“පොලිස් කතා”30th January 2011 by මල්දෙණියේ සිමියොන් under කලින් අහල තියනවා, පොලිස් කතා
කතාව කොහොමද?
මේ කතා දෙක ඇවිල්ලා නවසීය හැත්තෑ ගනන්වල කැරැල්ල කාලේ වෙච්චි සීන් වගයක්.
ඔන්න ඔය කලබල කාලේ තරුණ හාදයෙක් පොත් මිටියකුත් කිහිල්ලේ ගහගෙන හදිස්සියෙන් පරේ ඇවිදගෙන එනවා. රාළහාමි කෙනෙක් මිනිහා ගැන සැක හිතලා නවත්තලා ප්‍රශ්න ටිකක් ඇහුවා...
“තමුන් මේ කොහෙද යන්නේ?”
“සර්, මම් මේ ටියුෂන් ගිහින් ආපහු ගෙදර යනවා.”
“මොකක්ද මේ අවේලාවේ තිබ්බ මහ ලොකු ටියුෂන් එක?”
“GAQ”
“GAQ? එහෙම විභාග කොහෙද ඕයි තියෙන්නේ? තමුසේ හිතුවද අපි මේ මෝඩයෝ කියලා? මුලින්ම O/L, ඊට පස්සේ A/L, අන්තිමට BA. මම් නොදන්න GAQ…ගන්නවා බලන්න ඔය පොත් ටික එලියට…”
රාළහාමියා ඔන්න ඉතින් පොත් ටික පරීක්ෂා කරනවා.ඇක්සයිස් පොතේ එක තැනක ප්‍රස්තාරයක් ඇඳලා තිබ්බා ‘OPQ’ කියලා.ඒක දැකලා රාළහාමියා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා.
“ආ මේ තියෙන්නේ තොගේ GAQ එක. මෙහෙවර පොලීසියට…”
එහෙම කියලා කොල්ලව පොලීසියේ ලොකු මහත්තයා ලඟට එක්ක ගියා. ඔන්න දැන් දෙන්නා පොලීසියේ….
“මහත්තයා මේ ඉන්නේ අර කල්ලියේ නායකයෙක්. මට ප්ලෑන් එක අතටම අහු වුනා.ටියුෂන් යනවා කියලා මට බබා පාට් එක දාලා මාරු වෙන්න හැදුවා…එව්ව කොහෙද මාත් එක්ක…..”
“හරි දැන් මොකක්ද ගන්නවා බලන්න මෙහාට”
“මේ තියෙන්නේ සර් ප්ලෑන් එක.OPQ කියලා”
“මොකද්ද දැන් ඔය OPQ කියන්නේ?”
“ඕකනේ කියන්නේ සර්ට ඒකවත් තේරෙන්නේ නැති හැටි. මේකයි මුන්ගේ ප්ලෑන් එක.”
“මුලින්ම ‘Office’ එකට ගහනවා, දෙවනියට ‘Police station’ එකට ගහනවා, අන්තිමට’Quarters’ වලට ගහනවා!!”
ඔය කලබල කාලෙම පොලීසිය කොල්ලො ටිකක් ඉන්න බෝඩිමකට පැනලා පොත් පත් එහෙම පරීක්ෂා කරන්න ගත්තා.ඒ කාලේ ඉතින් එහෙමනේ හැටි.
එකෙක් ගාව තිබිලා හම්බවුනා ‘ගම්පෙරලිය’ පොත, අර වික්‍රමසින්හ මහත්තයා ලිව්වේ.පොලීසියේ එකාට ඕක දැකලා ඌරු ජුවල් නැග්ගා..
“හහ් පෙනේද මේ යකා කියවන පොත්..’ගම්පෙරලිය’ දැන් ඉඳන්ම ලෑස්තිය රටවල් පෙරලන්න. මෙහෙවර පොලීසියට…”
ඔන්න ඉතින් අරූව පරිප්පු වෑන් එකට පැටෙව්වා. ඔතන හිටපු තව එකෙක් ගාව තිබුනා ‘අම්මා’ කියන පොත.ඒ පොත ගැන කට්ටිය අහල ඇති කියලා හිතලා මම වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ.ඒ පොත අයිතිකාරයා දැන් බයේ ගැහෙනවා.’ගම්පෙරලිය’ කියවපු එකාව පොලීසියට අරන් ගියානම් මූට මොනවා නොකරයිද?
ඔන්න පොලීසියේ එකාට ඒ පොතත් අහුවුනා.
“මෙන්න බලනවා මේ වයසට බලන්න හොඳ පොත්,’අම්මා’. තමුසෙට බැරිවුනා නේද ඕයි තමුසෙගෙ යාලුවටත් මේවගේ පොත් ටිකක් කියවන්න දීලා ඌවත් හොඳ මඟට ගන්න!!! “
from;-http://www.thelastrow.net/archives/4524