►. හැඳුනුම්පත් මුද්දර ගාස්තු ඉහළට
හැඳුනුම්පත් මුද්දර ගාස්තු ඉහළට
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා මෙතෙක් අයකරනු ලැබූ රුපියල් 3 ක මුද්දර ගාස්තු වෙනුවට වසර 38 කට පසු ඒ සඳහා රුපියල් සියයක ගාස්තුවක් ලබන 1 වනදා සිට අය කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා මතෛක් රුපියල් 3 ක මුද්දර ගාස්තුව අයකර තිබේ. ඒ අනුව මින් ඉදිරියට ඒ සඳහා රුපියල් 100 ක ගාස්තුවක් අයකිරීමට නියමිතය.
එසේම ජාතික හැඳුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබාගැනීම සඳහා මතෛක් අය කළ රුපියල් 15 ක මුද්දර ගාස්තුව වෙනුවට ඒ සඳහා රුපියල් 250 ක මුදලක් අයකරන අතර නැතිවූ හැඳුනුම්පතක් වෙනුවට පිටපතක් ලබාගැනීම සඳහා අයකළ රුපියල් 15 ක මුද්දර ගාස්තුව වෙනුවට රුපියල 500 ක ගාස්තුවක් අය කිරීමට නියමිතය.
අදාළ මුදල් ග්‍රාමසේවක නිලධාරියා වෙත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙවිය හැකි බවත් ඉන්පසු ඊට අදාළ ලදුපත ඉල්ලුම් පත්‍රයේ අදාළ ස්ථානයේ නොගැලවෙන සේ ඇලවිය යුතු බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් විජයානි ගුණතිලක මහතා අප කළ විමසුමකදී පැවැසීය.
මේ අනුව ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා මුද්දර ඇලවීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
Source