►►මසුන් මරන්නා සහ සාස්පාන◄◄

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ►►මසුන් මරන්නා සහ සාස්පාන◄◄

    මිනිසුන් දෙදෙනෙක් මසුන් මැරීමට ගියා. මේ අයගෙන් කෙනෙක් මසුන් මැරීම පිලිබද අත්දැකීම් බහුල අයෙක් වූ නමුත් අනෙකා මසුන් මැරීමට ආධුනිකයෙක්. මේ දෙදෙනා මසුන් ඇල්ලීමට පටන් ගත්තා. මොහොතකින් අත්දැකීම් බහුල පුද්ගලයාට විශාල මාලුවෙක් හසු වුනු අතර ඔහු ප්‍රවේශමෙන් ඌව ඔහුගේ අයිස් පෙට්ටියට දැම්මා. ටික වේලාවක් ගත වූ පසු අනෙක් පුද්ගලයාටත් විශාල මාලුවෙක් හසු වූ නමුත් ඔහු යලිත් මාලුවාව ජලාශයට විසි කලා. මේ සිද්ධිය දිගින් දිගටම සිදුවුනා,විශාල මාලුවෙක් හසු වූ විට ආධුනික මසුන් මරන්නා මාලුවාව යලිත් ජලාශයටම මුදා හැරියා.

    අත්දැකීම් බහුල පුද්ගලයා දිගින් දිගටම මේ දෙස බලා සිටි අතර අවසානයේ ඔහු මෙසේ ඇහුවා.

    "ඇයි ඔබ හොද විශාල මාලු හසු වූ විට ඌව යලි ජලාශයට දමා කුඩා මසුන් පමනක් අල්ලන්නේ?"

    ආධුනික මසුන් මරන්නා මෙසේ පිලිතුරු දුන්නා.

    "අපේ ගෙදර මාලු බැදීමට තියෙන්නේ කුඩා සාස්පානක්"

    ජීවිතයේ සමහර අවස්ථා වලදී අපත් ආධුනික මසුන් මරන්නා සේ අප වෙත පැමිනෙන විශාල අවස්ථා, විශාල සිහින, ඉහල රැකියා අවස්ථා ඉවත දමන්නේ අප සතු ආත්ම විශ්වාසයේ මද බව නිසයි. විශාල සාස්පානක් මිලදී නොගෙන තමාට හසු වන විශාල මසුන් යලි ජලාශයට මුදා හැරි මසුන් මරන්නාට සිනා සෙන අප කී දෙනෙක් තමාගේ ආත්ම ශක්තිය වැඩි කිරීම පිලිබද සිතනවාද?
    තමා වෙත පැමිනෙන කිසිම අවස්ථාවක් කරදරයක් යැයි සිතා ඔබේ ජීවිතෙයෙන් ගිලිහී යාමට ඉඩ නොදෙන්න.එය ග්‍රහනය කර එයින් ලබා ගත හැකි උපරිමය ලබා ගන්න මන්ද ඔබේ ජීවිතය සදහටම වෙනස් කරවන හැරවුම් ලක්‍ශය එය විය හැක.
    .
    .
    ජීවිතයට වැදගත් යමක් මේ කෙටි කතාවෙන් ලබා ගත හැකි යැයි ඔබ විශ්වාස කරනවා නම් Comment කරන්න.
    (Source : Kajuwaththa Eksath)
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    තමා වෙත පැමිනෙන කිසිම අවස්ථාවක් කරදරයක් යැයි සිතා ඔබේ ජීවිතෙයෙන් ගිලිහී යාමට ඉඩ නොදෙන්න.එය ග්‍රහනය කර එයින් ලබා ගත හැකි උපරිමය ලබා ගන්න මන්ද ඔබේ ජීවිතය සදහටම වෙනස් කරවන හැරවුම් ලක්‍ශය එය විය හැක.

    වැදගත් අදහසක්.......:yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තමා වෙත පැමිනෙන කිසිම අවස්ථාවක් කරදරයක් යැයි සිතා ඔබේ ජීවිතෙයෙන් ගිලිහී යාමට ඉඩ නොදෙන්න.එය ග්‍රහනය කර එයින් ලබා ගත හැකි උපරිමය ලබා ගන්න මන්ද ඔබේ ජීවිතය සදහටම වෙනස් කරවන හැරවුම් ලක්‍ශය එය විය හැක.

    වැදගත් අදහසක්.......:yes:

    ela ela
    kathawa nama aththa

    Good Post...
    ++++rep

    රෙප් ඇඩඩ්

    Thanks machan la:yes::yes: