සිසුසැරිය පාසල් සේවයේදී දිළිඳු දරුවන්ට වාර ප්‍රවේශපත් නොමිලේ ලබා දී ගෙවීමේ හැකියාවක් ඇති අයගෙන් ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් අය කර ගැනීමට ඉදිරියේ කටයුතු කරන බව ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන ඊයේ (ජූලි 18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍ර සඳහා මෙතෙක් අය කළ 9%ක ගාස්තුව 30%ක් දක්වා ඉහළ දැමීමට යන බවට කතාවක් තිබෙන බැවින් එහි සත්‍යතාවක් තිබේ දැයි සජබ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.
සිසුසැරිය ක්‍රියාත්මක කරන්නේ, රජයෙන් ලැබෙන විශාල සහනාධාරයක් මත බවත් වර්ෂයකට බිලියන දෙකක් ඊට සහනාධාර ලෙස ලබා දෙන නමුත් රාජ්‍ය මූල්‍ය අර්බුදය නිසා ඒ මුදල් දෙන්න භාණ්ඩාගාරයට හැකියාවක් නැති බව ත් අමාත්‍යවරයා කීය.
එවිට සිසුසැරිය පවත්වාගෙන යාම පිළිබඳව ගමනාගමන මණ්ඩලයට මෙන් ම, පෞද්ගලික අංශයට විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව ද සීසන් ටිකට්පත් සඳහා විශාල සහනාධාරයක් දෙන විට යෙදවෙන බස් රථ ගණන අඩුවන බව ද අමාත්‍යවරයා කීය.
ඒ නිසා මේ ගැන සොයා බලා තීන්දු ගැනීමට කැබිනට් අනුමැතියෙන් කමිටුවක් දමා තිබෙන බව කී අමාත්‍යවරයා සිසුසැරිය පවත්වාගෙන යාම සඳහා ඩීසල් වියදම පියවා ගැනීමටවත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේ ය.
source