“හුචක්කුවා….”

nmlmlz

Active member
  • Feb 18, 2010
    347
    26
    28
    Huchakuwa.gif
    කොළඹ විශ්ව විද්යාුලයේ කථිකාචාර්ය සරත් විජේසූරිය නම් මහත්මයෙකු පසුගිය දා එක්තරා වැඩසටහනකට සහභාගී වෙමින් එක්තරා කථාවක් කලේය….ඔහු කිසියම් පන්ති ව්යුෙහයක් තුළ හමුවන “ගෘහණිය, රැකියාවේ නියුතු බිරිඳ, මව” යන මේ සමාජ සෙග්මෙන්ටයන් “අධි සාමාන්යයකරණයට” ලක් කරමින්, ඔවුන්ගේ පිරිසිදු කම ගැන කරන දෙසුමකදී, ඔවුන් අතර ජනප්රිේය “රාත්රිව ගවුම” අපූරු නමකින්, එහි පැවැත්ම අනුසාරයෙන් හඳුන්වා දුන්නේය…ඔහු ඒ සඳහා යොදාගත් නම “හුචක්කුව” යන්නයි…
    මෙය, “පිරිසිදුව” ඉඳීම සඳහා දෙන පණිවිඩයක් වුවද, උවමනාවෙන් හෝ නොදැනුවත්ව, එය ලිංගිකත්වය ඉස්මතු වන “සෙක්ස්” උපදේශණයක් දක්වා ගොස් ඇත…එම ප්ර්කාශයෙන් පසුව, එකී ආචාර්ය වරයා පොතක් අතට ගෙන කියන “හිනා වීම්, හැපීම්, තුරුල් කර ගැනීම්” ආදී දේත් සළකා බලන කල, ලිංගිකත්වය සඳහා සබාවේ ඉන්නා අයට මීළඟට බෙහෙවින්ම උපදෙස් ලැබෙන්නට ඇතැයි සිතිය හැක…
    මේ කථාව හරි ආතල්ය…විශේෂයෙන්ම, පිරිමි අපිට පට්ටම ආතල්ය…මගේ මිතුරෙකු විසින් මේ වීඩියෝ පටය මට සපයා දුන් විට මම එයට “මේක පට්ට” කියා කමෙන්ට් කළෙමි…එහෙම කලේත්, “පුරුෂෝත්තම වාදී” සමාජයක උස් මහත් කරවූ පිරිමි දරුවෙකු වන මට, ඒ කථාවේ වාසි පැත්ත ඇති හෙයින්, ආතල් වැඩි කමටය….ලිංගිකත්වය පදනම් කරගෙන කරන ප්රරකාශයන් වල, හෝ ඊනියා ලිංගික උපදේශනයන් වල වැඩි වාසිය කොහොමත් අත් වන්නේ පිරිමින්ටය…මක් නිසාද යත්, ශුක්රි වේගය සමඟ පිරිමියාට දැනෙන ලිංගික සංසර්ගයක අවශ්යරතාවය, ගැහැණියට දැනෙන එම අවශ්යවතාවය මෙන් 8 ගුණයක් වන නිසාය…( Sexual Impulse and Urge of A Human Male is 8 times of, that of a female counterpart)…මේ නිසා, ලෝකයේ ඕනෑම රටක, ඕනෑම තැනක “සෙක්ස්” ගැන උපදෙස් දෙනවා නම්, එහි වාසිය පිරිමියාට නිතැනින්ම හිමිවේ…ඒ නිසා අපිටත්, කාන්තා පාර්ශ්වයේ අයට මෙවැනි උපදෙස් “පිරිසිදු” කම මුවාවෙන් දෙන විට මාරම ආතල්ය…
    නමුත් වතාවක් බලා, මේ ගැන තරමක් ගැඹුරින් කල්පනා කොට, දෙවනි සහ තෙවනි වතාවටත් කථාව ඇසීමේදී, අර මුලින්ම එය අසන විට මා කුල්මත් කරවූ “කොලු කමේ ආතල් එක” ටික, ටික අඩුව ගොස්, එම කථාව මොන තරම් පිළිකුල් සහගත එකක්ද යන්න හැඟෙන්නට වූයෙන්, ඒ ගැන තව දුරටත් වෙනත් මානයක් ඔස්සේ කල්පනා කළෙමි…දින කිහිපයක් තිස්සේ, මේ වීඩියෝව අන්තර්ජාලය තුළින් සහ සමාජ වෙබ් අඩවි ඔස්සේ අපට මුණ ගැසෙන වාර ගණන වැඩි වෙන්නට පටන් ගති…ඒ, මට මෙන්ම මේ කථාවේ “පට්ට” භාවය හා “ආතල්” රසය දැනුණ තවත් ඇත්තන් ඒ වීඩියෝව වැඩි වශයෙන් සමාජ ගත කරන්නටම වෙර දරා තිබුණු නිසාය…මෙන්න මේ ගැන සිතන විට, ඒ ගැන යමක් නොලියා බැරි බව කල්පනා විය…
    මේ කථාව එතුමා බෞද්ධ සමාජයක් හමුවේ කිව්වාදැයි නොදනිමි..ඉහ වහා ගිය අපිරිසිදු කමකින් යුතුව ජීවත් වෙන ඇතැම් පිරිස් අප රට තුල සිටිතත්, බොදු ජනතාවට පිරිසිදු කම ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත්තේ, බුදු රජාණන් වහන්සේම “ගිහි විනය” තුළ එය මනාව විග්රජහ කොට ඇති නිසාය…නමුත්, බුදු පියාණන් වහන්සේ, බෞද්ධ කාන්තාවට “මේවා අඳිව්!” කියා වස්ත්රම නියම කොට, ඔවුන් “වස්ත්රු-දණ්ඩනයකට” යටත් කරන්නට ගියේ නැත…එනිසා පිරිසිදුවට, අවශ්යේය නම් නව විලාසිතාවකට, හොඳින් විලි වැහෙන ඕනෑම වස්ත්රසයක් ඇඳ සිටීමේ අයිතිය, බොදු සමාජය විසින් එහි කාන්තා පාර්ශවයට ප්රිධානය කොට ඇත….
    පිරිසිදු කමට සිටීම නම් අනිවාර්ය සාධකයකි…එය නොමැති නම් පවුල් අවුල් වන එක පමණක් නොව, ජීවිතය පවා අකල් මරණයකින් කෙළවර විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත…මෙහි ඇති දෝෂය එය නොවේ…පිරිසිදුව සිටින්න යැයි කීම “මෙතරම් සාහසික හාස්යි ජනනයකින්” කීවේ ඇයි? එය කෙතරම් පහත් ද යන්න මෙම සමස්ථ ප්රිකාශයේ දෝෂය වන්නේය…
    උන්මත්තකයෙකු හෝ උපන් ගෙයි කම්මැලියෙකු හැර, වෙන කිසිම කෙනෙකු අපිරිසිදුව ඉන්නට කැමති නැතැයි සිතමි…ඒ නිසා “සිය කැමැත්තෙන් අපිරිසිදුව ඉන්නෝ” ඉතාම අඩුය…කාන්තාවගේ, ගෘහණියගේ, ඒ කථා ප්ර ස්තුතයෙන් පහර වදින මවගේ, බිරිඳගේ “නයිටියේ” කිළුටු තැවරී තිබීම ගැන ඒ තරම් සාහසික ලෙස, ඇයව සමාජ හාස්යථයට ලක් කරන මොහු, ඒ “නයිටියේ” කුණු තැවරෙන්නේ ඇයිද? යන්න මොහොතකට වත් හිතා බැලුවාදැයි නොදනිමි..එහෙම හිතා බැලුවා නම් මෙහෙම අපහාස මුඛයෙන් කථා නොකරනු ඇත….
    අප ඉහත දී කී පරිදිම, ඔළුවේ අමාරුවක් නැති මෙලොව කිසිදු ගැහැණියක්, වුවමනාවෙන් අපිරිසිදුව ඉන්නේ නැත…ඇයගේ නයිටියේ කිලුටු තැවරෙන්නේ, ඇය උදෑසන යාන්තම් හිරු කෙඳි සමඟ අවදි වී, රාත්රිතයේ මධ්ය.මයත් පසු වන තෙක්, නොනවත්වාම කර ගසාගෙන යන “යාන්ත්රි ක සමාජයේ මාතෘ වගකීම්” නිසා නොවේද? ඇය උදෑසන ඉවුම්, පිහුම් කරන්නට නැඟිටින්නේ කීයටද? දරුවන්, සැමියා නිවසින් පිටව ගිය පසුත් ඇයට නිදහසක්, නිවනක් තිබේද? තම වස්ත්රනය අපිරිසිදු බව ඇය නොදන්නවාද? නැත්නම් ඒ ගැන ඇයට වැටහීමක් නොමැති වෙන තරම්ම වේගයෙන් ඇය සමාජයට යුතුකම් ඉටු කරමින් දුවනවාද?…
     
    Last edited:

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    රැකියාවල නියුතු කාන්තාවෝ “ගෘහණිය, මව හා බිරිඳ” වගකීම් වලට අමතරව ඒ, ඒ රැකියාවල වගකීම්ද කර ගසා කරති…රැකියා නොකරන්නියෝ, ඒ පවුල්වල සමාජ වගකීම් එලෙසම, දවසේ පැය 24 න් අවම වශයෙන් 16 ක් පුරා උසුලා ගෙන සිටිති…ඒ අයගේ තත්වය වඩාත් බරපතළ වන්නේ ඔවුන්ට “නිශ්චිත සේවා කාළයක්, ඇගයීමක් හෝ වැටුප් වැනි දීමනාවක්” නොලැබෙන හෙයිනි…නමුත් මුළු මහත් සමාජයම දුවන්නේ ඔවුන් කරන මහඟු කැප කීරිම නිසාවෙනි…”දේශයක් ගොඩ ගන්නට නම්, මුළු ශ්රහම බලකායම “ගෘහණියෝ” විය යුතු” යැයි චීනයේ අසහාය නායක මා ඕ සේතුං කියා තිබේ…ඔහු ඒ ප්ර්කාශයෙන්, වැටුප්, ඇගයීම්, උසස් වීම්, නිවාඩු හෝ විවේක කාල නොලබාම මරණීය වෙහෙසකින්, සමාජයේ “අනික් වගකීම්” කොටස දුවවන ගෘහණියන්ට උපහාර දක්වා ඇත…ඒ චීනයේය…මේ ලංකාවේ නින්දිත ආතල් කථාය…
    ඇය උදෑසන නැඟිට, මේ ඊනියා ආචාර්ය වරයාගේම වචන වලින් කිව්වොත් “කපුවා ආවේස වූවා” සේ පාන් ගේන්නට කඩේ දුවන්නේ, ඇයගේ බොක්ක පුරවා ගන්න පමණක් නොවේ…දරුවන් ඉස්කෝලයට හාමතේ නොයවනු පිණිසය…සැමියා හාමතේ රැකියාවට නොයනු පිණිසය…මේ නිහීන කථාවට බොහෝ විට ඉලක්ක වන්නේ “පහළ මධ්යගම පන්ති” ස්ථරයේ හෝ “නාගරික නිර්ධන පංතියේ” කාන්තාවන්ය…එසේ නම්, ඒ පාන් ගෙඩිය ගේන්නට “කපුවා ආවේස” වූවා සේ දුවන්නේ අප රටේ දිළිඳු ජනතාවගේ දින චර්යා යාන්ත්රේණය “හාමත්” නොවී අරඹන්නටය..වැඩ කරන ජනතාවගේ, ශ්රදම බලකායේ කුස පුරවා, ඔවුන් දෛනික කාර්ය භාරයන් සඳහා පිටත් කර හරින්නටය…ඒ අය නයිටිය පිටින්ම දුවන්නේ “පාසැල් වෑන් රථය” මඳ වේලාවකින් ගේට්ටුව අසලට පැමිණ කණ රත් වෙන්න “හෝන්” ගහන නිසාය…සැමියාට කාර්යාල දුම්රිය මඟ හැරෙන නිසාය…ඔවුන් නැඟිටින විට, කෑම මේසයට යවා තියන්නට “අප්පොලා”, “ආයලා”, “බෝයිලා” නැති නිසා, ඔවුන්ටම නිදි යහනින් නැඟී ආ වතම දුවන්නට සිදුවී තිබේ…එයට කුමක් කරන්නද?…
    ඒ අය උදේට දැකීම “කඩේ මිනිහාට මූසල” බව උක්ථ ඇදුරු පවසයි…තම දරුවන්ගේ, සහෝදරයන්ගේ, පියාගේ හෝ සැමියාගේ කුස පිරවීමෙන් උදෑසන ජීවන අරගලය අරඹන කාන්තාව කරන කැප කිරීම එතරම් ශ්රේැෂ්ඨ වෙද්දී, ඇය “කඩේ ඉන්නා මුදලාලිට” උදේට දැකීම සඳහා “සෙක්සි” විය යුතු නැත…ඈ කරන මෙහෙවර, ඇගේ වටිනා කම ඔපවත් කරද්දී, පුයර තවරාගෙන කඩේ යා යුතු නැත….
    මගේ අම්මා වෘත්තියෙන් මුලින්ම ගුරුවරියකව සිට පසුව නීතිඥ වරියක් වූවාය…කළ රැකියා දෙකම සමාජයේ ඉහළ වෘතීන් වූවාය කියා, ඇයටද මුලු දවස මුළුල්ලේම නිවනක් තිබුණේ නැත…එනිසා, මේ නින්දිත කථාවට මගේ අම්මාද ඉලක්කයක් වන බව මට අවබෝධ කර ගත හැක…මක් නිසාද, මොන තරම් උගත් කම් තිබුණත්, ඇයත් අප වෙනුවෙන් මුළු දවසම කැප කොට, ඉතිරි වෙලාව තම රැකියා වෙනුවෙන් කැප කල කල්හී, ඇයට, ඇයගේ “රූප ලාවන්යමය” වෙනුවෙන් කාලයක් කැප කරන්නට ඉතිරි නොවන නිසාය…ඒත් අම්මා මට ලෝකෙන් ලස්සනම කාන්තාව වන්නේ, උක්ථ යුතුකම් වල සුවඳ අප තවමත් හොඳින් හඳුනන බැවිනි…ඒ යුතුකම් වල සුවඳ, ධනේශ්වර කොම්පැණි වැද්දන්ගේ ගුණ්ඪු ගිල, ඊනියා “සායන” පවත්වන තකතීරුවන්ට අමතකව තිබුණත්, ඒවා තාම මතක තියෙන අතලොස්සක් මේ සමාජය තුල ජීවත් වන බව, ධන වැද්දන්ට හා උන්ගේ ධන පොඩ්ඩන්ට මතක් කර දිය යුතුව ඇත…
    මේ “මැක්සිම් ගෝර්කි” වැනි උතුම් මිනිසුන් “අම්මා” ගැන විග්ර හ කළ ලෝකයයි…එවන් ලොවකට මෙවැන්නෝ පහළ වීමද පාපයකි…එය ඔවුන්ගේ පහළ වීමේ වරද නොව, ඔවුන් සෘජුව හා වක්රතව “කඩේ යන” කොම්පැණි ධනේශ්වරයේ වරදයි…මෙවැනි ඊනියා “සායන” හෝ “වැඩමුළු” වලට අතදිග හැර “රූප ලාවණ්ය, ෂැම්පු, සබන්, පුයර, විලාසිතා” කොම්පැණි නඩේ වියදම් කරනවාට සැක නැත…එනයින් කල්පනා කර බැලුවහොත්, මේ දමන්නේ “Pressure Advertising” ගණයට අයත් “ඇඩ්” එකකි…”ඇඩ්” එක නිසා ලැජ්ජාවට පත් වෙන කාන්තාවෝ, මේ කියන අයුරින් “හුචක්කු” තත්වයෙන් මිදෙන්නට යන විට එයින් වාසි අත් වන්නේ කාටදැයි කිව යුතු නැත…1992 වසරේ “අයිෂ්වර්යා රායි” ගෙන් අරඹා, පිට, පිට වසර 3ක්, ලෝක රූ රැජිණ කිරුළ ඉන්දියාවට දෙද්දී, “එසේ කරන්නේ ඇයි දැයි?” ලෝක රූ රැජිණ තරඟයේ සංවිධායකයන්ගෙන්, ඇමරිකාවේ එක්තරා රූපවාහිනි සේවයක් ප්රලශ්න කරන ලදී…එවිට, ඒ පිරිසගෙන් එක් අයෙකු දුන් ප්රනකට-රහසිගත පිළිතුර වී ඇත්තේ ” මේවාට වියදම් කරන්නේ රූප ලාවන්යිය හා විලාසිතා සමාගම්…ඒ අය දැන් ඇමරිකාවට හා යුරෝපයට බඩු විකුණාගෙන ඉවරයි…දැන් ඔවුන්ට ඕනා, ඉන්දියාවේ මහා කාන්තා ජන ගහණයක් සිටින වෙළඳ පොලට පිවිසෙන්න…ඒ නිසා ඔවුන්ට උවමනයි ඉන්දියානු කාන්තාවන් අතර “රූප ලාවන්ය ය රැල්ලක්” ඇති කරන්න…ඒකට හොඳම විදිය තමයි, ඉන්දියාවෙන් ලෝක රූ රැජිණියන් පත් කොට එරටට යැවීම” කියා හෙළිදරව් කර ඇත….මේ කරන්නේද, එවැනිම වූ ධනපති මායමක, එක්තරා රංගනයක් වන්නට බෙහෙවින්ම ඉඩකඩ ඇත…
    අපේ මිනිස්සු අනාදිමත් කාළයක් සිට “උඹ නොදකිං ” කියා නොගෙන පවුල් කන්නට දන්නෝය…ඒවා පරපුරෙන්, පරපුරට, ඉතාම රහසිගතව “පරිත්යාිග” කෙරෙන පවුල් රහස්ය….ඒ නිසා, ඒ අයගේ පවුල් ජීවිත වල “ලිංගික තුෂ්ඨිය” සහ සමීප බව රැක ගැනීම සඳහා, අමුතුවෙන් කවුරු වත් ” නහය විකන, සිප ගන්න, කන හපන, උරන” ඒවා කියා දිය යුතු නැතැයි සිතිය හැක…
     

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    අතීතයේ ගැමියෝ තම බිරිය හැඳින්වූයේ “ගොයම් වැස්සි” යනුවෙන්ය…මේ කියමන, අද ඉන්නා ඊනියා “සායන කරුවන්ට, උපදේශකයන්ට, හෝ “විමෙන්ස් රයිට්ස්” කාරියන්ට ගෙනිහින් පෙන්නුවා නම්, ඔවුන් “ආපෝ! කාන්තාවගේ අයිතීන් උල්ලංඝණය කරන කථා” කියා කම්මුලේ අත තියා ගනු නිසැකය…එහෙම උනත් ඒ කියමනෙහි අරුත මෙයයි…”ගොයම් තුළින් ගැමියා දකින්නේ සෞභාග්යැ හා වාසනාවයි…වැස්සී තුළින් දකින්නේ “මාතුගාමී” සශ්රිනකත්වයයි”…මේ දෙක මුහු කොට තම බිරිය අමතන්නේ හදේ පිරී, ඉතිරී යන අහිංසක, අව්යාාජ ආදරයෙනි…උතුරා යන සෙනෙහසිනි…ඒ සෙනෙහසට, ඇගේ මූණ දාඩියෙන් තෙත්ව තිබීම හෝ, ඇගේ වස්තරේ දැලි, කුණු තැවරී තිබීම බාධාවක් නොවීය…ඒ අය බොහොම ලේසියෙන් දරුවන් හත්, අට දෙනාද හදන ලදී….
    මේ ආචාර්යවරයා කියන විදියට, යම් කිසි සැමියෙක් තම බිරිඳගේ අපිරිසිදු කම ලෙස ඔහු හුවා දක්වන යම් දෙයක් නිසා, මඟ තොටේදී හමුවන “වෙළඳ මායාවට අසුවූ බෙන්ස් කාර්” හෙවත් අයතනයේ කාර්යාල සේවිකාවන් අතර බහුලව සිටින “ටිෂූ ලේඩීස්ලා, නැත්නම් පවුඩර් ගර්ල්ස්ලා” ට වහ වැටී, ඔවුන් හා අනියම් පෙමක වරදේ බැඳෙන්නට යා හැකි අතර, එසේ නම් එයට 50% වගකිව යුතු වන්නේද, ඒ අයගේ ඉහත කී “හුචක්කු” වර්ගයට අයත් බිරින්දෑ වරුන්මය…
    යම් කිසි සැමියෙකුට මෙලොව ලද හැකි ඉහළම දායාදය වන්නේ වැඩට කැපවූ බිරිඳකි…තමන් වෙනුවෙන් වෙහෙසෙන, තම දූ දරුවන් වෙනුවෙන් වෙහෙසෙන, ඒ නිසාම, ඒ අය වෙනුවෙන් කරන මහා කැපවීම නිසාම දැළි, කුණු තවරා ගෙන සිටින බිරිඳකි…එවැනි වටිනා, බුදු බණෙහි එන “මාතු භාර්යාව”කගේ වටිනා කම තේරුම් නොගෙන යම් සැමියෙකු, මගදී හෝ කාර්යාලයේදී දකින, විනාඩි පහෙන් පහට “ටිෂූ පැකට්” එකෙන්, ටිෂූ ගෙන සර්වාංගය පිහින, “මේකප් බෝනික්කියෙක්” ඇසුරට අනියමින් වැටෙන්නේ නම්, අපිට කියන්නට තියෙන්නේ, ඒකා උපන් ගෙයි බූරුවෙකු බවය…තම බිරිය, කුණු පෙරාගෙන හෝ තමා වෙනුවෙන් කරන කැප කිරීම, ලිංගාවයවයෙන් නොව බුද්ධියෙන් දැක, ඒ දාඩිය, දැළි, කුණු තුල වෙසෙන උතුම් ගැහැණියට ආචාර නොකොට, “ටිෂූ බෝනික්කියෙකු” දුටු ගමන් හිත වෙනස් වෙන මෝඩයා ඇත්තෙන්ම “ගෘහ මූලිකත්වයකට” සුදුසු නැත….
    මේ නිසා මෙවැනි මනුෂ්යූයත්වයට හා ශාපලත් ධනේශ්වරයෙන් තොරවූ, අව්යාවජ මිනිස් සබඳතාවයන්ට නිගා දෙන අයගේ මොළ ගෙඩි වලට “හුචක්කුවා” යැයි කීම, සමාජය විසින් කළ යුතුව ඇත…උදේ සිට රෑ වෙන කල්, අතිනත ගත් දා සිට වළ පල්ලට යන දිනය තෙක්, නොකඩවා, ජීවිතය අනුන් වෙනුවෙන් ගෙවා දමන, එහෙත් ආපසු කිසිදු උපහාරයක් හෝ වැටුපක් බලාපොරොත්තු නොවන “ගෘහණියෝ”, දේශයේ “ශ්රිම බළකා දේහයේ” ලේ ධාතූන්ය…රටක් ඉදිරියට දුවන්නේ එවැන්නියන්ගේ ලේ, කඳුළු දහදිය පාගා ගෙනය…
    මේ අය මේ කියන ඊනියා පිරිසිදුවට හා “සෙක්සි” විදියට, ගෙදරට සැමියා එනවිට, බිරියට ඉන්න බැරි, ඇය අධික ලෙස ජීවන යථාර්තයේ බර උහුළන නිසාම පමණක් නොවේ….අප තුන්වැනි ලෝකයේ රටකි.. අද කාලයේ අලුත් “නයිට් ගවුමක” මිළ කීයදැයි මේ මිනිසුන්, මෙවැනි කථා කියන්නට පෙර, සොයා බලා තිබේද?…ඇඳුම් කොපමණ මිලෙන් අධිකද?…ඇතැම් විට ඇය එහෙම ඉන්නේ දරිද්රකතාවය නිසා නොවිය හැකිද?…කාන්තාවෝ කොහොමත් ලස්සනට අඳින්නට කැමතිය…එහෙමත් තියෙද්දී, ඇය එහෙම ඉන්නේ, ඇගේ ඇඳුමට වියදම් කරන්නට තිබෙන මුදල, ඊට වඩා වැඩි ප්රකමුඛතාවයක් දිය යුතු “පවුලේ ” වැඩකට කැප කොට සිටින නිසා නොවිය හැකිද??..ඇතැම් විට දරුවන්ගේ මාසික පංති ගාස්තු ගෙවීමට ඒ මුදල කැප කළ නිසා නොවිය හැකිද??…ඇතැම් විට ගෑස් සිලින්ඩරය අවසන් වූ පසු අළුත් ගැස් සිලින්ඩරයක් ගෙනවුත්, අධික ජීවන බරට යටවී, ලිප ගිනි මොළවන්නට නොවිය හැකිද?…
    ධනයෙන් හා සම්පතින් ආඪය වූ මේ ඊනියා “පළමුවැනි ලෝකයේ”, සිහි විකල් වෙන්නට “විස්කි” ගසා, පුටු සැටියක් උඩ හෝ සෝෆාවක් උඩ, සිගරට් අලු ගොඩක් මත, යට ඇඳුම් පිටින් හෝ අමු නිරුවතින් හතර ගාතෙන් වැටී සිට, සැමියා නිවසට ආ විට, යාන්තම් ඇස් ඇර ඔහු දෙස බලන, මිහිපිට මළ පෙරේතියෝ වන් බිරියෝද එමට සිටින්නෝය…ඔවුන්ටද “භාර්යාවෝ” කියති…ඒ ගැහැණු සමඟ බලන විට, තම බත් පත පිස දෙන්නට, වස්තරේ දැළි, කුණු තවරා ගත්, තමාගේම දරුවාවගේ මුහුණ පිසලූ ජීවන සුවඳ සහිත වස්තරයක් ඇඳ ගත් බිරියක්, “හුචක්කුවක්” වන්නේ කෙසේද?…
     

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    කොහෙන් හෝ ලැබෙන ධනපති සමාගම් “ගුණ්ඩුවක්”, තළු මර, මරා ගිල දමා, ඒ මතින්, රා බී වෙරි වූ මීයන් සේ, අමන තකතීරු කතා ප්රනසිද්ධියේ කියන “හුචක්කුවන්ට”, ඒ කාන්තාවන්ගේ දෑත්, උදෑසන සිට රාත්රි්ය වන තෙක් “කී වරක් ලිපට පිච්චෙනවාද?, කී වරක් හුමාලයට පිච්චෙනවාද?, කී වරක් කැපී ලේ එනවාද?, කී වරක් හීරෙනවාද?” යන්න නොපෙනේ…ඒ ඔවුන්ගේ “හුචක්කු” මොළ ගෙඩි වල දිග පළල, සාක්කුවලට දමන නෝට්ටු වල දිග පළලට අනුලෝමව සමානුපාතික වන නිසාය… ලණු කෑල්ලකින් උපැස් යුවලක් බෙල්ලේ ඉල්ලාගෙන සිටින මොහු තරම් තවත් හුචක්කුවෙක් නැතැයි මොහු දෙස බලා මා මිතුරියක් මහා හඬින් සිනාසෙමින් මා සමඟ පැවසුවේ ඒ නිසා දැයි නොදනිමි.
    දේශයේ මාතාවනි!…ඔබ පිරිසිදු වන්න උත්සාහ කරන්න…! එහෙත් ඔබ හෝ ඔබට අඳින්නට ඉතිරිවී ඇති වස්ත්ර , මව් සෙවණේ හැදුණු වැඩුණු, මව් ගුණ හඳුනන අපට “හුචක්කු” නොවේ…!…ඔබ ඔය ඉන්නා විදියටම, අපිට හුඟාක් ලස්සනය….!
    ලිපියට ප්රණස්තුත වූ “හුචක්කු” කථාව මෙතනින් බලන්න…:
    - ප්රුභාශ්වර දොඩම්පහල
     

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    oya meddin reply dapu thundena poddak eka ain karanna try ekk denawada? ethkota eka para kiyawagena yanna pulwuan........ meka lankacnews wala tibuna ekk...........