►. දඩ කොළය තැපෑලෙන් ගෙදරටම

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. දඩ කොළය තැපෑලෙන් ගෙදරටම

    පෙබරවාරියේ සිට දඩ කොළය තැපෑලෙන් ගෙදරටම

    රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බවත් රාජකාරි කරන ස්ථෘනයේ පවතින දුෂ්කරතා සලකා බලා රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ජාතික රතුකරුස සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන ප්‍රථමාධාර වැඩසටනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

    දඩ කොළ නිකුත් කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිත කරන වැඩපිළිවෙලක් සාදන බවත් විශේෂයෙන්ම රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලදී තාක්ෂණය භාවිත කරන්න අප සැලසුම් සකස්කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

    වැරද්ද කරපු අවස්ථාවේ ඡායාරූපයක් සමඟ වැරුද්ද මොකක්ද කියන දේත් එක්ක දඩ කොළය ගෙදරට යවන ක්‍රමය ලබන පෙබරවාරි මාසයේ දී අපි අත්හදා බලන්න කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

    "අපිට එතකොට නිලධාරීන් රථවාහන රාජකාරි සඳහා යෙදවීම අඩු කරන්න පුළුවන්. ඒ වගේම මම පොලිස්පතිතුමාට උපදෙස් දුන්නා රථහාවන කොට්ටාසයේ නිලධාරීන් සේවය කරන ස්ථානයේ ඇති දුෂ්කරතාව අනුව ඔවුන්ට දීමනාවක් දෙන්න කටයුතු කරන්න කියලා. ඒ දීමනාව දඩ පත්‍රිකාවලින් එකතු වෙන මුදල්වලින් ගෙවන්න පුළුවන්. මම ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමතය ඉල්ලන්න සූදානම්. ඒකට පසුබිම සකස්කරලා දෙන්න කියලා මම කියලා තියෙනවා.
    වාහන අනතුරු නිසා දිනකට ජීවිත දහයක් විතර නැතිවෙනවා. මේ අනතුරු වලින් ජීවිත නැතිවීමේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා අනතුරට ලක්වුණු තුවාල කරුවන් රෝහලට ප්‍රවාහනය කරන ආකාරය අනුව. සහරවිට බේරගන්න පුළුවන් ජීවිත පවා නැතිවෙනවා. මේ කරුණු කාරණා නිසා තමයි අපි මේ පිළිබඳ පුහුණුවක් ලබා දෙන්න කටයුතු කළේ. අපි මේකට මුලින්ම පොලිස් නිලධාරීන් සහ ත්‍රීරෝද රථ රියදුරන් මුලින්ම තෝරා ගත්තේ රියඅනතුරක් වෙලාවේ දී තුවාලකරුවන් රොහල්වෙත ගෙනයාමට මුලින්ම දායක වෙන්නේ ඒ පිරිස් නිසා.

    රථවාහන පොලීසියේ නිලධාරීන් පුදුම දුකක් විඳින නිලධාරීන් පිරිසක්. ඔවුන්ට අව්ව , වැස්ස කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. වතුර ගලනවා කියලා පැත්තකට වෙලා ඉන්න බැහැ. මම ඒ නිලධාරීන්ට මගේ ප්‍රශංසාව පුද කරනවා. ඒ වගේම ඔවුන්ට මම කියනවා තවදුරටත් ඒ සේවය ජනතාව වෙනුවෙන් හොඳින් ලබා දෙන්න කියලා. අද කොළඹ නගරයේ විශාල රථවාහන තදබදයක් තියෙනවා. මේතරම් වාහන ප්‍රමාණයකට කොළඹ නගරය සැලසුම් කරලා නැහැ. ඒ සඳහා වැදගත්ම දේ තමයි රියදුරන්ගේ විනය ඇති කිරීම.

    අපි විනය ඇතිකරන්න දඩ කොළයක් දුන්නාම පොලිස් නිලධාරීන් බැණුම් අහන්න ඕන රියදුරන්ගෙන්. ඊට පස්සේ වීඩියෝ කරලා ෆේස්බුක් දාල තවත් බනිනවා. කවුරු වැරදි කරලා තිබුණත් හැම වෙලාවෙම බැණුම් අහන්නේ පොලිස් නිලධාරියා. නමුත් මම පොලිස් නිලධාරීන්ගෙන් එක දෙයක් ඉල්ලනවා. ඒ තමයි කවුරු මොන කතා කිව්වත් තමන්ගේ රාජකාරිය වෘත්තිය මට්ටමකින් කරන්න කියන දේ . කවුරු මොනවා කිව්වත් ඒවාට උත්තර දෙන්න නොයා නිශ්ශබ්දව අදාළ වැරුද්දට සරිලන දඩ කොලය දෙන්න.

    ඔබ රාජකාරිය ඉහළ මට්ටමකින් කරනවා නම් අපි සූදානම් ඔබව රැකගන්න. ඒක තමා අපේ රජයේ ප්‍රතිපත්තිය. යැයි අමාත්‍යවරයා කීය


    source
     
    • Like
    Reactions: Mind Writer

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නෙ නෑ ඔය කියන පෙබරවාරිය 2018 පෙබරවාරිය කියල..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආණ්ඩුවට සල්ලි ඕන වුනාම ටක් ටික් ටුක් කියල වාහන නම්බර් ටිකක් තෝර ගත්ත දඩ කොල ටිකක් එව්වා, අපිට වෙන්නෙ ගෙවන්න තමයි මොකෝ පොලිස් කාරයො එක්ක වගේ ටෝක් කරන්නද...? උසාවි ගෙනියන්න කලින් ගෙවන්න තියෙන්නෙ....

    නළුවෙක් නෙවෙයි මොළයක්.... මොළ රාජයෙක්... මොළ ගෙනාපු නැවක්
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Photoshop වලින් edit කරලා එව්වොත් මොකෝ කියන්නේ! :oo: රාලහාමිලාට තරහමරහ නැතුවම නෙවිනේ! :eek: ආයුද පෙන්නන්න ගියා වගේ වේවිද? :shocked: dash cam හයිකර ගන්න වේවි. :yes:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ආණ්ඩුවට සල්ලි ඕන වුනාම ටක් ටික් ටුක් කියල වාහන නම්බර් ටිකක් තෝර ගත්ත දඩ කොල ටිකක් එව්වා, අපිට වෙන්නෙ ගෙවන්න තමයි මොකෝ පොලිස් කාරයො එක්ක වගේ ටෝක් කරන්නද...? උසාවි ගෙනියන්න කලින් ගෙවන්න තියෙන්නෙ....

    නළුවෙක් නෙවෙයි මොළයක්.... මොළ රාජයෙක්... මොළ ගෙනාපු නැවක්

    කොහොමද අපේ වඳ බැහැපු පොන්නයගෙ මොලේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔක නෙවෙ කරන්න්න ඔනි,. On the spot දඩ ගෙවන ක්‍රමයක් හදන එක.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    අර පාසල් නිල ඇඳුම් ගන්න කඩේට යවනවා වගේ තමයි. කෙටියෙන් කරන්න තියන එක වටේ යවන්න හදන්නේ. හැබැයි ඕකට ඉන්න නිලධාරීන්ට නම් අමතර ගානක් ක්ලේම් කරන්න පුළුවන් වෙයි. අපේ සල්ලි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔක නෙවෙ කරන්න්න ඔනි,. On the spot දඩ ගෙවන ක්‍රමයක් හදන එක.

    අපිනම් දැනුත් ගොඩක් වෙලාවට එහෙම තමයි. හැබැයි කොළ , රිසිට් මොකුත් දෙන්නෙ නැහැ. cash වලින් විතරයි card බැහැ. තාප්පෙ උඩ තියන පොත ඇතුලට Deposit කරන්න තියෙන්නෙ