►►දුම්පානය කරන්නා සහ ගුවන්යානය◄◄

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ►►දුම්පානය කරන්නා සහ ගුවන්යානය◄◄

    ►►දුම්පානය කරන්නා සහ ගුවන්යානය◄◄
    දවසක් දුම්පානය කරන්නෙක් ගුවන් තොටුපලකට වෙලා දුම්වැටියක් පානය කරමින් සිටියා.
    මේ වෙලාවේ හොද වදගත් පෙනුම තියන මහත්මයෙක් අර දුම්පානය කරන්නා ලගට ගිහින් ඇහුවා

    "මහත්මයා දවසකට දුම්වැටි කීයක් පානය කරනවද" කියලා

    එතකොට දුම් පානය කරන්නා මහත්මයාගෙන් ඇහුවා
    "ඇයි ඔයා ඒ වගේ ප්‍රශ්ණයක අහන්නේ?" කියලා.

    වැදගත් පෙනුමැති මහත්මයා මෙහෙම පිලිතුරු දෙනවා
    "ඔයා හැමදාම බොන දුම්වැටි වලට වියදම් වෙන මුදල් ඔක්කොම එකතු කරා නම් අද වෙනකොට ඔබ ඉදිරියෙන් තියන ගුවන් යානය ඔබට අයිති කර ගන්න තිබුනා"

    එතකොට දුම් පානය කරන්නා මෙහෙම ඇහුවා
    "මහත්මයා දුම් පානය කරනවාද?"

    මහත්මයා "මම ජීවිතයේ කිසි දවසක දුම් පානය කරලා නෑ" කියලා උත්තර දුන්නා

    දුම් පානය කරන්නා ආයෙත් මෙහෙම ඇහුවා
    "එතකොට ඔය ඉදිරියෙන් තියන ගුවන් යානය මහත්මයාගෙද"

    "අපෝ නෑ" වැදගත් මහත්මයා පිලිතුරු දුන්නා.

    "මහත්මයගේ අවවාදයට ගොඩක් ස්තූතියි,ඔය ඉදිරියෙන් තියන ගුවන් යානය මගේ" දුම්පානය කරන්නා පිලිතුරු දුන්නා.

    මෙම දුම් පානය කරන්නා කින්ග්ෆිෂර් ගුවන් සේවයේ(Kingfisher Airlines) හිමිකරු වන විජේ මාලියායි(Vijay Mallya).

    අවවාදය:ඔබ ගුවන් යානයක හිමිකරුවෙක් නොවේ නම් දුම් පානය කරන්න එපා


    gaththe methanin
    කජුවත්ත එක්සත් Cricket සමාජය
    meka dan godak janapriya group ekak FB eke patta katha thamai danne... hugak wedagath ewath thiyenawa..

    repoest da dannee
     
    • Like
    Reactions: saurtech