ℵℵℵ ඔබේ නිවසේ විදුලි පද්ධතිය ගැන ඔබ දැනුව&#350

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ℵℵℵ ඔබේ නිවසේ විදුලි පද්ධතිය ගැන ඔබ දැනුව&#350

    ~ ඔබේ නිවසේ විදුලි පද්ධතිය ගැන ඔබ දැනුවත්ද ~

    electricpanelwiring.jpg


    230V ප්‍රධාන විදුලි සම්බන්ධතාවය අපේ අත්‍යාවශ‍ය අංගයක් බවට පත්ව ඇති නිසාම සුළු මොහොතකට හෝ විදුලි සම්බන්ධතාවය විසන්ධි වූ විටෙකදී අපට නිතැතින්ම සිහිවන්නේ දවසේ වැඩ සියල්ලම අතරමග නැවතිය හැකි බවයි.. නමුත් සමහර අවස්ථාවන්හීදී ප්‍රධාන විදුලි සම්බන්ධතාවය සක්‍රීයව තිබුණත් ඔබගේ නිවසට පමණක් හෝ නිවෙසේ එක් කොටසකට පමණක් විදුලිය නොමැති වන අවස්ථාවන්ටත් ඔබ මුහුණ පා ඇති.. එවැනි අවස්ථාවකදී විලායකයන් (Fuse) මාරු කිරීම, ප්‍රධාන වහරුව (Main Switch) හෝ ස්වයංක්‍රීය වහරුව (ELCB-Earth Leakage Circuit Breaker) පරීක්ෂාකිරීමෙන් අනතුරුවත් යථා තත්වයට පත් නොවෙතොත් විදුලි කාර්මිකයෙකුගේ සහය පැතීම නිරන්තරයෙන්ම සිදු වන්නක්.. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඔබේ නිවස තුළ ස්ථාපිත කර ඇති විදුලි පද්ධතිය සම්බන්ධයෙන් යම් තරමකට හෝ ඔබව දැනුවත් කිරීමටයි..

    leco.jpg


    ඔබේ නිවසට ආසන්නව පිහිටා ඇති විදුලි රැහැන් කණුවේ සිට පැමිණෙන වයරය සම්බන්ධ වන්නේ නිවසේ පිටතින් පිහිටුවා ඇති ඇම්පියර 30ක ධාරවක් ගමන් කරවිය හැකි විලායකය වෙතටයි.. නිවස අභ්‍යන්තරයේ සිදුවන විදුලි කාන්දුවකදී අභ්‍යන්තර විලායකයන් දැවී නොයන අවස්ථාවකදී මෙම විලායකය විසන්ධි වීම බොහෝ විට සිදුවනවා.. ඉන් අන්තුරුව මනුව (Meter) (Main Fuse) දක්නට ලැබෙනවා. මෙහි සිට නිවස අභ්‍යන්තරයේ ඇති ප්‍රධාන වහරුව දක්වාත් අනතුරුව ස්වයංක්‍රීය වහරුව දක්වාත් විදුලි සම්බන්ධතා වයරයන් සම්බන්ධ කර තිබෙනවා.. ස්වයංක්‍රීය වහරුවේ සිට විලායකයන් දක්වා ගමන් කරන විදුලිය ඉන් අනතුරුවයි නිවසේ එක් එක් කොටස් දක්වා බෙදා හරිනු ලබන්නේ..


    නිවස තුළ පොදුවේ ගමන් කරන අජීවි වයරය (Neutral) මෙන්ම විලායකයක් හරහා පැමිණෙන සජීවි වයරයන් (Live) කිහිපයක්ම දක්නට ලැබෙනවා.. විලායකයක් හරහා පැමිණෙන විදුලියට සම්බන්ධ කර තිබෙන උපාංගයක දෝෂ සහගත තත්වයක් නිසා අධික ධාරාවක් ලබා ගන්නා විටකදී නිතැතින්ම එයට අදාල විලායකය දැවී යාම සිදුවනවා.. නමුත් වර්ථමානයේදී නම් දක්නට ලැබෙන්නේ ස්වයංක්‍රීයව පරිපථය විවෘත කරවන විලායකයන් (MCB) වන අතර කිනම් හෝ හේතුවක් නිසා විලායකය විසන්ධි නොවුවහොත් මා ඉහතින් සදහන් කළ පරිදි මනු කියවනය අසලම ඇති ප්‍රධාන විලායකය විසන්ධි (OFF) වනවා..


    diagram.jpg


    එනමුත් යම් පුද්ගලයෙකුට විදුලි සැර වැදීමකදී විලායකය විසන්ධි වීමක් සිදු නොවන නමුත් ස්වයංක්‍රීය වහරුව ක්‍රියාත්මක වී විදුලි සම්බන්ධතාවය විසන්ධි වීම සිදු වනවා.. සජීවී වයරය කුමන හෝ ආකාරයකින් පොළව සමග ස්පර්ශ වීමකදී ස්ව‍යංක්‍රීය වහරුව තත්පරයක පමණ කාල පරාසයක් ඇතුළත ක්‍රියාත්මක වන අතරම විදුලි කෙටීමක් වැනි අවස්ථාවකදීද සිදුවන්නේ සජීවී සම්බන්ධතාවය භූගත වීමයි.. විලායකයක් දැවීගිය අවස්ථාවකදී නැවත එම විලායකය සම්බන්ධ කිරීමට ප්‍රථම අදාල විලායකය දැවී යාමට හේතුව කුමක්ද යන්නත් විමසා බැලිය යුතුයි.. බොහෝවිට දෝෂ සහිත උපාංගයක් විලායකය ඔස්සේ ලබා දෙන පේනුවකට හෝ හෝල්ඩරයකට සම්බන්ධ කර තිබීම බොහෝ විට හේතුවක් විය හැකියි.. එසේම විදුලි කෙටීමක් සිදු නොවන අවස්ථාවකදී ස්වයංක්‍රීය වහරුව ක්‍රියාත්මක වී විදුලි සම්බන්ධතාවය විසන්ධි කර දමනවා නම් නැවත එම සම්බන්ධතාවය ප්‍රකෘති කිරීමට ප්‍රථම එසේ විසන්ධි වීමට හේතුවද විමසා බැලිය යුතු වනවා.. උපාංගයක් අභ්‍යන්තරයේ සිදුවන විදුලිය භූගත වීමක් හෝ පේනුවක් හෝ ස්විචයක් තුළට ජලය කාන්දු වීමද මේ සදහා හේතුවක් විය හැකියි..

    කලක් තිස්සේ භාවිතා කළ ස්ව‍යංක්‍රීය වහරුව ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හීදී ඒ සදහා වැය වන මුදල ගැන නොසිතා ක්‍රියාකාරී තත්වයේ උපාංගයක් එක් කර ගැනීම නිවැසියන්ගේත් , නිවස තුළ තිබෙන විදුලි උපකරණ වලත් ආරක්ෂාව කෙරෙහි ඔබට ගත හැකි හොදම විසදුමයි..
    :yes::yes::yes:

    source:
    Code:
    http://blog.electronicinside.com