►. ශ්‍රීදේවි සදහටම සමුගනී

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. ශ්‍රීදේවි සදහටම සමුගනී


    sridevi-varinderchawla-759.jpg



    p05zb2k3.jpg


    ඉන්දීය සිනමාවේ සුපිරි නිළියක වූ ශ්‍රීදේවි ඊයේ (2018/02/25) අභාවප්‍රාප්ත වුවාය.හදිසී හෘදයාබාධයකට ලක්ව මිය යනවිට ඇය 54 වෙනි වියේ පසු විය. ඇය ඩුබායි හිදී අවසන් සුසුම් හෙළුවේ සිය සැමියා වන බොනී කපූර්ගේ ඥාති පුත්‍ර මෝහිඩ් මර්වාගේ විවාහ මංගලෝත්සවයට සහභාගීවෙමින් සිටියදීය.

    ඇගේ අකල් මරණයෙන් සමස්ත ඉන්දියාවම ශෝකයෙන් ඇලලී ඇති අතර ඉන්දීය අගමැති නරසිංහ මෝදි පවා මේ වන විටත් ශෝක පණිවිඩ නිකුත් කොට ඇත.1978 වසරේ තිරගතවූ ඉන්දු ලංකා සම නිෂ්පාදනයක් වු පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් ඇය රගපෑ අතර දකුණු ඉන්දීය ප්‍රකට නළු ශ්‍රීවාජී ගනේෂන් සමග එහි ප්‍රධාන චරිතය රගපාන ලද්දේ ශ්‍රී ලාංකිය සම්මානනීය නිළි මාලනී ෆොන්සේකාය.

    පසුව ඉන්දියානු කෘති 200කට පමණ දායක වූ ශ්‍රීදේවි ඉන්දීය පුරවැසියකුට දිනාගත හැකි ඉහළම සම්මානයක් වන පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.ඒ 2013 වසරේදීය.දේහය අද පස්වරු 2.00ට ඉන්දියාවට ගෙනඒමට නියමිතව තිබිණි.