක්ෂකයන්, තිර රචකයන් හා කාර්මිකයන් වේ.එහි මුර්තිය අඹන ලද්දේ මුර්ති ශිල්පී George Stanley විසිනි.

    Chamikawpblogspotcom9_zps52788096.jpg



    ඔහු විසින් ප්‍රමාණ තුනකින් මෙම මුර්තිය අඹන ලද අතර ඉන් එකක් තෝරා ගන්නා ලදි.

    ආරම්භයේ ඇකඩමි සම්මානය නැතිනම්The Academy Award of Merit ලෙස හැදින්වු මෙය වර්තමානයේ මුලු ලොවම දැන හදුනන්නේ ඔස්කාර් සම්මානය ලෙසයි.



    එය එසේ හැදින්වුයේ කවුද, කොහෝමද යන්න කිසිවකු හරියට දන්නේ නැති වුවත්,“ඇකඩමි සම්මානය““ඔස්කාර් සම්මානය“ ලෙස වෙනස් වීමට හේතු වු ප්‍රසිද්ධ කතා තුනක් පවතී. එහි ජනප්‍රියම කතාව වන්නේ එකල ඇකඩමි පුස්ථකාලාධිපති හා විධායක නිලධාරිනියක වු Margaret Herrick මහත්මිය මේ සම්මානය 1931 දී පළමු වරට දුටු සැනින් “ ඒක හරියට මගේ සහෝදරයා“ඔස්කාර්, වගේ“ වගේ යයි පැවසීමෙන් එම නම මේ සම්මානයට ලැබුනු බවයි.


    Chamikawpblogspotcom10_zps864f2c89.jpg


    අනෙක් කතාව වන්නේ දෙවරක් ඇකඩමි සම්මානය හිමි කරගත් නිළි Bette Davis එම සම්මානය තම සැමියා වු Harmon Oscar Nelson වෙනුවෙන් නම් කිරීමෙන් එම නම ලැබුනු බවයි.

    තෙවන කතාව නම් හොලිවුඩ් නළු නිලියන්ගේ තොරතුරු ලියු මාධ්‍ය වේදී Sidney Skolsky විසින් මේ නම ප්‍රසිද්ධ කල බවයි. ඔහු ඒ නාමය 1934 දී එම වසරේ එය ජයග්‍රාහී තොරතුරු සහිත ලිපියේ ලියා මුද්‍රණය කරන ලදි. පැවසෙන ආකාරයට ඔහු එය "Will you have a cigar, Oscar?" යන විහිලුවකින් උපුටා ගත් බව පැවසේ. කෙසේ වෙතත්, නම ආපු විදිය කොහෝම වෙතත් 1939 දී ඇකඩමිය මෙම නම නිල වශයෙන් යොදා ගැනීම ආරම්භ කරන ලදි.

    එහි උස අඟල් 13 ½(34 cm) කි.බර රාත්තල් 8 ½(3.85 kg) කි. ව‍ට ප්‍රමාණය අගල් 5 4/1 කි.


    Chamikawpblogspotcom11_zps8f0fb7e7.jpg
    ආරම්භයේ පටන්ම සම්මානයේ උස හා බර ප්‍රමාණය මේ දක්වාම එකම වන අතර යම් සුළු වෙනස් කම් කිහිපයක් සිදුකර ඇත. 1929 දී පිරිනමන ලද සම්මානය තනා ඇත්තේ තනිකරම ලෝකඩ වලින් වන අතර රන් ආලේප කර ඇති අතර පාදම සඳහා Belgian කළු මාබල්යොදා ගෙන ඇත.එය වඩා කල් තබා ගත නොහැකි වු නිසා Britannium නැමැති ලෝහයට මාරු වෙන ලදි. දෙවන ලෝක යුධ සමයේ ලෝහ සොයා ගැනීමේ අපහසුව සමග ප්ලාස්ටෝ පැරිස් මගින් මෙම සම්මානය නිර්මාණය කල අතර යුද්ධය අවසානයත් සමග එසේ ලබාදුන් සම්මාන සියල්ල නැවත ලෝහ සම්මාන වලට මාරු කරන ලදි.
    1945 සිට මාර්බල් පාදම වෙනුවට ලෝහ මගින්ම එය නිපදවීම අරඹන ලදි. 1949 දී සම්මාන අංක කිරීම ඇරඹු අතර ඒ 501 ඉලක්කමේ සිටයි.එය සම්මානයේ පතුලේ ලියනු ලබයි.



    Chamikawpblogspotcom1_zps7edaa0dc.jpg

    මේ වන විට සම්මාන 2800 ක ප්‍රමාණයක් පිරිනමා තිබේ. එහි වටිනාකම $1,330 ආසන්න බව සඳහන් වේ.

    1982 සිට වර්තමානය දක්වා එය නිර්මාණය කරනුයේ R.S. Owens සහ සමාගම විසිනි. එම සමාගම සම්මානය නිර්මාණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් බලන්න..






    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!
    11.gif
    [/FONT]


    [FONT=&quot]චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]