ඩියාගෝ ඉපදෙන්නෙ 1997 බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ මුඩුක්කු ප්‍රදේශයක. ඒ මුඩුක්කු ගමේ නම “පරාදා ද ලුකාස්.” ( Parada de Lucas)
ස්ලම් ( Slum)යන නමෙන් හඳුන්වන මේ මුඩුක්කු ගම්මාන වල තත්වය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉතාම දුක්ඛිතයි. ( Slum dog millionaire චිත්‍රපටිය මතක ඇති).
දුප්පත්ව ඉපදීම හා කලු ජාතිකයෙක්ව ඉපදීම යන දෙකම එකට සිද්ධ උනාම ජීවිතේ බොහොමත්ම අමාරුයි.
විශේෂයෙන්ම රියෝද ජැනයිරෝ නගරයේ පාතාලය හරහා සිද්ධ වෙන මත් ද්‍රව්‍ය වෙළඳාම ..මුල් ඇදපු විශාල ගහක් වගේ.
අවි ආයුධ ජාවාරම.. බලෙන් ගණිකා වෘත්තියේ යෙදවීම.. කප්පම් සඳහා පැහැර ගැනීම.. කොන්ත්‍රාත් මත ඝාතන සිදුකිරීම ... ළමා ජාරාවම වගේ මෙකී නොකී හැම අකටයුත්තක්ම සිද්ධ වෙන්නෙ මේ මුඩුක්කු සමාජ ඛේන්ද්‍ර කරගෙනයි.
හොඳ අධ්‍යාපනයක් ලබාගෙන නිවැරදි මාර්ගයෙන් ජීවිතය ජයගන්න දියගෝ වගේ පොඩි එකෙක්ට පුළුවන් වුනොත් ඒක ආශ්චර්‍යක්.
ඒ ඔක්කොමත් එක්ක දියාගෝ උපතින්ම ලෙඩ ගානෙ. ඒ එක්කම අවුරුදු හතරෙදි ලියුකේමියා රෝගයට ගොදුරු වීම මගින් තත්වය තවත් අමාරු වෙනව.
පුංචි දවස්වල බොහෝ කාලයක් ෆ්‍රාසෝට ගත කරන්න වෙන්නෙ රෝහල් ගානෙයි. ඒ නිසා පාසැල් ගමනත් අඩපන වෙනව.
ඒත් මේ පුංචි එකාට හීනයක් තියෙනව. ඒ තමා දක්ශ සංගීත ශිල්පියෙක් වෙන එක. “කවද හරි රියෝ වල ඉන්න හොඳම වයලීන් වාදකයා වෙන එක තමයි මට කරන්න ඕනෙ දේ.” මෙහෙම කිව්වාම දියාගෝ තමන්ගෙ යහළුවන්ගෙ විහිළුවට ලක්වුනු වාර අනන්තයි.
පාසැල් ගමන අඩපන උනත් දන්න කියන අය මාර්ගයෙන් ණයට ඉල්ලා ගන්න වයලීන් වලින් පොඩි එකා සංගීතය ඉගෙන ගන්නව.
දුප්පත් කම හින්දම දියාගෝගෙ නමත් පාතාල ලමා කල්ලියකට එකතුවෙලා ඇහෙනව.
මෙන්න මේ අවස්ථාවෙ තමයි සමාජ සේවා සම්භන්ධීකරන නිළධාරියෙක් වූ එවන්ද්‍රෝ සිල්වාගෙ අවධානය ලැබෙන්නෙ අපේ දියාගෝට.
“පරාදාද ලුකාස්” මුඩුක්කු ගමේ ලමා සුභසාධන සේවකයෙක් වූ එවන්ද්‍රෝ දක්ශ සංගීත ශිල්පියෙක්.
දියාගෝ වයලීනය වාදනය කරනව අහපු මේ සමාජ සේවකය පුදුම වෙනව.
ඒ නිසාම තමා දියාගෝට වැඩිදුර වයලීන් පුහුණුව දෙන්නත් තමන් විසින් නායකත්වය දෙන ප්‍රාදේශීය සංගීත කණ්ඩායමකට එයාව බඳවගන්නත් එවන්ද්‍රෝ කටයුතු කරන්නෙ.
මේ පුංචි එකාගෙ වයලීන වාදය කොයිතරම් හැඟීම්බරද ලස්සනද කියනව නම් එයාව ඉක්මනින්ම බොහෝ දෙනෙක්ගෙ අවධානයට ලක්වෙනව.
පුංචි කාලෙ ඉඳලම කාගෙන්වත් ආදරයක් සැලකිල්ලක් නොලැබූ දියගෝට එවන්ද්‍රෝගේ ආදරයත් සැලකිල්ලත් මහ මෙරක් වගේ.
මෙන්න මේ අතරෙ තමා ගහෙන් ගෙඩි එන්නා වගේ එවන්ද්‍රෝ සිල්වා ව මරා දමපු පුවත ආරංචි වෙන්නෙ. රියෝ නගරයේ මාෆියාව සම්භන්ධවූ හොරකමකට මැදිව වෙඩි පහරක් එල්ල වීමෙන් එවන්ද්‍රෝ මියගිය බව තමයි සඳහන් වෙන්නෙ.
ඒ 2009 ඔක්තෝබර් මාසයේදි.
මේ සමාජ සේවකයාගෙ අවමගුල් උත්සවයේදී එයා විසින් පුරුදු පුහුනු කරපු පොඩි උන් කණ්ඩායම විසින් සංගීත ඛාන්ඩ කිහිපයක් වාදනය කරනව.
තමන්ගෙ ගුරුවරයගෙ.. මිත්‍රයාගෙ ප්‍රියතම සංගීත ඛාන්ඩය වාදනය කරන අතරතුර මේ පොඩි එකාගෙ ඇස්වලින් කඳුළු කඩා වැටෙනව.
ඒ කඳුළු හංගන්න දහිරියක් වත් පිහදාන්න උවමනාවක්වත් මේ පොඩි එකාට නෑ.
මෙන්න මේ අවස්ථාව නගරයේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්ගෙ කැමරාවෙ සටහන් වෙනව. මේ පිංතූරය බ්‍රසීලයේ ප්‍රසිද්ධ දිනපතා පුවත් පතක පලවෙන්නෙ "මෑත ඉතිහාසයේ සංවේදීම ඡායාරූපය" යන සිරස්තලයත් එක්කයි.
මේ පිංතූරෙ බ්‍රසීලයේ විතරක් නෙමේ මුළු ලෝකයේම ප්‍රසිද්ධ වෙන්නෙ එක දවසින්.
මේ නිසාම ප්‍රදේශයේ බාල වයස් දරුවන්ගෙන් සමන්විත වූ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමකින් දියාගෝට ආරාධනයක් ලැබෙනව.
පොඩි දරුවන්ව මත් ද්‍රව්‍ය වෙලඳාමට සම්භන්ධ කරගන්නවට විරුද්ධව වැඩ කරන ස්වේච්ඡා සංවිධානයක් මගින් තමයි මේ සංගීත කණ්ඩායම මෙහෙයවන්නෙ.
මාසයක් යද්දි හෝප් ( Hope) නැමැති මේ සංගීත කණ්ඩායමේ තරුව බවට පත්වෙන්නෙ මේ පුංචි එකා තමයි.
දුප්පත් කම.. මුඩුක්කු ජීවිතය හා ලියුකේමියා රෝගයට එරෙහිව සටන් කරන පුංචි එකෙක් විදිහට එයා ලෝක අවධානය දිනාගන්නව. ඒ බලාපොරොත්තුවේ සංඛේතය විදිහට.
කොයිතරම් ප්‍රසිද්ධියට ආදරයට ලක්වුනත් තමන්ගෙ ගුරුවරයෙගෙ අකල් මරණය මකන්න ඒ එකක් වත් සෑහෙන්නෙ නෑ.
මානසික ආතතිය හා පීඩනයෙන් මේ පොඩි එකා පීඩා විඳින්නෙ ඔහුගෙ ගුරුවරය අහිමිවුණු දුක හින්දමයි.
බ්‍රසීලයේ ප්‍රධානම රූපවාහිනී නාලිකාවක් වූ ටීවී ග්ලෝබෝහි ( TV Globo) වසර අවසාන සංගීත ප්‍රසංගයට සහභාගි වෙන දියාගෝ නැවතත් හැමෝගෙම ආදරේ අවධානය දිනා ගන්නව.
තමන්ගෙ ගුරුවරයෙගෙ මරණයත් එක්කම ලැබුණු මේ වාසනාව වැඩි දවසක් තියෙන්නෙ නැහැ.
2010 පෙබරවාරි වෙද්දි ලියුකේමියා රෝගය උත්සන්න වුණු මේ පොඩි එකාව රෝහල ගත කරනව.
රෝහල් ගතවුණු මුල් දවස් කීපයේ.. ඉඳල හිටල වයලීනය වාදනය කරල වාට්ටුවේ ඉන්න අනිත් රෝගීන් සතුටු කරන්න දියාගෝ උත්සාහ කරනව.
නමුත් 2010 අප්‍රේල් පලවෙනිද දියාගෝ මේ ලෝකය අතෑරල යන්න යනව. ඒ නියුමෝනියා රෝගය හා සම්භන්ධවුණු අතුරු ආබාධ උත්සන්න වීම හේතුවෙන්.
ඒ වසරේ විවිධ සංගම් හා පුවත්පත් මගින් දියගෝට විවිධ සම්මාන ලබාදෙනව. නමුත් ඒ එකක්වත් ලබාගන්න මේ ආදරණීය පොඩි එකා අපි අතර නැහැ.
කාට වැඩක් තියනවද මියගියාට පස්සෙ රනින් සොහොන් බැන්දත්... ලොකුම ශෝක ප්‍රකාශය ලිව්වත්.
මේ සටහන ... අඳුරු ලිංපතුලක ඉඳල.. අපූරු හීන දැකපු .. ලෙඩ දුක්.. දුප්පත්කම අතරින්... පොඩි කාලෙකට උනත් ඒ හීන හැබෑ කර ගත්තු දියාගෝ ෆ්‍රසාඕ ටොර්කුවාටෝ (1997/2010) ගේ ආදරණීය මතකයන් වෙනුවෙන්.
ඒ දැකපු හීන.. ඒ දහිරිය.. ඒ අවංක කමයි අගය කරන්න ඕනෙ. "කුස්සියේ හිරවෙන්න වත් ත්‍රීවීලර් එකක් එලවන්නවත් නෙවේ හීන දකින්න ඕනෙ.. ඊට වඩා ලස්සන දෙයක් වෙනුවෙන්" දියාගෝ අපිට කියන්නෙ ඒකයි.
MS060521
"මේ පොඩි කාලෙ ඇතුලත නුඹ අපට දුන්නු මතක බොහොමයි.
අදත් බ්‍රසීලයේ බොහෝ දෙනෙක් අතර බලාපොරොත්තුවේ සංඛේතය ලෙස උඹ ගැන කතා කරනව. "
"දියාගෝ ෆ්‍රාසෝ... එවන්ද්‍රෝ සිල්වා... දෙදෙනාටම බොහොම ස්තුතියි. නුඹල තාම ජීවත් වෙනව.. "
Picture : casamento wor
Copied
TFS