අද ආදරවන්තයන්ගේ දිනය වන Valentine’s Day එකයි. මේ දිනයේ අපි සැමටම ආදරය කරන්න අදිටන් කර ගනිමු.
“ලුණු රසැති තේ” මාගේ නිර්මාණයක් නොවේ. එය මා කලකට ඉහතදී ඉංග්‍රීසි බසින් කියවූ “Salty coffee” වල සිංහල පරිවර්තනයයි.
http://www.mediafire.com/view/?oc0dh3jd8g4a09h
________________________________________________________________________________________________________________________
ප්‍රිය සම්භාෂණයකදී ඔහුට ඇය හමු විය. ඇය අතිශයින්ම රූමත්, සෑම දෙනාගේම සිත් ඇදගන්නා ලාවණ්යක් ඇති, බුද්ධිමත්, සුකොමළ තරුණියකි. ඇයගේ ඇසුර පැතූ පිරිමින්ගේ ගණන නිමක් නැත.එනමුත් ඔහු සාමාන්‍ය තරුණයෙකි. කිසිවෙකු ඔහු ගැන වැඩි තැකීමක් කරේ නැත. ප්‍රිය සම්භාෂණය අවසානයේ ඔහු ඇයට ආරාධනාවක් කළේය. ඒ ඔහු සමග අවන් හලකට ගොස් තේ පානය කිරීමටය. ඇය එක් වරම පුදුමයට පත් විය. ඇයට එවැන්නක් කිරීමට සිහිනයකින්වත් අදහසක් තිබුනේ නැත. එහෙත් මේ ආරාධනාව හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීමට ඇයට නොහැකි විය. අකාරුණික වීමට නොකැමැති වූ ඇය කුතුහලය මුසු හැඟීමකින් ඔහුගේ ආරාධනාව පිළි ගත්තාය.
ශාන්ත, ශෘංගාරාත්මක පරිසරයක් ඇති අවන් හලක කෙළවරක ඇති මේසයක ඔවුන් වාඩි විය. ඔහුට ඇතිවූ චකිතය නිසා කිසිවක් හරියට කියා ගත නොහැකි විය. ඇය ඉතාමත් අපහසු තත්ත්වයකට පත් වූවාය. "අනේ... මට මෙතනින් ඉක්මනට පිටවෙලා ගෙදර යන්න පුලුවන් නම්...". කියා ඇයට සිතුනි.
සේවකයා ඔවුන්ට තේ ගෙනැවිත් පිළිගැන්වීය.
"මේ.. කරුණාකරල මට ලුණු ටිකක් දෙන්න පුලුවන්ද?... මට මේ තේ එකට දාන්න ඕන...."
ඔහු සේවකයාට මෙසේ පැවසීය. ඇය පමණක් නොව සේවකයාද මේ කතාව නිසා පුදුමයට පත් විය.අසළ සිටි අනිකුත් මිනිසුන්ද ඔහු දෙස කුතුහලය මුසු මුහුණු වලින් බැලුම් හෙලන්නට විය. ඔහුගේ මුහුණ ලැජ්ජාවෙන් රතු විය. එහෙත් ඔහු කිසිවක් නොකියා තේ වලට ලුණු කළවම් කොට පානය කලේය.
"මේක ඔයාගෙ පුරුද්දක්ද?...."
කුතුහලය මුසුවූ හැඟීමකින් ඇය ඇසුවාය.එයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
"පුංචි කාලේ මම හැදුන වැදුන ගේ තිබුනෙ මූද කිට්ටුව... මම හරිම ආසයි මූදු වැල්ලෙ සෙල්ලම් කරන්න.. ඒ එක්කම මූදෙන් එන හුළං වලින් මගේ තොල් වලට දැනෙන ඒ ලා ලුණු රසට මම හරිම ආසයි.... හරියටම තේ වලට ලුණු දාල බොනව වගේ....ඉතින් දැන් මම තේ වලට ලුණු දාල බොන හැම පාරකටම මට මගේ පුංචි කාලෙ මතක් වෙනවා.. මට මගේ ගෙදර මතක් වෙනවා... මට මගේ ගම මතක් වෙනවා...මට මගේ ගෙදර මතක් වුනාම ලොකු සාංකාවක් ඇති වෙනවා... අනේ.. මගේ අම්මයි තාත්තයි තවම ඒ ගෙදර ජීවත් වෙනවා... මට නිතරම ඒදෙන්නා මතක් වෙනවා...."
ළමා කාලයේ මතකයන් මෙසේ පවසන විට ඔහුගේ දෑසින් කඳුළු කඩා වැටුනා.
ඔහුගේ හදවතින්ම මතුවන මේ අව්‍යාජ හැඟිම් නිසා ඇය ඉතා සංවේදී භාවයකට පත් වුනා.නිතරම ගම මතක් වෙන, දෙමව්පියන් මතක් වෙන, පුංචි කාලේ හැදුන ගෙදර මතක් වෙන පිරිමියෙක් තමන්ගේ බිරිඳට ගොඩාක් ආදරේ වෙනවා කියල ඇයට හිතුනා. ඇගේ හදවත ඔහු වෙනුවෙන් විවර වෙන්න පටන් ගත්තා. මේ නිසා ඇයත් ඇගේ ළමා කාලය, ජීවත් වූ නිවස සහ ගම, ඇගේ පවුල, ඇගේ දෙමව්පියන් ගැන ඔහු සමග කතා කරා. දෙදෙනාට නොදැනීම පැය ගණනාවක් අවන් හලේ රැඳී සිටියා.
මේ දෙදෙනාගේ ලස්සන, පිවිතුරු ආදර බැඳීමේ ආරම්භය වුනා.
දෙදෙනා එතැන් පටන් නොකඩවා ඇසුරු කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ ආදරය දිනෙන් දින ශක්තිමත් වුනා. ඔහු මනා ක්ෂාන්තියෙන් යුත්, කරුණාබර, අවංක, ඇයට පිරිසිදු ආදරයක් පුද කරන කෙනෙකු බව ඇය තේරුම් ගත්තා. හමුවූ මුල් දවසේ ආකර්ෂණයක් එතරම් නොමැති ඔහුගේ පිට ඔපය නිසා ඔහු මග හැර නොයාම ගැන ඇය උදක්ම සතුටු වුනා. ඇයට ඔහු ලබා දුන් ලුණු රසැති තේ වලට ඇය ස්තූතිවන්ත වුනා.
සෑම ලස්සන ආදර කතාවක අවසානයේදී මෙන් ඇය ඔහු සමග අතිනත් ගත්තා. එතැන් පටන් රන් රස මෙන් එකට එකතු වී දෙදෙනා ආදරයෙන්, සතුටින් හා අවබෝධයෙන් පිරි සොඳුරු විවාහ ජීවිතයක් ගත කලා.ඔහු ආසා කරන හැම දෙයක්ම ඇය ලබා දුන්නා.ඇය සෑම දිනකම තම ආදර සැමියාට ලුණු රසැති තේ කෝප්පයක් දෙන්නට අමතක කරේ නැහැ.
ඉතා සැපවත් විවාහ ජීවිතයක් ගත කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ජීවිත යථාර්තයට මුහුණ දුන්නා. අවුරුදු 40 ක යුග දිවියකට පසු ඇය මෙලොව තනිකර දමා ඔහු අවසන් ගමන ගියා.
මෙලොව තනි වූ ඇය දිනක් තම සැමියාගේ ලියන මේසය අස් කරන්න ගත්තා. ඒ අතර තිබූ දේවල් අතර ඇයට සැමියා විසින් ඔහුගේ අත් අකුරින්ම ලියන ලද ලියුමක් දකින්නට ලැබුනා. ඒ ලියුමේ උඩින් මෙසේ ලියා තිබුනා.
"මගේ ප්රියාදරිය වෙතටයි. මේ ලියුම යම් දිනක මා මෙලොව හැර ගිය පසු කියවන්න.."
චකිතය හා ශෝකය මුසු හැඟීමකින් ඇය ලියුම විවෘත කරා.
______________________
මගේ සදාදරණීය වස්තුවේ,
මට සමාවෙන්න මගෙ මැණික.. ඔයාට කියපු බොරුවට මට සමාවෙන්න... මගේ මුළු ජීවිතයේදීම ඔයාට කියපු එකම බොරුව මේක විතරයි මගෙ සුදු කෙල්ලෙ...ඒ තමයි ලුණු රසැති තේ....
ඔයාට මතකද අපි ඉස්සෙල්ලම හමුවුන දවස.... එදා ඔයා එක්ක එකට වාඩිවෙලා ඉන්න කොට මම හිටියෙ කියන්න බැරි තරම් කලබල වුන හිතකින්... ඒ හින්දා මම සිනී වෙනුවට වැරදීමකින් සේවකයාට කිව්වෙ ලුණු ගේන්න කියල... ඒත් මට ඇති වෙලා තිබුන අවුල හින්දා මට ඒ වැරැද්ද හදා ගෙන සීනි ගේන්න කියල කියා ගන්න බැරි වුනා…ඒත් මම හිතුවේ නෑ ඒක අපේ ආදරයේ පටන් ගැනීම වෙයි කියලා.
මම මේ ගැන ඔයාට කියන්න හිතා ගෙන හිටියත් එහෙම කරන්න මට හිත හදා ගන්න බැරි වුනා.. මම බය වුනා ඔයා මම බොරු කාරයෙක් කියල හිතයි කියල... මම ඔයාට කවදාවත් බොරු කියන්නෙ නෑ කියල පොරොන්දු වුනා ඔයාට මතකද මගෙ රත්තරන්... අන්න ඒ නිසා මම මේ ගැන කියන්න ඇත්තටම බය වුනා.. මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්න පුලුවන් කමක් තිබුනෙ නෑ….
මගේ අවසානෙ කාලේ දැන් ළඟයි වස්තුවේ.... මම කිසිම දේකට දැන් බය නැහැ... ඒ හින්ද මම ඔයාට දැන් ඇත්ත කියනවා... මම කවදාවත් ලුණු රස තේ වලට කැමති නැහැ... ඒකෙ මහ අමුතු තිත්ත රහක් තියෙනවා.. ඒත් කෙල්ලෙ... ඔයා එක්ක හිටිය ජීවිත කාලේ පුරාම මම ලුණු රස තේ බිව්වා...
මම ගැන වරදවා හිතන්නවත් මම ගැන දුක් වෙන්නවත් එපා මගෙ සුදු මැණික... මට ඔයා හමු වුන මුල් දවසෙ ඉඳන් මම මගේ මුලු ජීවිතයම දුන්නෙ ඔයාට... ඔයා මට ලැබුන එක තමයි මගේ ජීවිතයේදි ලැබුන ලොකුම සතුට... ලොකුම සුවය...උපදින ආත්මයක් ආත්මයක් ගානෙ ඔයා මට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා... ඔව් මගේ රත්තරන් කෙල්ලෙ... මට ආයිත් ලුණු රස තේ බොන්න වුනත් ඒ හැම ආත්මයකදිම ඔයා මට ලැබෙන්න ඕන...
මේ සංසාරයේදී අපි ආයිත් හමු වෙමු මගේ රත්තරන්....
________________________
මේ ලියුම කියවා අවසාන වන විට ඇගේ අතේ තිබුන ලියුම මුලුමනින්ම ඇගේ ඇස්වලින් කඩා හැලුනු උණු කඳුලු වලින් තෙමිලා තිබුනා.
ටික කලකට පසු ඇගේ සැමියාගේ ලුණු රස තේ වලට ඇති ආසාව ගැන දන්නා ඇගේ මිතුරියක් ඇගෙන් මෙසේ ඇසුවා.
"ලුණු දැම්මම තේ වල රස කොහොමද?..
"ඒකේ කියන්න බැරි තරම් රසක් තියෙනවා....."ඇගේ පිළිතුර විය.
ඇගේ දෑසින් වැටුන කඳුළු බින්දු මිතුරිය දුටුවේ නැත.

“ලුණු රසැති තේ” - නිර්මල ආදරයක ලස්සන කතාවක්...

***********
-නිර්මල ආදරය තරම් සුන්දර දෙයක් තවත් මෙලොව නැත-
Last edited: