“සමහන්” වංචාව

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    “සමහන්” වංචාව :shocked::shocked:

    samahan.JPEG


    ‘ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්’ නම් සමාගම මගින් වසර 20 ක් තිස්සේ මහජනතාවගේ ඇසට වැලි ගසමින් සිදුකරගෙන ගිය වංචාවක් හෙළිව තිබේ.

    සමහන් සඳහා යොදා ගන්නවා යැයි කියන ආයුර්වේද ඖෂධ වල සාරය ලබාගන්නේ අයිසො ප්‍රොපයිල් නම් වස මධ්‍යසාරය මගින් වන අතර එසේ ලබාගන්නා සාරය මිලි ග‍්‍රෑම් 500 ක් සීනි 3.5 ක් සමග මිශ‍්‍ර කර ග‍්‍රෑම් 4.00 ක් බර වන සේ එක් පැකට්ටුවක අඩංගු කර ඇත.

    එනම් එක් පැකට්ටුවක ප‍්‍රතිශතයක් ලෙස සීනි සියයට 87.5 ක් අඩංගුවේ.

    මෙතරම් විශාල සීනි ප‍්‍රතිශතයක් අඩංගු වුවද ඒ බැව් පැකට්ටුවේ මුද්‍රණය කර නැත්තේ එය නීතියෙන් වසන් කිරීමටය.

    ලෝක සෞඛ්‍ය සංවිධාන නව නිර්නායක වලට අනුව ඖෂධයක් තුල වෙනත් ක‍්‍රියාකාරී සංඝටක අඩංගු විය නොහැකි අතර සීනි අඩංගුවේ නම් ප‍්‍රමාණය සඳහන් කළ යුතුය

    මෙතරම් සීනි ප‍්‍රමාණයක් අඩංගු නිෂ්පාදනයක් ඖෂධයක් ලෙස සැලකිය නොහැකි අතර එය සාමාන්‍යයෙන් රසකැවිලි ඝනයට වැටෙන්නකි.

    එසේ වූ විට එම නිෂ්පාදනය වැට් බද්දට යටත් වේ.

    ආයුර්වේද ඖෂධ වැට් බදු වලින් නිදහස් හෙයින් සමහන් ආයුර්වේද ඖෂධයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර වැට් බදු ගෙවීම පැහැර හරිමින් සිටියද එහි අඩංගු සීනි ප‍්‍රමාණය අනුව එය රසකැවිලි ඝනය යටතේ වැට් බදු අය කර ගත යුතු නිෂ්පාදනයක් වේ.

    මෙම නිෂ්පාදනයේ අලෙවි වාර්තා සැලකිල්ලට ගෙන ගණනය කළහොත් රජයට අහිමිවූ ආදායම මෙතෙක් සිදුවූ බවට හෙළි වී ඇති වංචාවට වඩා බෙහෙවින් වැඩි විය හැකි වන්නේ මෙය වසර 20 කටත් වඩා වැඩි කාලයක් පුරා සිදුවෙමින් පවතින්නක් වන බැවිනි.

    තවද මෙම නව ලිබරල් ජේකොබ්ලාගේ උපදෙස් යටතේ ‘සැමදා සමහන් සැමදා සුවෙන්’ යනුවෙන් නිතර ප‍්‍රචාරය කරමින් කුඩා ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම සිරුරට අභිතකර රසායනික මධ්‍යසාර හා සීනි පොවමින් ජාතික සෞඛ්‍යයට සිදුකරන හානිය මුදලින් තක්සේරු කල නොහැකි තරම් අති විශාලය.

    රුපියල් දෙකක් වත් වියදම් නොවන මෙවන් ප්‍රෝඩාකාරී නිෂ්පාදනයක් රුපියල් පහලොවකට අලෙවි කිරීමෙන් හා රජයට අයවිය යුතු වැට් බදු පවා මග හරිමින් සිදු කරන මෙම වංචාවට හවුල්ව ජීවිතය ගැට ගසා ගන්නා කුසල් පෙරේරා වැනි ජේකොබ්ලා සැලකිය හැක්කේ නව ලිබරල්වාදීන් ලෙස නොව කූඨ ගේම් කාර වංචනිකයින් ලෙසය.

    නීතියක් හෝ විනයක් නොමැති ආශ්චර්යමත් රටක් වන ශ‍්‍රී ලංකාව තුල මෙවන් අනීතික ක‍්‍රියා තව කෙතරම් කාලයක් පැවතුනද එය සාමාන්‍යයක් මිස අරුමයක් නම් නොවනුම ඇත.


    Source: Lankaguardian
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෙදකින් කාලකන්නේ. ඊබේ එකෙත් ලන්කාවේ උන් විකුනනවා මම දැක්ක. සුද්දො නඩු දාන වැඩ. ඔය වගේ මීට අවුරුදු ගානකට කලින් මගේ නැන්දා කෙනෙක් පස්යාලේ ආයුර්වේද පොට් එකකින් බේත් ගත්තා, ඇදුම (හතිය) කියන ලෙඩිට. වෙදාගේ බේත් මාර පවර්. එක කුඩු වර්ගයක් දෙනවා උනුවතුරෙන් වක් කරලා බොන්න. ගහපු ගමන් සනීපයි. පස්සේ බලපුවහම වෙදා වෙන්ටොලින් කියන බේත් පෙත්ත කුඩු කරලා තමා අර අයුර්වේද කුඩ හදලා තියෙන්නේ. :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oya hugak packet walata prednisolon daanawa... ewa bona eka honda naa agata!!!
    ඔව්. පෙඩ්නිසිලොන් ගහපුවහම යකා වගේ වැඩ කෙරුවැකි.. ඇදුම හතිය තියන අයට හොදා. ඒත් දිගු කාලීනව බලපැම් තියනවා. ඇහිලි පුරුක් නියපොතු වගේ ඒවල විකුර්ති වීම් වෙන්න පුලුවන්. අස්ති ආපදා ගොඩක් දැකලා තියනවා පෙඩ්නිස්ලොන් ඩේලි බීම්පු වයසක අයගේ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මේ කතන්දර අපි දන්නෙ නෑනෙ බන්. මෙහේ සුපර්මාර්කට් වලත් සමහන් තියෙනවා. උනක් හෙම්බිරිස්සාවක් හැදුනම මම සමහන් පැකට් එකක් එක්ක පැනඩොල් දෙකක් ගහනවා.. මුන්ගේ මඩිය තද කර ගන්න ඔනම වසක් මිනිස්සුන්ට පොවයි. කරුමේ කියන්නේ ලංකාවේ හරි හැටි නීතියක් ක්‍රියත්මක නොවීමයි. මේ වගේ දේවල් පරීක්ශන කරලා මිනිස්සු අතරට යවන්න අවසර දෙන්න ඔන. ඒත් ඒව නොවෙන එකයි අපේ රටේ වෙලා තියෙන්නේ..:oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ කතන්දර අපි දන්නෙ නෑනෙ බන්. මෙහේ සුපර්මාර්කට් වලත් සමහන් තියෙනවා. උනක් හෙම්බිරිස්සාවක් හැදුනම මම සමහන් පැකට් එකක් එක්ක පැනඩොල් දෙකක් ගහනවා.. මුන්ගේ මඩිය තද කර ගන්න ඔනම වසක් මිනිස්සුන්ට පොවයි. කරුමේ කියන්නේ ලංකාවේ හරි හැටි නීතියක් ක්‍රියත්මක නොවීමයි. මේ වගේ දේවල් පරීක්ශන කරලා මිනිස්සු අතරට යවන්න අවසර දෙන්න ඔන. ඒත් ඒව නොවෙන එකයි අපේ රටේ වෙලා තියෙන්නේ..:oo:
    ඔක මම හිතන්නේ හදන්නේ ලන්කාවේ නෙමෙයි බන්. ඉන්දියාවේ මොකක් හරි සම්බන්දයක් තියනවා. ඔකේ මව් සමාගම ඉන්දියාවේ වෙන්න ඔනා.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    issara wage neme ban oka biwwama dan saneepa wenneth na
    man hithanne oka hinda tama e kiyala
    koththamali ekak bonawa ita wada hodai
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මෙ නරුම දේශපාලුවො ඉන්දියාවෙ තියෙන හැම සූපින් ජහ ජරාවක්ම ලංකාවට ගෙන්නලා ඉන්දියාවේ කුණු එකතු කරන තැන ලංකාව බවට පත් කරලා ඉවරයි. කන බොන දේ ඉදලා කොච්චිය දක්වා හැම දෙයක්ම මුන් ඉන්දියාවෙන් ගෙන්නනේ කොමිස් කුට්ටි ගනන් උන්ගේ සාක්කුවට යන නිසා:angry:
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    අවුරුදු 20 ක් ම ගියා ඔය පැකට් එකේ සීනි තියෙන්නේ කියලා හොයාගන්න. :lol::lol::lol::lol::lol:

    අයුර්වේද එකෙන් සහතික දෙන්නේ චෙක් කරලා බලලා නෙවෙයි වගේ.....:(:(:(:(
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    නීතියක් හෝ විනයක් නොමැති ආශ්චර්යමත් රටක් වන ශ‍්‍රී ලංකාව තුල මෙවන් අනීතික ක‍්‍රියා තව කෙතරම් කාලයක් පැවතුනද එය සාමාන්‍යයක් මිස අරුමයක් නම් නොවනුම ඇත. :(:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka man dekapu dawasema hituwa....biwwa gaman hoda wena sinhala behet nehe ban kothamalli biwath dawasak wage yanawa hoda wenna..bila winadi ganen hoda wenna puluwan ekko panadol,aspirin wage tablet walata tamai...okata aniwa monawahari oya wage ekak danawa...ara sinhala beth kadekin pas pangu packet ekak thambala bipan nattan panadol bipan oita wada hodai....