██████ මංසල ██████

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    ██████ මංසල ██████

    වේවැල්තලාවේ යද්දි කෑමට නතර කරපු සුන්දර ස්තානය තමා මංසල කියන්නේ....

    හරියටම තැන කියනවනම් කබුලිමුල්ල හංදිය යටියන්තොට පැත්තට යනවනම් පාරේ වම් අත පැත්තෙන් තමා තැන...

    එතන කෑම විතරක්ම නෙවෙයි ලස්සන ස්වාභාවික නාන තටාකයක් තියෙනවා... එතනින් නාලම ගිමන් හැරලම කෑම කලා එන්න පුලුවන්.

    මොකද මෙයාලගේ කෑම කඩේ තියෙන්නෙ ලස්සන පුන්චි දිය ඇල්ලකට මායින්ව...

    අපි උදේ කෑම වේලත් එතනින්ම අරන් අපේ ගමන ගිහින් එන ගමන් නාන තටකයෙන්ම නාල දවල් කෑමත් එතනදිම සප්පායන් උනා...

    තව විශේෂත්වයක් තමා මෙතන නවාතැන් පහසුකමුත් සලසා දී තිබීම ලස්සන කාමර 4ක් තියෙන ගෙස්ට් හවුස් එකකුත් මෙයාල ලග තියෙනවා

    අපිත් එක්ක එතන සේවය කරන පුබුදු මල්ලි කුලුපගු උන නිසාම එයත් එක්ක කාමර වල විස්තර අහන ගමන්ම ඒව බලන්නත් ගියා

    නවාතැන් පහසුකම්:
    විශාල නිදන කාමරය ඔබට AC සමග එක් දිනක් සදහ රු 5000ක මුදලකට ලබා ගත හැකි අතර 4 දෙනෙකුට මෙම කාමරය තුල ඉඩකඩ තියෙනවා
    තවත් යුගල් කාමර 3නකින් මෙම නවතැන්පල සැකසී තිබෙනවා

    විසාල කාමරය ගලාහැලෙන දියඇල්ලට මුහුනලා පිහිටා ඇති අතර උදෑසන අවදි වූ විට දකින දසුන ගැන වචනවලින් කිව නොහැකි තරම්යැයි මට හැගේ....

    මෙහි නවාතැම් ලබා ගන්න ඔබට අවශ්‍ය කෑම වේලක් රු 250ක මුදලකටත් කිරි තේඑකක් රු 50ක මුදලකටත් ලබ ගැනීමට පුලුවන් වෙනවා.

    ආහාර පාන:
    උදෑසන/දිවා/රාත්‍රී ආහරය බුෆේ ක්‍රමයට සකස් කර ඇති අතර

    උදෑසන ආහාරය: ඉදිආප්ප/ආප්ප/රොටී/බත්/නූඩ්ල්ස් සමග ව්‍යන්ජන 5ක්

    දිවා ආහාරය: සුදු/රතු බත් සමග ව්‍යන්ජන 3නක් එක්ක මාලු/බිත්තර/මස් සහ ෆ්‍රයිඩ් රයිස්

    රාත්‍රී ආහාරය: බත්/රයිස්/කොත්තු

    ඇත්තටම ගිමන් හැර රස කෑම වේලක් බුක්දිවිදල එන්න කියාපු තැනක්...

    ඔයාලත් යටියන්තොට පැත්ත්ට යනවනම් පොඩ්ඩක් නතර වෙලා සොභාදහමේ ලස්සනත් බලලා රස කැම වෙලකුත් අරන් යන්න අමතක කරන්න එපා...

    Loction: kabulumulla yatiyanthota, Yatiyantota, Sri Lanka


    ☑️☑️☑️ Follow us on ☑️☑️☑️

    Instagram - https://www.instagram.com/unexplored.planet

    ලංකාව පුරා තියෙන මේ වගේ ලස්සන Places ගැන නිතරම update වෙන්න ☑️☑️☑️අපේ Facebook Page ☑️☑️☑️ එකට Like කරන්න.

    Facebook - https://www.fb.com/UnexplorePlanet




    72846565_145943073424719_7265640533618327552_n.jpg


    74216821_145942716758088_3944081279804243968_n.jpg



    73050579_145942746758085_409803020352618496_n.jpg


    73318483_145942776758082_8755450536959934464_n.jpg



    74238233_145942803424746_3376550039387111424_n.jpg


    74275857_145942826758077_3742819954127273984_n.jpg


    73352337_145942843424742_7613547324274376704_n.jpg


    72953706_145942870091406_4799210548338098176_n.jpg


    74883919_145943003424726_8513655057995005952_n.jpg




     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████████