▄¤°බුදු¤°▄3_

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ඇයි මිනිස්සුන්ට පණ තියෙන්නේ ගස් වලට පණ නැත්තේ?

මෙහිදි ධාතු 04 පිළිබදව විස්තරයක් කරන්නේ සැකවෙනි. ඒ මාගේ මාතෘකාවට ප්‍රවෙශයක් වශයෙන් හා පංචස්කන්ධය පිළිබදව සදහනක් නොකර සත්ත්වයාගේ උපත පිලිබදව සදහන් කිරිම අපහසු කාර්‍යයක් වන බැවිනි. පංචස්කන්ධය යන්න බුදු දහමෙ මුලික ඉගැන්විමකි. පංචස්කන්ධය යන වද‍නේ තෙරැම වන්නේ ගොඩවල් 05 ක් යන්නය. එසේත් නැත්නමි 05 ක්වු මහා බර යන්නය.
මෙ පංචස්කන්ධයට අයත් වන්නේ,
01)රැප
02)වෙදනා
03)සංඥා
04)සංකාර
05)විඥාන කියන මෙ කොටස් 05 යි.
මෙයිනුත් මා මිට පෙර ලිපියේ සදහන් කල කෙසෙල් කොටයේත් අපේ මෙ ශරිරයෙත් ඇති සමාණත්වය මොකද්ද කියල තේරැමි ගන්න පුලුවන් වෙන්නේ මෙ රැප පිළිබදව දැනුමක් ඇති විටයි.

මොනාද මෙ රැප කියන්නේ?
රැප කියන වචනයේ නියම තේරැමෙන්, සැම කාලයකම එකම අයුරින් පැවැත්මක් නොමැතිව කලින් තිබු ස්වරැපය වෙනස් වි, වෙනත් ස්වරැපයක් ගන්නා හෝ විනාශ වන ‍දෙය යන අර්ථය ප්‍රකාශ වෙයි. බුදු රජානන් වහන්සේ රෑප යනු කුමක්දැයි විස්තර කර ඇත්තේ මෙ ආකාරයටයි.
"කතමඤ්ච භික්ඛවෙ රැපං? චත්තාරෝ මහා භුතා චතුන්නඤ්ච මහා භුතානං උපාදාය රෑපං, ඉදං වුචිචති භික්ඛවෙ රෑපං"
එහි අර්ථය වන්නේ
" මහණෙනි, රෑපය යනු කවරේද? සතරමහා භුතයෝය. මෙ සතර මහා භුතයන් නිසා (හටගන්නා)උපාදාය රැපයෝය යන මෙ
සියල්ල රෑප වෙ" යනුවෙන් බුදුපියාණන් වහන්සේ රැප පිළිබදව දක්වා ඇත.

එසේනමි මොනාද මෙ සතර මහා භුතයෝ කියන්නේ?
01)පඨවි ධාතුව
02)ආපෝ ධාතුව
03)තේජෝ ධාතුව

04)වායෝ ධාතුව කියන මෙ ධාතු කොටස් 04 ට තමයි මහා භුතයෝ එහෙමත් නැත්නමි මහා භුත රෑප කියල කියන්නේ. මෙවාට මහා භුත රැප කියන්නේ සාගර, පස් ,භුමිය , සුලග, ගින්න ආදි වශයෙන් මෙම රැපයන් අති මහත්ව ලොව පහල වන නිසයි.

මෙ රැප හතර මුලින්ම විද්‍යාවෙන් පහදාගෙන ඉන්න එක ගොඩක් වටිනවා. වැඩි විස්තරයක් පස්සේ කරන්න තියාගෙන සරල විස්තරයක් විතරක් මෙතනදි බලමු. දැන් අපි හිතමු මෙතන යකඩ කුටිටියකුයි, වතුර විදුරැවකුයි තියෙනවා කියල. රසායන විද්‍යාවට අනුව
1.jpg

මෙ යකඩ කුටිටියෙත් මෙ වතුර වලත් තියෙන දේවල් අපි විශ්ලේෂණය කලොත් අපිට බලන්න පුලුවන් වතුර හැදිල තියෙන්නේ හයිඩ්‍රිජන් අණු දෙකක් හා ඔක්සිජන් අනුවක් එකතු විමෙන්. මෙ අනුවත් අපි බිදල බැලුවොත් මෙකේ තියෙන්නේ හයිඩ්‍රිජන් පරමානු දෙකයි ඔක්සිජන් පරමානුවයි. මෙම පරමානු තවත් විශ්ලේෂණය කලොත් අපිට පේනවා මෙවායේ තියෙන්නේ වෙගයෙන් චලනය වන ඉලොක්ට්‍රාන වලාවන් කියල. ඉලෙක්ට්‍රොන වලාවක තියෙන්නේ ශක්තියක් මිසක් වෙන ස්පර්ශ කරන්න පුලුවන් භෞතික දෙයක් නෙමෙයි. මෙ ඉලෙක්ට්‍රොන වලාවනුත් අන්තර් බන්ධන හා අන්ත'ක් බන්ධන වලින් බැදිලයි තියෙන්නේ. එචිචර දුරට ගියොත් කථාව තොර ගන්න අමාරැ වෙන නිසා
2.jpg

අණුව කියන තැනින් නවතිමු. මෙ හයිඩ්‍රිජන් පරමානු දෙකයි ඔක්සිජන් පරමානුවයි නිකන් තිබිබට බන්ධනඇති වෙන්නේ නැ. බන්ධන ඇති ටුනේ නැත්නමි ජල අණු නිර්මාණය විමකුත් නැ. බන්ධන ඇතිවෙලා ජල අනුවක් හැදෙන්න නමි. එම පරමාණු වල භාහිර කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ඉවත් කිරිමට ශක්තිය අවශ්‍යයි. මෙම ශක්තිය ලබා දෙන්නේ සිසිලස හෝ උණුසුම මගිනි. එම සිසිලස හෝ උනුසුම මගින් ලබා දෙන ශක්තියට කියන්නේ තේජෝ ධාතුව කියලයි. මෙහෙම මෙ විදියට අනුව බැදුනහම සැදෙන ජල අනුවෙ, ධ්‍රැවිය බවක් කියල දෙයක් තියෙනවා. ඒ ධ්‍රැවිය බව නිසා මෙ ඔක්සිජන් අනුවයි හයිඩ්‍රිජන් අණු දෙකයි බැදෙන්නේ අංශක 105 ක කොනයක් ඇතිව. එක නිසා ජලයේ පිමිබුන ස්වභාවයක් තියෙනවා. මෙන්න මෙ පිමිබුන ගතිය වායෝ ධාතුව කියල කියන්න පුලුවන්. මෙ අනු අනු අතර චලනය වන සුලු ස්වභාවයක් තියෙනවා. එක නිසා ජලයට ගලා යන්න පුලුවන් මෙන්න මෙ ස්වභාවය ජලයේ ඇති ආපෝ ධාතුවයි.
ඒ වගේම මෙ ජලයේ යමි තද ගතියක් තියෙනවා. පෘශ්ඨික ආතතිය කියන සිද්ධාන්තය ඇතිවෙන්නේ මෙන්න මෙ නිසයි, දිය මකුනණා වගේ සත්තු ජලය මත ඇවිදින්නේ මෙ තද ගතිය නිසයි. ඒක තමයි ජලයේ පඨවි ගතිය. මෙක තමයි කියන්න පුලුවන් අමාරැම උදාහරණය ඒක තේරැණා නමි. මෙ ධාතු හතර හරියටම තේරැමි ගන්න පුලුවන්.

පඨවි ධාතුව.
වස්තුන්හි ඇත්තාවු තද ගතිය, රළු ගතිය, මෘදු ගතිය මොලොක් ගතිය කියන මෙ හැම දෙයක්ම පඨවි ධාතුවයි.

ආපෝ ධාතුව
තෙත ගතිය එහෙමත් නැත්නමි ඇලෛන ගතියට කියන්නේ ආපෝ ධාතුව කියලයි.

තේජෝ ධාතුව
සිසිල්ගතිය, උණුසුමිගතිය කියන මෙවට කියන්නේ තේජෝ ධාතුව කියලයි.

වායෝ ධාතුව

පිමිබෙන ගතිය, සැලෙන ගතිය, සෙලවෙන ගතියට කියන්නේ වායෝ ධාතුව කියලයි.
 
Last edited:

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
(ඉහත ඒ වායෙ ඉතුරු ටික)මෙ ධාතුන් හතර මොනම විදියකින්වත් තනියම තියෙන්නේ නෑ. මෙ ලොකේ ඇති හැම වස්තුවකම, මිනිස් ශරිරයේ සෑම ඉන්ද්‍රියකම, සෛලයකම මෙ ධාතු 04 අඩු වැඩි වශයෙන් තියෙනවා. මෙ ධාතු 04 න් එකක් හරි බිදිල ගියොත් අනිත් ධාතුත් විසිරිල යනවා. මෙ ධාතු 04 එකට තියෙන අඩුම අවස්ථාව රැප කලාප කියල හදුන්වනවා. රැපකලාප කියන මාතෘකාව ලොකුම ලොකු කථාවක් නිකන් සදහන් කලේ. (මෙ පිළිබදව වැඩි විස්තර අභිධර්ම පොත් වල සදහන් කරල තියෙනවා.)

දැන් අපි කලින් උපමාවෙ යකඩ කුටිටිය ගමු. මෙ යකඩ කුටිටිය අපි අල්ලල බලපුවාම අපිට තද ගතියක් දැනෙනවා. ඒක නිසා අපි කියනවා යකඩ තදයි කියල. ඇයි යකඩ තද වෙලා වතුර දියාරැ වුනේ?. යකඩ වල ‍පථවි ධාතුව වැඩි නිසයි යකඩ තද, වතුරේ පථවි ධාතුව අඩු නිසයි වතුර දියාරැ. එත් බාහිරෙන් ලබා දෙන තේජෝ ධාතුව මගින් මෙ දෙකම වෙනස් කරන්න පුලුවන්. වතුර සිසිල් කලාම අයිස් වෙනවා. එතකොට වතුරේ පඨවි ගතිය වැඩිවෙලා කැට වෙනවා. කැට වෙනවාත් එක්කම වතුරේ අර චලනය වෙන ගතිය සහ පිමිබුන ගතිය කියන දෙකම අඩු වෙනවා ඒ කියන්නේ වායෝ ධාතුවෙත්, ආපෝ ධාතුවෙත් අඩුවක් වෙනවා කියන එක. ඒ වගේම තමයි, යකඩ කුටිටියටත් තේජෝ ධාතුව උනුසුම විදියට දිල එක උනුකලාම එකේ තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත්, ආපෝ ධාතුවත් වැඩි වෙලා දියවෙලා යනවා. අනුමාන වශයෙන් අපිට නිගමනය කරන්න පුලුවන්, බුදු දහමෙ මෙ ධාතු කියල කථා කරන්නේ බන්ධන ශක්තිය ගැන කියල. රසායන විද්‍යාවෙ එන්තැල්පිය කියල මනින්නේ ඔන්න ඔය තේජෝ ධාතුව කියන එකයි. කොහොම උනත් උසස් පෙළ රසායන විද්‍යාව කරල තියෙන ඔනම කෙනෙක් දන්නවා, අපේ මෙ ශරිරයත් අපිට පේන්න තියෙන මෙ හැම දෙයක්මත් මෙ විදියට පෙනුනට, අන්තිමට බෙදාගෙන බෙදාගෙන ගියාම ඉතිරිවන්නේ ශක්තියක් විතරයි කියල. ඒ නිසා මෙ ලොකේ අපි දකින අහන හැම දෙයක්ම ශක්තින් විතරයි.
4.jpg

මෙ ප්‍රධාන රැපයත් එක්කම උපත ලබන තවත් රැප තියෙනවා. උපාදාන රැප කියන්නේ ඒවට, ඒවා 24 ක්ම තියෙනවා. ඒ 24 ගැන නමි පොතක්, ලියන්න තරමි කරැණු තියෙනවා. ඒක නිසා එක පස්සට කල් තියන එක තමයි හොද.

මෙ විදියට මෙ ධාතුන් 04 සමව පවතින තුරැ මෙ ලොකයේත් සත්වයන්ගෙත් පැවැත්ම පවතිනවා. මෙ ධාතුන් අඩුවිම, වැඩිවිම හෝ නැතිවිම නිසා ලොකය හා සත්වයින්ගේ විනාශය සිදුවෙනවා. උදාහරණයකට, මෙ මිනිස් සිරැරේ පෘඨිවි ධාතුව වැඩිවුවහොත් එය දරදඩු වෙනවා. පෘඨිවි ධාතුව අධික වි ආපෝ ධාතුව අඩු වුවහොත් ශරිරය ධුවිලි බවට පත්වි විසිරි යනවා. තේජෝ ධාතුව අධික වුවහොත් ඉදිමෙන්නට වනවා. ආපෝ ධාතුව අධික වුවහොත් ශරිරය දියවි යනවා. මෙ අනුව බලන විට මෙ මනුශ්‍ය ශරිරයත්, තිරිසන් සියලුම සත්වයන්ගේ ශරිරත්, ගස්වැල් ආදියත්, ගංගා ඇල දොලත්, පස්, කදුවැටි, පොත් මෙස, ආදි මෙ හැම දෙයක්ම හැදිල තියෙන්නේ මෙ මහා භුත රැප 04 නුයි. උපාධාන රැප 24 නුයි කියන මෙ රැප 28 නුයි. ඒක නිසා මෙ උපදින සත්ත්වයින්ගේ ශරිර ධාතුන්ගේ සමිමිශ්‍රණය අනුව මොනම ආකාරයක් හෝ විය හැකියි. ඒ කියන්නේ අපේ මෙ රෑපය කියන දේ මිනිස් සුවභාවය හෝ, ඒසේත් නැත්නමි තිරිසන් සත්ත්වයෙකුගේ ස්වභාවය හෝ, චිත්‍රපටි වල දැක්වෙන විකාර රෑපි රැපයක් හෝ භයානක
5.jpg

ස්වරැපයක් හෝ විය හැකියි. ඒ මොනදේ වුනත් රැප කියන සේරම නිර්මාණය වෙලා තියෙන්නේ මෙ මහා භුත රෑප 04 න් නිසා තමයි, මෙ ලොකේ මනුශ්‍ය ශරිරය ගත්තත් ගහක් කොලක් ගත්තත්, ඒවායේ සමාණතා තියෙන්නේ. මිනිස්සුන්ගේ රැප කියන මෙ මහා භුතයන්ගේ එකතුවිමක් පමණයි. මිනිස්සුන්ගෙනුත් එක් අයෙක් ලස්සන වෙලා අනිත් කෙනා කැත වෙන්නෙත්, කෙනක් උස වෙලා කෙනෙක් කොට වෙන්නෙත් ඇයි? ඒ මෙ මහා භුත රැපයන්ගේ ස්වභාවය සෘතුවත්, ආහාරයත්, කර්මයත්, චිත්තයත් යන කරැණු මත වෙන්ස් වෙන නිසයි.

මෙ මිනිස්සු ඇතුලු මුලු ලොකෙම රැප වලින් පිරිල තිබුනත් මිනිස්සු වෙනස්, තිරිසන් සත්වයෝ වෙනස්. මොකද ගස්වැල් වගේ නෙමෙයි. ඒ ඔවුන්ට මෙ රැප ස්කන්ධයට අමතරව තවත් සකන්ධ 04 ක් තියෙන නිසා. ඒ තමයි වෙදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ 04. මෙ ස්කන්ධ 04 නිසා තමයි මිනිස්සුන්ටත්, තිරිසන් සත්ත්වයින්ටත් පණ කියල දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුයි ගස් ගල් කියන දේවලුයි වෙනස් වෙන්නේ. විද්‍යාවෙ කියන විදියේ ජිවි බවෙ ලක්ෂණ කියන දේවල් මිනිස්සුන්ගේ තියෙන්නේ. ඒ ස්කන්ධ 04 නැතිව රැප ස්කන්ධය විතරක් තියෙන නිසා තමයි කෙසෙල් කොටෙට පණ කියල දෙයක් නැත්තේ. මෙ ස්කන්ධ 04 තියෙන නිසා තමයි, මිනිස්සු මෙ ලොකේ හෝ වෙනත් ලොක වල උපත ලබන්නේ. මෙ ස්කන්ධ 04 තියෙන නිසා තමයි සත්ත්වයින් ජිවත් වෙන්නේ, ඉගෙන ගන්නේ ,දුකසැප විදින්නේ, විවිධ ක්‍රියා සිදු කරන්නේ, සිතන්නේ.. මිනිස්සු මරණයට පත්වුනාම රැප ස්කන්ධය ඇර අනිත් ස්කන්ධ 04 නැතිවෙලා යනවා. එතකොට ඉතිරි වෙන්නේ අර මහා භුතරැප වලින් හැදුන රැප ස්කන්ධය විතරයි. මළ මිනියක රැපස්කන්ධය හැර අනිත් ස්කන්ධ 04 නැහැ. එක තමයි මම කලින් ලිපියේ කිවිවෙ මලහම අපේ මෙ ශරිරයයි කෙසෙල් කදකුයි අතර කිසි වෙනසක් නැ කියල. අපි මළාම මෙ ශරිරයේ අර කියපු ධාතු කොටස් 04 ආයෙමත් භාහිර පරිසරයේ ධාතු කොටස් 04 ටම මිශුවෙලා යනවා. මෙකට අපි කියන්නේ දිරායනවා කියලයි. මෙචිචර වෙලා මෙ කලේ එ කියපු කථාව බුදු දහමිනුයි, විද්‍යාවෙනුයි ඔප්පු කරපු එක.
මෙ චිදියට මෙ පංච ස්කන්ධයක් සමග ලොකයේ සත්වයින්ගේ උපත සිදුවන ආකාරයත් එහෙම සත්ත්වයින් උපදින්නේ ඇයි කියන දේත් බුදු දහමෙ විස්තර කරල තියෙන්නේ පටිචිච සමුපාද දේශනාවෙ.
6.jpg

7.jpg

මතු සමිබන්ධයි....
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට
පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ….
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදුබුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු බුදු