⌘ ⌘_අරුම පුදුම ජල පැන්නුම - ජර්මනිය_⌘ ⌘

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ⌘ ⌘_අරුම පුදුම ජල පැන්නුම - ජර්මනිය_⌘ ⌘

    .............................................................................................................................................................

    ⌘ ⌘.........._අරුම පුදුම ජල පැන්නුම - ජර්මනිය_..........⌘ ⌘

    magdeburg-water-bridge6%5B26%5D.jpg


    සාමාන්‍යයෙන් අපි නිතරම අහන දකින පාලම් හදලා තියෙන්නේ වතුරට බහින්නේ නැතුව වතුර පාරකින් එගොඩ වෙන්න. නමුත් මේ කියන්න යන පාලම එවැනි සාමාන්‍ය පාලමක් නෙවෙයි. මේ පාලමේ විශේෂත්වයක් තියෙනවා. මේ පාලම යටින් වතුර ගලා බහිනවා වගේම මේ පාලම මතත් වතුර ගලා බහිනවා.

    magdeburg-water-bridge6%5B13%5D.jpg


    ජර්මනියේ පිහිටා තිබෙන මේ පුදුමාකාර පාලම හඳුන්වන්නේ මැග්ඩබර්ග් ජල පැන්නුම නමින්. ජර්මනියේ එල්බෙ-හැවල් ඇළ මාර්ගය හා මිටෙලන්ඩ් ඇළ මාර්ගය මෙම ජල පැන්නුම මගින් සම්බන්ධ කෙරෙනවා. මෙමගින් බෝට්ටු හා නැව් වලට එල්බෙ ගඟ තරණය කිරීමට පහසුකම් සලසා දෙනවා. මීටර් 918ක් දිග මෙය ලෝකයේ දිගම නාව්‍ය ඇළ මාර්ගය ලෙසට සැළකෙනවා.

    magdeburg-water-bridge3%5B2%5D.jpg


    magdeburg-water-bridge5%5B2%5D.jpg


    මැග්ඩබර්ග් ජල පැන්නුම නිර්මාණය කිරීමට පෙරාතුව එල්බෙ-හැවල් ඇළ මාර්ගය හා මිටෙලන්ඩ් ඇළ මාර්ගය මැගඩබර්ග් ආසන්න ස්ථානයකදීම එල්බෙ ගඟට එකතු උනත් ඇළ මාර්ග දෙක ගඟට එකතු වන්නේ ගඟේ දෙපසිනුයි. එම නිසා මෙම ඇළ මාර්ග දෙක හරහාම ගමන් කරනා නාවුක යාත්‍රා වලට එක් ඇළ මාර්ගයකින් පැමිණ එල්බෙ ගඟට වැටී අනෙක් ඇළ මාර්ගයට ඇතුල් වීම සඳහා කිලෝමීටර් 12ක දුරක් යාත්‍රා කලයුතු උනා. ඒ වගේම එල්බෙ ගඟේ පුළුල් ස්වාභාවය නිසා ජලය අඩු කාලයට මෙම ඇළ මාර්ග දිගේ නාවුක යාත්‍රා පැමිණුනත් ඒවාට එල්බෙ ගඟ හරහා යාත්‍රා කළ නොහැකි උනා. මැග්ඩබර්ග් ජල පැන්නුම නිර්මාණය කර ඇත්තේ මේ හේතු නිසාවෙනුයි.

    magdeburg-water-bridge2%255B3%255D.jpg


    මැග්ඩබර්ග් ජල පැන්නුමේ නිර්මාණ කටයුතු 1930 වර්ශයේදී ඇරඹුනත් දෙවන ලෝක යුද්ධය නිසා නවතා දැමුණු ඉදිකිරීම් කටයුතු විවිධාකාර හේතු නිසා අත්හැර දමා තිබී නැවත අරඹන්නේ 1997 වර්ශයේදීයි. සම්පූර්ණයෙන් නිමා කෙරුනු මැග්ඩබර්ග් ජල පැන්නුම 2003 වර්ශයේදී විවෘත කෙරුනා.


    magdeburg-water-bridge4%255B2%255D.jpg

    source - dhiyatha
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ලොවෙත් නැත....

    අපේ රටේ මේක ගහන්න අවරුදු 500 වත් යාවි ගැහුවනම්..
     
    • Like
    Reactions: KingCM