“කුකුල් චමින්ද” බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kukul-chaminda-hospitalized


    අවුරුදු හතරහමාරක් වයසැති දැරියකට බත් කවන අතර වාරයේදී වරින්වර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් “කුකුල් චමින්ද” යන අය අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී එහි රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (07) ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පැවසීය.



    මෙම සිද්ධියට සැකපිට “කුකුල් චමින්ද” වැලිඔය පොලිසිය මගින් පදවිය සංචාරක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.නිවසේ බෝතලයක් තිබූ සීනි කෑවයි කියා අවුරුදු හතරහමාරැති දැරියකට පහර දුන් මෙම පුද්ගලයා එම දැරිය ද රැගෙන තවත් කාන්තාවන් දෙදෙනකු ද සමඟ නිවසින් පැන ගොස් පුල්මුඩේ කුඩා අරිසිමලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පසුගිය 5 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.


    දැරියට පහර දෙන අයුරු සැකකරුගේ පුතා තම ජංගම දුරකතනයෙන් පටිගත කොට සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් පසු එම පහර දීමේ අමානුෂික බව මුල් කොට බොහෝ දෙනකු ඔහු කෙරෙහි දැඩි කෝපයකින් පසුවන බව ද සමාජ මාධ්‍ය වලින් පවා පෙන්නුම් කෙරිණ.