⌘⌘ Intel Compute Stick දැන් ලංකාවේ ! ⌘⌘
Intel Compute Stick වර්ග දෙකකින් යුක්තයි. “Windows 8.1” මොඩලය සහ “Ubuntu 12.04.LTS” මෙම මොඩල දෙවර්ගයම කෝඩ් කෝර් ඉන්ටෙල් ඇටම් ප්‍රොසෙසර් (quad-core Intel® Atom™ processor) එකකින් බල ගැන්වෙනවා. ඒ වගේම මොඩල දෙවර්ගයටම Wi-Fi, Bluetooth, සම්බන්ධතාවයන් සහ USB සවිකිරීමේ හැකියාවත් සමග Micro SD කාඩ් ඇතුලත් කිරීමටත් පුළුවන්. Windows මොඩලය 2 GB මෙමරියක් සහ 32 GB ධාරිතාවයකින් යුක්ත වෙනවා. ඊට අමතරව McAfee ඇන්ටිවයිරස් මෘධුකාංගය ද එයට ඇතුලත් කර තිබෙනවා. Ubuntu මොඩලය 1 GB මෙමරියක් සහ 8 GB ධාරිතාවයකින් යුක්ත වෙනවා.
ප්‍රමාණයෙන් කුඩා වුනත් මෙමගින් සාමාන්‍ය පරිගණකයක වේගය සහ හැකියාවන් සියල්ලම ඔබට ලබා ගන්නට පුළුවන්.
ඉන්ටෙල් සමාගම මෙලෙස PLUG & PLAY ක්‍රමය යොදාගනිමින් නිෂ්පාදනය කල compute Stick එක පරිගණක තාක්ෂණයේ විප්ලවකාරී වෙනසක් ඇති කිරීමට සමත් වේ යැයි අපේක්ෂා කරන්නට පුළුවන්. ඔබට කරන්නට තිබෙන්නේ Stick එක මොනිටරයකට සහ Power Supply එකට සම්බන්ධ කරන්නට පමණයි. wireless මවුස් එකක් සහ කීබෝඩ් එකක් bluetooth මගින් සම්බන්ධ කරන්නට පුළුවන්.
දැන් මෙම නිෂ්පාදනය ශ්‍රී ලංකා වෙළඳපොළ වෙත පැමිණ තිබෙනවා. compute Stick එක ලංකාව තුල එලි දැක්වුණේ පසුගිය අප්‍රේල් මාසයේ. එහෙත් මෙය විවෘත වෙළඳපොළට එන්නේ කවදාද යන්න එහිදී පැහැදිලි ලෙස කියවුනේ නැහැ. පසුගිය දා Intel සමාගමේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කළමනාකාර ඉන්දික ඩි සොයිසා මහතාගේ ප්‍රධානත්වයන් CR & FC හි පැවැත්වුණු උත්සවයකින් අනතුරුව මෙම නිෂ්පාදනය විවෘත වෙළඳපොළට ලබා දුන්නා.
සාමාන්‍ය Desktop පරිගණකයක Central Unit එක කියන්නේ ප්‍රමාණයෙන් විශාල දෙයක්. එත් දැන් එය එහෙම නෑ. Intel සමාගම විසින් ගෙන එන Intel Compute Stick එක මුළු Central unit එකම වෙනස් කරන්න සමත් වෙලා තිබෙනවා. මේ compute Stick එක හැඩයෙන් පෙන් ඩ්‍රයිව් එකක් වගේ. ඔබ භාවිතා කරන මොනිටරයට, නැතිනම් රූපවාහිනියට මෙය HDMI කේබල් එක මාර්ගයෙන් සවි කරගන්න විතරයි අවශ්‍යය වෙන්නේ. ඔබට යන යන තැන ලැප්ටොප් එකකට වඩා පහසුවෙන් මෙය අරගෙන යන්න පුළුවන්.
Intel Compute Stick වර්ග දෙකකින් යුක්තයි. “Windows 8.1” මොඩලය සහ “Ubuntu 12.04.LTS” මෙම මොඩල දෙවර්ගයම කෝඩ් කෝර් ඉන්ටෙල් ඇටම් ප්‍රොසෙසර් (quad-core Intel® Atom™ processor) එකකින් බල ගැන්වෙනවා. ඒ වගේම මොඩල දෙවර්ගයටම Wi-Fi, Bluetooth, සම්බන්ධතාවයන් සහ USB සවිකිරීමේ හැකියාවත් සමග Micro SD කාඩ් ඇතුලත් කිරීමටත් පුළුවන්. Windows මොඩලය 2 GB මෙමරියක් සහ 32 GB ධාරිතාවයකින් යුක්ත වෙනවා. ඊට අමතරව McAfee ඇන්ටිවයිරස් මෘධුකාංගය ද එයට ඇතුලත් කර තිබෙනවා. Ubuntu මොඩලය 1 GB මෙමරියක් සහ 8 GB ධාරිතාවයකින් යුක්ත වෙනවා.
ප්‍රමාණයෙන් කුඩා වුනත් මෙමගින් සාමාන්‍ය පරිගණකයක වේගය සහ හැකියාවන් සියල්ලම ඔබට ලබා ගන්නට පුළුවන්.
ඉන්ටෙල් සමාගම මෙලෙස PLUG & PLAY ක්‍රමය යොදාගනිමින් නිෂ්පාදනය කල compute Stick එක පරිගණක තාක්ෂණයේ විප්ලවකාරී වෙනසක් ඇති කිරීමට සමත් වේ යැයි අපේක්ෂා කරන්නට පුළුවන්. ඔබට කරන්නට තිබෙන්නේ Stick එක මොනිටරයකට සහ Power Supply එකට සම්බන්ධ කරන්නට පමණයි. wireless මවුස් එකක් සහ කීබෝඩ් එකක් bluetooth මගින් සම්බන්ධ කරන්නට පුළුවන්.
දැන් මෙම නිෂ්පාදනය ශ්‍රී ලංකා වෙළඳපොළ වෙත පැමිණ තිබෙනවා. compute Stick එක ලංකාව තුල එලි දැක්වුණේ පසුගිය අප්‍රේල් මාසයේ. එහෙත් මෙය විවෘත වෙළඳපොළට එන්නේ කවදාද යන්න එහිදී පැහැදිලි ලෙස කියවුනේ නැහැ. පසුගිය දා Intel සමාගමේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කළමනාකාර ඉන්දික ඩි සොයිසා මහතාගේ ප්‍රධානත්වයන් CR & FC හි පැවැත්වුණු උත්සවයකින් අනතුරුව මෙම නිෂ්පාදනය විවෘත වෙළඳපොළට ලබා දුන්නා.
දැනට මෙහි මිල සඳහන් වෙන්නේ windows Stick එක ඩොලර් 140ක් ලෙස සහ Ubuntu Stick එක ඩොලර් 120ක් ලෙසින්.
readme lk
Last edited:

rep +++