◄ ආදරයක සැබෑ අරුත‍ ►

harsha.perera

Well-known member
  • ◄ ආදරයක සැබෑ අරුත‍ ►

    402216_288509411212097_228131663916539_798034_1422834630_n.jpg


    ඉතාම ආදරයෙන් හිටපු තරුණ ජෝඩුවක් විවහා වෙන්න තීරණය කළා. මේ විවාහයට මාස කිහිපයක් තිබෙද්දී හදිස්සියේ වුනු අනතුරකින් ගැණු ළමයගේ මුහුණට ගොඩාක් හානි වුනා. ඇය අවලස්සන වුනා. ඇය ගොඩාක් දුක් වුනා. ඇය කිසිවක් නොසිතාම ඔහු වෙනුවෙන් ලිපියක් ලිව්වා.

    ''අනේ... දැන් ඔයාට මාව වටින්නේ නෑ. මට ඔයා එක්ක විවාහ වෙන්නත් බෑ. මම ගොඩාක් අවලස්සන වෙලා. ඔයා ඔයාට ගැලපෙන ලස්සන ගැහැණු ළමයෙක් හොයාගන්න. එයාව විවාහ කරගන්න. සතුටින් ඉන්න'' ඇය අවංකවම එහි ලිවුවා...

    දින කිහිපයක් ගත වෙද්දීම පිරිමි ළමයගෙන් ඇයට පිළිතුරක් ලැබුනා.

    ''ඔයා ඔහොම කිව්වට මම තමා දුක්වෙන්න ඕන කෙනා. දන්නවද? මගේ ඇස් වල හැදිලා තියෙන ලෙඩක් හින්දා මාව ළඟදීම අන්ධ වේවිලු. මොනවා කරන්නද? මම තවමත් කැමතියි ඔයාව විවාහ කරගන්න. ඔයා කැමතිද අන්ධ වෙන මාව විවාහ කරගන්න? ඔහු එහි ලියා තිබුනා...

    දින කිහිපයකින් මේ ගැහැණු ළමයා අන්ධ වුන එයාගේ පිරිමි ළමයාව විවාහ කරගත්තා. ඇය අවංක වුනා. කොහොම වුනත් මේ ''ආදරය'' ඔවුන්ව අඳුරට ඇද දැම්මාද?

    නෑ... කාලය සතුටින් ගෙවිලා ගියා. මේ දෙපළම ඉතාම සතුටන් එකිනෙකා තේරුම් ගෙන ජිවත් වුනා. අන්ධ පිරිමි ළමයට සම්පුර්ණ ඇස් දෙක, ඔහුගේ ආලෝකය වුනේ මේ ගැණු ළමයා. ආදරයට අවුරුදු 20ක් ගත වේගෙන යද්දී හදිස්සියේම ඇය ලෙඩ වුනා. ඇය ගොඩාක් දුක් වුනා අන්ධ ඔහු තනිවීම ගැන. අවසානයේ ඇය මියගියා. එදා හරි පුදුම වැඩක් වුනා. අන්ධයෙක් වගේ හිටිය මේ පිරිමි ළමයා ඇස් ඇරියා. හැමෝටම මේක හරි ප්‍රශ්ණයක් වුනා. ඔහු අවුරුදු 20ක්ම අන්ධයෙක් වගේ මේ අවලස්සන ගැණු ළමයත් එක්ක හිටිය එක ගැන.

    ''මම අන්ධ නෑ. මම බොරු කිව්වා, ඒක වැරදි ඇති. ඒත් ඇයට ඇයගේ මුහුණ අවලස්සන වුනත් මම වගේ අන්ධයෙක් නැතුව මට වඩා හොඳ කෙනෙක්ව කසාද බඳින්න තිබුණා. ඇගේ හදවත ලස්සනයි. ඇය මගේ බාහිරය ස්වරූපයට වඩා ආදරය කලේ හදවතටයි. මමත් එහෙමයි. ඒ නිසයි ඇයගේ අවලස්සන ප්‍රශ්නයක් නොවෙන අන්ධයෙක් වෙලා මේ අවුරුදු 20ම ගත කරේ. ඇය ජිවත් වන තුරු ඇය හා එලෙසම සිටියා.''

    අවංක ආදරය එයයි. හැමෝම පුදුම වුනා. හැමෝම කතා වුනා. එය හැමෝටම ආදර්ශයක් වුනා.

    ''යාලුවනේ... සෑබෑ ආදරයට බාහිර ආකර්ශණයට වඩා ගැඹුරින් යමක් පේනවා. මොකද සෑබෑම ආදරය එන්නේ හදවත ගැඹුරින්ම නිසා.''


    ගත්තේ FB එකෙන්
    රීපොස්ට් නම් සොරි
     
    • Like
    Reactions: and

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පිස්සු පුසා;12037086 said:
    මොන පචද
    සැබෑ ආදරයේ වටිනාකම කියන්න මීට වඩා තාත්වික විදිහකට පුළුවන්
    මේවගේ බොරු බේගල් ඇදබාන්නේ නැතුව :lol::lol:


    :baffled::rofl::lol:
     

    harsha.perera

    Well-known member
  • පිස්සු පුසා;12037086 said:
    මොන පචද
    සැබෑ ආදරයේ වටිනාකම කියන්න මීට වඩා තාත්වික විදිහකට පුළුවන්
    මේවගේ බොරු බේගල් ඇදබාන්නේ නැතුව :lol::lol:

    රූම් එකකට හරි ‍ෆිල්ම් හෝල් එකකට ගිහින් හරි නැත්නම් ගල්කිස්ස පැත්තට හරි ගිහිල්ලද ?:rolleyes::rolleyes:
     
    රූම් එකකට හරි ‍ෆිල්ම් හෝල් එකකට ගිහින් හරි නැත්නම් ගල්කිස්ස පැත්තට හරි ගිහිල්ලද ?:rolleyes::rolleyes:
    එක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා
    හැබැයි මම සම්පුර්ණයෙන්ම ඒවා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ
    ඒවත් අවශ්‍යයි
    සීමාවකට
    එත් මෙතන තියන කතන්දරේ සුරංගනා කතාවක් වගේ නේ මචන්
    මම මේ උඹේ වැරද්දක් කියනවා නෙවෙයි
    උඹත් කොහේ හරි තිබුන උඹට හොඳයි කියල හිතුන දේ නේ දැම්ම
    එකේ මම වැරද්දක් දැක්ක එච්චරයි
     

    harsha.perera

    Well-known member
  • පිස්සු පුසා;12037158 said:
    එක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා
    හැබැයි මම සම්පුර්ණයෙන්ම ඒවා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ
    ඒවත් අවශ්‍යයි
    සීමාවකට
    එත් මෙතන තියන කතන්දරේ සුරංගනා කතාවක් වගේ නේ මචන්
    මම මේ උඹේ වැරද්දක් කියනවා නෙවෙයි
    උඹත් කොහේ හරි තිබුන උඹට හොඳයි කියල හිතුන දේ නේ දැම්ම
    එකේ මම වැරද්දක් දැක්ක එච්චරයි
    උබ කියන්නේ ඔයදේට සමාන දේවල්වත් ලොකේ වෙලා නැතිව ඇති කියලද ?
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    පිස්සු පුසා;12037086 said:
    මොන පචද
    සැබෑ ආදරයේ වටිනාකම කියන්න මීට වඩා තාත්වික විදිහකට පුළුවන්
    මේවගේ බොරු බේගල් ඇදබාන්නේ නැතුව :lol::lol:



    aniwa...:yes::yes::yes: