… දෙවනුව පැකර් ගැන තිබෙන අනුකම්පාව පිළිබද &#35

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    … දෙවනුව පැකර් ගැන තිබෙන අනුකම්පාව පිළිබද &#35

    පළමුව අසල්වැසියාගේ ප්‍රශ්නය ගැන කතා කරමු… දෙවනුව පැකර් ගැන තිබෙන අනුකම්පාව පිළිබද ප්‍රශ්ණ කරමු…



    cartoon_11-300x162.jpg


    ලියුම්කාරිය කාලයක් ජීවත්වූයේ ‘වනාතමුල්ලේ‘ ය…
    අංක 51,34,63,45,ටී-20 සහ ඇපල්වත්ත යන වතු වල ජීවත්ව සිටි ඒ අසල්වාසීන් වහාම සිය නිවෙස්වලින් ඉවත්වියයුතු බවට නාගරික සංවර්ධන අධිකාරියෙන්-මහ නගරසභාවෙන් ඔවුන් ට දැනුම් දී ඇත.
    ‘ඇපල්වත්ත‘ ජනතාව විසින් මීට එරෙහිව පවරණ ලද ‘අයිතිවාසිකම්‘ පෙත්සම ඊයේ (23) විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, මාස දෙකක් ඇතුලත ඔවුන් (පවුල් 570) සිය ගෙවල් වලින් පිටමං විය යුතු බවට නියෝග කරණු ලැබිණි…


    මේ වතු වල ජීවත්වන මගේ අසල්වැසියන් බොහෝවිට නාගරික කුලීකරුවන් ය. කුඩා ව්‍යාපාරිකයින් ය. පෞද්ගලික ආයතන සේවකයින් ය. මේ අතර ඇතැමෙක් රාජ්‍යෙස්වකයින් ය. බොහෝ අය දවස්පඩිකරුවන් ය…නැතහොත් අඩුමාස් පඩිකාරයින් ය.
    පාර්ලිමේන්තුවේ/කුරුදුවත්තේ මෙන් ම කුඩුකාරයින්,බඩුකාරයින් ද ඒ අතර සිටී…


    කෙසේවෙතත් නාගරික සංවර්ධන අධිකාරියේ නිල බලය යටතේ කොම්පඤ්ඤවිදියේ ගෙවල් වලට කළ දේ හෙට අනිද්දාට මේ වතු ගෙවල් වලට ද කරනු ඇත….


    එනම් ඩෝසර් කර සමතලා කර දැමීමයි….


    අවුරුදු හැට ගණනකට එහා දිවෙන ඉතිහාසයක් ඇති මේ ගෙවල් වලට ඔප්පු පවා ඇත. ඒ ඔප්පු ලබාගැනීම වෙනුවෙන් ඔවුන් අවුරුදු ගාණක් ආණ්ඩුවට මාසික වාරික වශයෙන් මුදල් ගෙවා ඇත.


    ඔවුහු ණය තුරුස් ගෙන ඒ ඉඩම් වල හැකි පමණ හොද විදියට සිය ගෙවල් ඉදිකර තිබේ. (සෙල්ලම් ගෙවල් නොවේ…)
    මේ ගෙවල් සමතලාකිරීම වෙනුවෙන් ආණ්ඩුවෙන් ඔවුන්ට වන්දි නොලැබේ… ඒ වෙනුවට වර්ග අඩි තුන්සියගානක මහල් නිවෙස් ‘කූඩුවක්‘ ලැබේ…


    චූටි කාමර දෙකයි
    චූටි සාලයයි
    චූටිම චූටිම චූටි කුස්සියක් සහ කක්කුස්සියක් ඊට අයත් ය…



    මේ මහල් නිවාස හදන කාලයේ දින දෙක තුනකට වතාවක් ලියුම්කාරිය අඩු මිලට එළවලු ගැනීම සදහා ඔය කියන මහල් නිවාස සංකීර්ණ වැඩ බිම හරහා සහස්පුර පොළට ගොස් තිබේ…


    ඒවා හදමින් තිබූ කෝන්ක්‍රීට් ගල් වතුරේ උඩ පාවෙන වර්ගයේ ඒවාය… මිත්‍ර සැලසුම් ශිල්පියෙක් පැවසුවේ මේවා ඒතරම් කල් අල්ලා නොහිටින බවට සැක නැති බවත්, මේවා මිනිස්ජීවිත යොදාගෙන කරනුලබන ‘ඉන්දියන් ගොඩනැගිලි පර්යේෂණ‘ වන බවත් ය.


    මේ චූටි ගෙවල් මිනිසුන්ට ලබා දෙන්නේ ද මසකට රුපියල් 4000 ක් පමණ ගෙවන පදනම යටතේය. (අවුරුදු 20 ක් ගෙවිය යුතුය / මේවා අවුරුදු 20 ක් පවතී ද යන්නත් සැක සහිතය)
    මීට අමතරව මුල් මාස තුන ඇතුලත වෙනම ‘රුපියල් ලක්ෂයක්‘ ද ගෙවිය යුතුය.


    ඒ ආණ්ඩුවම දස අවුරුදු බදු පූර්ණ වශයෙන් නිදහස් කර ජේම්ස් පැකර්ට ලේක් හවුසිය ඉදිරිපිට රථ ගාල ලබාදුන්නේ කැසිනෝ බිස්නස් එකකට ය…


    ඉන් නොසෑහී තවත් අවුරුදු පහළොවක් ‘බදු සහන‘ දීම සදහා ඇග්‍රිමන්ට් ගසා තිබේ…


    සුරේකාගේ පුරවැසි පත්‍රිකා මුහුනු පොතෙන්
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    e pathe lawata poddak hoda gewaluth thiyenawa bn na kiyanne na bt hugak ewata wada oya kiyapu mahal niwasa hodai bn mona unath duppathun inne samaharak ituru aya medium clss thamnge gewal kadenawa kiyanne eminisunta dukak thama eka athakin hodai mokada hugak ewwa podi pathu waththa wal walin thama yanda thiyenne