▓▓▓▓▓▓ ඔරෙගන් සළාව - Oregon Vortex ▓▓▓▓▓▓

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ▓▓▓▓▓▓ ඔරෙගන් සළාව - Oregon Vortex ▓▓▓▓▓▓

    BX0d3.jpg



    මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි. හදිසියේ ම ඊට ඉහළින් පියාඹා යන්න ආ කුරුල්ලන් එකවර ම හැරී වෙන අතකට යනවා පෙනේවි. ගස් පවා ඔබට පෙන්වා දේවි ගැළවී යන්න බැරි බලපෑමකට ඔවුන් නතු වී ඇති බව. එතැන කවාකාර ප‍්‍රදේශයක් පුරා ගුරුත්වාකර්ෂණයේ විකෘති වීමක් ඇති බව ඔබට පෙනී යාවි. ගස්වල අතු පහතට එල්ලා හැළෙනවා. ගස් චුම්බක උතුර දෙසට ඇල වී තියෙනවා. ඒ අවට ඇති ගස් කෙළින් ම උඩු අතට විහිදිලා.


    මෙතැන ලෝක ප‍්‍රකටව ඇත්තේ ‘ඔරෙගන් සළාව’ Oregon Vortex කියායි. (‘සළාව’ කියන්නේ සුළියක් වැන්නකටයි) එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ ග‍්‍රන්ට්ස් පාස්හී සිට සැතැපුම් 30ක් පමණ ඈතින් (සාර්ඩින් ක්‍රීක්). මේක ඇමරිකාවේ ඇති හරිම ප‍්‍රසිද්ධ තැනක්. ඒත් මෙතැන මෙහෙම වෙන්නේ ඇයි ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.


    මේ සළාව ආසන්න වශයෙන් අඩි 165ක විශ්කම්භයක් ඇති තැනක්. දළ වශයෙන් වටකුරු හැඩයෙන් යුක්තයි. මෙය සංචාරක ආකර්ෂණයක් ලෙස 1930 සිට එහි යන එන්නන් මවිතයට පත් කරවනවා. මෙහි ඇති උපකරණවල මැනීම් අනුව දින 90කට වරක් මෙහි හැඩය හා ප‍්‍රමාණය මඳක් වෙනස් වෙනවා. මේ කවය ඇතුළේ දැන් ඇති පැරණි ලී මඩුව කලින් තිබුණේ කවයෙන් පිට කන්ද උඩට වෙන්නයි. අද එය තියෙන්නේ අඩි 40ක් විතර කවය ඇතුළට වෙන්නයි. මේ මඩුවේ එල්ලා තියෙන රාත්තල් 28ක් බර යගුලිය කෙළින් ම පහළට එල්ලෙන්නෙ නෑ. එහි මඳ ඇලවීමක් තියෙනවා. මේ කවය ඇතුළට, මැද දෙසට, පහසුවෙන් ම ගියත් කවයෙන් පිටට යාම ආයාසයක් ගෙන කරන්න ඕනෑ දෙයක්.


    ස්කොට් ජාතික විද්‍යාඥ ජෝන් ලිස්ටර් 1913 දී මේ ස්ථානයේ පරීක්ෂණ 14,000ක් කර අවසානයේ දී නිගමනය කළේ මේ සළාව යෝධ වර්තන කාචයක් ලෙස කි‍්‍රයා කරන බවයි. ඔහු කියන්නේ මේ කවය තුළ දී ආලෝක ධාරාව කවාකාර හෝ සළාකාරව හෝ විහිදෙන නිසා මෙහි දී සිදුවන දේ අපට පෙනෙන්නේ දෘෂ්‍ය මායාවක් ලෙස බවයි. එහෙත් මෙහි දැනට සේවය කරන මග පෙන්වන්නන් ඒ අදහසට එකඟ වෙන්නේ නැහැ.
    ඔවුන් කියන්නේ ඔබේ කැමරාව පාවිච්චි කර මෙහි ඇත්තේ දෘෂ්‍ය මායාවක් නොවන බව ඔබට ම ඔප්පු කළ හැකි බවයි. එක් කෙළවරක සිට අනෙක් කෙළවරේ ඉන්නා අයකු ඡායාරූපයට නඟන්න. ඊළඟට ඒ ස්ථාන මාරු කරගෙන මුලින් සිටි දුර ම තබා ගෙන ඔහුගේ තව ඡායාරූපයක් ගන්න. ඒ රූප දෙකෙහි උස හා උරසෙහි පළල සන්සන්දනය කරන විට ඔබට පෙනේවි, ඒ අය දකුණු කෙළවරේ ඉඳිද්දී ගත් පින්තූරයේ දී ඔහුගේ උස හා උරහිසෙහි පළල අනෙක් කෙළවරෙදී ගත් පින්තූරයට වඩා වැඩි වී ඇති බව. මෙහි දී සිදු වන්නේ දෘෂ්‍ය මායාවක් නම්, කායික වෙනසක් නොවේ නම්, ඡායාරූපවල මෙසේ වෙනසක් ඇති වෙන්න විදියක් නැහැ කියලයි, ඔවුන් කියන්නේ.

    මෙහි තනා තියෙනවා, පටු ලී වේදිකාවක්. එහි දෙකෙළවර ලී රිටි දෙකක් සවිකරල තියෙනවා. ඒ රිටි දෙක සමාන උසක් ඇති ඒවා යයි මග පෙන්වන්නා කීවත් අපට පෙනෙන්නේ දකුණේ ඇති රිට උතුරේ ඇති රිටට වඩා අඟල් කීපයක් උසින් වැඩි බවයි. මෙහිදී මග පෙන්වන්නා ලෝහ දණ්ඩක් ගෙන ඒවා මැන පෙන්වනවා.
    ඊළඟට මග පෙන්වන්නා කියනවා, අමුත්තන් දෙදෙනකුට වේදිකාවට නගින ලෙසට. වේදිකාවේ දෙකෙළවර මුහුණට මුහුණලා සිට ඊළඟට පැති මාරු කර ගන්නා ලෙස කියනවා. මෙසේ යද්දී යන පැත්තට අනුව ඔවුන්ගේ උස අඩු හෝ වැඩි හෝ වන බව එහි යන ඔබට දැක ගන්න පුළුවන්.


    ඊළඟට අඩි 5යි අඟල් 8ක් උස අමුත්තකු පැමිණ සිටි පිරිසට මුහුණලා වේදිකාව මැද සිටවනවා. එහි ඉන්නා මගපෙන්වන්නාගේ උස අඩි 5යි අඟල් 10යයි. උසින් වැඩි මගපෙන්වන්නා අමුත්තාගේ වම් පැත්තේ වේදිකා කෙළවරේ (උතුරු කෙළවරේ) සිටින විට ඔවුන් දෙදෙනාගේම උරහිස් එක උසින් ඇති බව අපට පෙනෙනවා. ඊළඟට මග පෙන්වන්නා අමුත්තාගෙන් අනෙක් පැත්තට (දකුණු කෙළවරට) යනවා. අමුත්තා සිටි තැනම සිටිනවා. මෙහි දී මග පෙන්වන්නාගේ උසින් වැඩි බව අමුත්තා අසලින් යන විට පැහැදිලිව පෙනෙනවා.

    මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවා මේ ගැන මතයක් පළ කරල තියෙනවා. එතුමා සිතන්නේ මේ සංසිද්ධියෙහි දෘශ්‍ය මායාවකට එහා ගිය අපේ ඇඟට දැනෙන දෙයක් තියෙනව කියලයි. ඊට හේතුව දිනපතා කීප වතාවක් ම අඟල් 19ක් තරම් ප‍්‍රමාණයක් දක්වා හැකිළීමක් හෝ ප‍්‍රසාරණය වීමක් හො මේ සළාවෙහි සිදු වන නිසයි. අයින්ස්ටයින් සිතන්නේ මේ බිම තුළ ඇවිද යන විට අයකුගේ සිරුරේ අණුක ව්‍යුහයේ විස්තාරණය වීමක් හෝ හැකිළීමක් හෝ සිදුවන බවයි.

    මේ විද්‍යාඥයන් දෙදෙනාගේම පැහැදිලි කිරීම්වලින් මෙහි ඇති අබිරහස මුලූමනින් ම හෙළිදරවු වුණේ නැහැ. මේ සළාව තුළ සිටින අයකුට ඍජුව සිට ගැනීමට නොහැකි බව, හැම විට ම අංශක 7ක් උතුර දෙසට නැඹුරුව සිට ගැනීමට සිදු වීමට හේතුවවත්, කැමරාවල ආලෝක මානයන් මේ සාළාව තුළ දී වැඩි අඳුරක් පෙන්වීමට හේතුවවත් ඔවුන්ගේ න්‍යායික මතවලින් පැහැදිලි වුණේ නැහැ.

    මෙය මේ මිහිමත ඇති වඩාත් අද්භූත තැනක්, ඒ වගේ ම තාමත් නොවිසඳුණු අබිරහසක් රැඳුණු තැනක් හැටියටයි සැලකෙන්නේ. පුලූවන්කමක් ලැබුණොත් ගිහින් බලන්න වටින තැනක්.


     
    • Like
    Reactions: GAC and darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ලංකාවෙත් තියනවා අරලියගහ මන්දිරේ කියලා තැනක්, එතන ඔයිට වඩා පුදුම දේවල් වෙනවලු. :baffled::baffled::baffled:

    Anyway ත්‍රෙඩ් එක පට්ට මචං. :cool::cool::cool:
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලංකාවෙත් තියනවා අරලියගහ මන්දිරේ කියලා තැනක්, එතන ඔයිට වඩා පුදුම දේවල් වෙනවලු. :baffled::baffled::baffled:

    Anyway ත්‍රෙඩ් එක පට්ට මචං. :cool::cool::cool:
    :eek: ඒක හරහා ගියොත්ලු නේද අර සාක්කුව හිඳේනවා කියන්නේ... :lol: