►. රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් ඉහළට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ►. රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් ඉහළට

    රථ වාහන වැරදි 33ක් සඳහා වන දඩ මුදල් ලබන 15වන දා සිට ඉහළට

    මෝටර් වාහන පනතට අනුව රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් අදාළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල සංශෝධනය කර ඇති බවයි.

    ඒ අනුව රථ වාහන වැරදි 33ක් සඳහා වු ස්ථානීය දඩ මුදල සියයට 30ත් 50ත් අතර අගයකින් ඉහළ දමා ඇති බව සඳහන් වෙයි.

    අදාළ ගාස්තු සංශෝධනය මේ වසරේ ජනවාරි මස 15 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

    මීට පෙර අධිකරණය හමුවට පැනවූ රථ වාහන වැරදි සම්බන්ධයෙන් ද මෙහිදි නව දඩ පත්‍රිකා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ස්ථානීයඉ දඩ මුදල් ගාස්තු සංශෝධනයට අනුව අධික වේගයෙන් ගමන් කිරීම සඳහා වූ දඩය රුපියල් 3000ක් වන අතර මාර්ග නීති රීති කඩ කිරීමේ දඩය රුපියල් 2000ක් වී තිබේ.

    පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2000ක් වන අතර මාර්ගයක වාහනයක් නවතා තැබීමේ දී පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීමේ දඩය ද රුපියල් 2000ක් දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

    නව දඩ මුදල් සංශෝධනයට අනුව උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 2000ක් වන අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරිම සම්බන්ධයෙන් වන දඩය රුපියල් 1000ක් වී තිබේ.

    වාහනයකින් අධික ශබ්දය නිකුත් කිරීම, මෝටර් රථයක් මාර්ගයක නතර කිරීම, ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම, ආසන පටි භාවිත නොකිරීම, නුසුදුසු සංඥා භාවිතය යන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් වෙයි.

    අදාළ සියලු දඩ මුදල් සංශෝධනයන් ලබන 15 වන දින සිට ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා වන නව දඩ පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විටත් අවසන් කර සියලු පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව පොලිස් රථ වාහන කොට්ඨාශය සඳහන් කළේය.


    Source
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    robbery-guns-gun-money-hands-260nw-1068872558.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අදාළ සියලු දඩ මුදල් සංශෝධනයන් ලබන 15 වන දින සිට ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා වන නව දඩ පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විටත් අවසන් කර සියලු පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව පොලිස් රථ වාහන කොට්ඨාශය සඳහන් කළේය.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    තෙමෙන නංගිට උණ අරගෙනලු....
    වාහන තියන ඈය බදු පයිල් එකයි දඩ පයිල් එකයි ලෑස්ති කොරගනිල්ල.