“ජාතික විධායක කවුන්සිලය“

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    “ජාතික විධායක කවුන්සිලය“

    “ජාතික විධායක කවුන්සිලය“

    National_Executive_Council-1stmeeting.jpg


    ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම තීන්දු කරන වැදගත් ආයතනයක් පිහිටුවීමට කුළුඳුල් ‘යහපාලන රජය‘ විසින් ඊයේ (15) සවස පළමු ගල තබන ලද බව සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙත නිවේදනය කරමු.

    ‘ජාතික විධායක කවුන්සිලය‘ යන නමින් සඳහන් එම ඓතිහාසික ආයතනය මාතෘ භුමියේ යහපාලනය සඳහා වූ අරගලයට ඍජුව සහ වක්‍රව සහාය දුන් සහ එවැනි අපේක්ෂාවක් සහිත වූ සියළු දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් එකමුතු වු බවද නිවේදනය කරමු.

    ආ‍ණ්ඩුවක් ලෙස ගොඩ නැගීමට එකමුතු විය නොහැකි සහ එකතු කළ නොහැකි නමුත් යහපාලන අපේක්ෂාව සහිත තීරණාත්මක බලවේග, ජාතික ආයතනයක් ලෙස රටේ සුභ සිද්ධිය සඳහා දින සියයක වැඩසටහනක් වෙනුවෙන් එකමුතුව ක්‍රියා කිරීම ‍මෙහි මූලික අභිලාෂයයි.

    මෙකී ‘ජාතික විධායක කවුන්සිලය‘ ජාති පක්ෂ පාට අාගම් කුල මල බේද වලින් තොරව රට වෙනුවෙන් සාක්ෂාත් කර ගත යුතු මූලික ජාතික අභිලාෂයන් 4 කි.

    ඒවා නම්

    1. නීතියේ ආධිපත්‍යය ගොඩ නැගීම සඳහා වූ ප්‍රතිසංස්කරණයන්
    2. යහපාලනය ගොඩ නැගීම සඳහා වූ ආයතනික ප්‍රතිසංස්කරණයන්
    3. ජනතාවට සහන ලබා දීම සඳහා වූ ක්‍රමවේදයන්
    4. දූෂන විරෝධී ක්‍රියා පිලිවෙතට අවශ්‍ය යාන්ත්‍රනයන්

    මෙම ජාතික කර්තව්‍ය ක්‍රියාත්මක කිරිම සඳහා වූ ‘ජාතික විධායක කවුන්සිලය‘ ට පහත සඳහන් ජාතික නියෝජිතයන් අයත් වෙති

    අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්
    වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේක
    තෙවැනි වරටත් අගමැති වූ රනිල් වික්‍රමසිංහ
    වසර 12 ක් රට පාලනය කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග
    වසර 50 ක් පැරණි වත්මන් ප්‍රධාන වාමාංශික පක්ෂය වූ ජවිපෙ නායක අනුර දිසානායක
    දෙමළ ජනතාවගේ ප්‍රධාන එකමුතුව වූ දෙමල ජනතා සංධානයේ වයෝවෘධ නායක ආර්.සම්බන්ධන් හෝ එහි තාරුණයේ නායක සුමන්තිරන්
    මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම්
    සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්
    හිටපු හමුදාපති සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා
    ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක හෝ පිවිතුරු හෙටත් සභාපති අතුරලියේ රතන හිමියන්
    බස්නාහිර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක මනෝ ගනේෂන්

    මෙම නියෝජිත පිරිස සතියකට වරක් රැස්වීමටත් මෙම ජාතික විධායක කවුන්සිලයේ ලේකම් කාර්යාලය පිහිටුවීමටත් ඊයේ රැස්වූ මංගල හමුවෙන් පසුව තීරණය කරන ලදී.

    ජනතාවට පොරොන්දු වූ දින සියයේ වැඩ සටහන අනුව මෙය මීට දින දෙකකට පෙර පිහිටුවීමට නියමිතව තිබූ නමුත් ලබන 19 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වන තුරු වෙනත් ඉලක්කයක් නොතිබූ බැවින් දින සියයේ වැඩ සටහනට ඉන් බාධාවක් වූයේ නැත.

    ජාතික විධායක කවුන්සිලයේ මංගල රැස්වීමෙන් පසුව ජවිපෙ නායක අනුර දිසානායක මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් මෙහි දැක්වේ

    LEN
     
    Last edited: