►► ඉතුරු සල්ලි නොදෙන කඩ කාරයින්ට බස්කාරයි

ඔබ ඔබේ වෙළඳාම හෝ සේවාව පවත්වාගෙන යෑමේදී පාරිභෝගිකයා ලබාදෙන මුදල්වල ඉතිරි සල්ලි වෙතොත් ඒවා ආපසු දෙනවාද?
• ඔබ ඉතිරි සම්පූර්ණ මුදලම නොදී මග හරිනවාද?
• කොටසක්දී මාරුකාසි නැති බව හඟවා මග හරිනවාද?
• ඇත්තටම මාරුකාසි නැත්ද?
• අමතක වූවා සේ සිටිනවාද?
• ටොපියක් සීනිබෝලයකින් ඉතිරි සල්ලි දෙනවාද?
• “මාරුනම් නෑ මොකද කරන්නේ” කියා නිකම් සිටිනවාද?
• “මේ රුපියලක්නෙ ඉල්ලන්නෙ …” කියා හෝ ඒ හැඟීමෙන් ඔබේ ගේ ගෞරවණීය පාරිභෝගිකයා දෙස උපහාසයෙන් බලනවාද?
• “එනකොට මාරුකාසි ගේන්න දැන ගන්න ඕනැ” කියනවාද?
මේ ගැන දැන ගන්න.
1. ඉතුරු සල්ලි එක සතයක්හෝ ආපසු නොදීම පාරිභෝගික ආරක්ෂක පනත යටතේ දඬුවම් ලැබියයුතු වරදක්වේ.
2. පාරිභෝගික ආරක්ෂක පනත යටතේ ඉතුරු සල්ලි දීමට මාරුකාසි නැතැයි කීම වරදක්වේ. ප්‍රමාණවත් මාරුකාසි තබාගැනීම ඔබගේම පරම වගකීමකි. එනම් එක ශත 01 ක් ඉතිරි දීමට රුපියල් 2000 ක් මාරුකිරීම ඔබගේම පරම වගකීමකි. මෙහිදී පාරිභෝගිකයාහට කිසිදු වගකීමක් නැති බැව් තරයේ සිතට ගන්න.
මේ ගැනත් හිතා බලන්න.
• ඔබ හොරෙක් හෝ වංචා කාරයෙක් නොවේ. සමාජයේ සිටින සාඩම්බර ව්‍යාපාරිකයෙකි. නැති නම් එවන් ව්‍යාපාරයක සේවකයෙකි. ඒ කිසිත් නොවේ නම් සාමාන්‍ය සමාජය තුල වැදගත් අයෙකුසේ ගැවසෙමින් ඔබටත් වඩා අගහිඟකම් ඇති කෙනෙකුගෙන් පුංචි මුදලක් වංචා කරගන්නා ඉතාම පහත් තාලයේ හොරෙකුද? කැඩපත ඉදිරියට ගොස් බලන්න.
• ඔබ හිඟන්නෙක් හෝ යාචකයෙක් නම් නොවේ. සමාජයේ සිටින සාඩම්බර ව්‍යාපාරිකයෙකි. නැතිනම් එවන් ව්‍යාපාරයක වැදගත් ආත්ම ගරුත්වයක් ඇති සේවකයෙකි. ඒ කිසිත් නොවේ නම් සාමාන්‍ය සමාජය තුල වැදගත්අයෙකුසේ ගැවසෙමින් ඔබටත් වඩා අගහිඟකම් ඇති කෙනෙකුගෙන් පුංචි මුදලක් කඩා ගන්නා ඉතාම පහත් තාලයේ හිඟන්නෙ කුද? කැඩපත ඉදිරියට ගොස් බලන්න.
• මෙසේ හිඟමනින් හා හොරකමින් හම්බ කරගන්නා මුදලින් කරන්න යන්නේ කුමක්ද? අඹු දරුවන් පෝෂණය කරනවාද? ඉතිරිකර දියුණු වෙනවාද?
මම සාඩම්බර ව්‍යාපාරිකයෙකි. නැතිනම් එවන් ව්‍යාපාරයක සේවකයෙකි.