◄◄ සැබෑ පොහොසත් කම ►►

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
◄◄ සැබෑ පොහොසත් කම ►►

එක් දවසක් ධනවත් පියෙකු තම දරුවා සමඟ විනෝද ගමනක් යාමට තීරණය කළේ ය. එම පියාට වුවමනා කර තිබුණේ කෙනෙකු කොතරම් මුදල් අතින් ධනවත් වුවද, ඔවුන් අංග සම්පුර්ණ නොවන බව තම දරුවාට වටහා දීමට ය..

එක නිසා ඔවුන්ගේ කාලය දුප්පත් පවුලක් සමඟ ගොවිපලක ගත කිරීමට තීරණය කළේ ය..

ගෙදරට එන අතරමග දී ඒ පියා තම පුතාගෙන් මෙහෙම දෙයක් ඇහුවා, " පුතේ ඔයා දැක්කද ඒ මිනිස්සු කොච්චර දුප්පත් ද කියලා? මොනවද ඔයාට ඒ ගැන කියන්න තියෙන්නෙ "

" අපිට පිහිනුම් තටාකයක් තියෙනවා, ඔවුන්ට ගඟක් තියෙනවා. අපිට බල්ලෙක් ඉන්නවා, ඔවුන්ට බල්ලො 4ක් ඉන්නවා. අපිට විදුලි පහන් තියෙනවා, ඔවුන්ට අහසේ තරු තියෙනවා. අපිට තාප්ප තියෙනවා ආරක්ෂා වෙන්න, ඔවුන්ට මිතුරෝ ඉන්නවා. ඉතින් ඔවුන් අපිට වඩා ඉදිරියෙන්" ඔහු පිළිතුරු දුන්නේ ය.
:yes::yes::yes: