පහත දැක්වෙන වීඩියෝවෙන් මගින් පසුගිය සතියක් කාලසීමාවක් තුළ සූර්යයා මත සූර්ය ගිනිදැල් හටගත් අවස්ථාවන් 36 ක්, සූර්යයාගේ වායුගෝලයේ පහළින්ම පවතින ස්ථරය වන වර්ණ ගෝලය (chromosphere) හරහා, "සූර්ය කොරෝනාව" (Sun's corona) ලෙස හදුන්වන සූර්යයාගේ වායුගෝලයේ වූ පිටත ස්ථරයෙන් ප්ලාස්මා සහ චුම්බක ක්ෂේත්රය විශාල වශයෙන් බැහැර කිරීම කිරීමේ ක්‍රියාවලිය (coronal mass ejection) හේතුවෙන් අතිවිශාල ගිනිදැල් නිකුත්වීම සිදුවූ අවස්ථාවන් 28 ක් ද නිරූපණය වේ. මෙම වීඩියෝවෙහි 44 වන තත්පරයේදී X කාණ්ඩයේ දැවැන්ත සූර්ය ගිනිදැල්ලක් (X-class solar flare) සූර්යයා මත හටගන්නා අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම වීඩියෝව නාසා'හි "Solar Dynamics Observatory (SDO)" නම් චන්ද්‍රිකාව මගින් ලබා ගත්තකි.


