“හැපි ෆේස් ” මකුළුවා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    “හැපි ෆේස් ” මකුළුවා

    4878361027_befc6c54b8_z.jpg
    මිනිසුන් අතර පවතින විවිධ භීතිකා අතුරින් වැඩිම පිරිසක් බියක් දක්වනුයේ මකුළුවන්ටයි.
    කෙසේ වෙතත් බිය පහ කර ඔවුන්ගේ මුවගට සිනා නංවන මකුළුවකු පිළිබදව හවායි දූපත්වල්න් වාර්තා වේ.
    ඒ වැසි වනාන්තර නිජ භූමිය කරගෙන ජීවත්වන “හැපි ෆේස් ” මකුළුවාය.
    මිලි මීටර් කිහිපයකට නොවැඩි විශාලත්වයකින් යුතු මෙම අන්වීක්ෂීය මකුළුවාගේ විද්‍යාත්මක නාමය “Theridion grallator”ය න්නයි.
    ලතින් බසින් මෙහි අර්ථය වනුයේ “දිගු කකුල්” යන්නයි.
    ශරීරයට සාපේක්ෂව ඉතා දිගු පාද පිහිටියද සිනා සෙන මුහුණ පැහැදිලිව දැක ගැනීමට නම් විශාල කාචයක් අවශ්‍යම වේ.
    “හැපි ෆේස් ” ලෙස හැඳින්වුවද, සිනාසෙන බව පෙන්වන සලකුණු පිහිටා ඇත්තේ මකුළුවාගේ හිසේ නොව ශරීරයේ පසුපස භාගයේ වන අතර මෙම අපූරු සලකුණු මකුළු ප‍්‍රභේදයේ ස්වාභාවික වාසභූමිය හා ආහාර රටාවන් අනුව වෙනස්වන බව විශ්වාස කෙරේ.
    මිනිසුන්ට හානි නොපමුණුවන මෙම සිනාසෙන මකුළුවන් මකුළු භීතිකාවෙන් පෙළෙන්නවුන්ට වුවද අපූරු අත්දැකීමක් වනවාට සැක නැත.
    article-0-1318B289000005DC-40_638x991.jpg
     
    • Like
    Reactions: eranga_rama