පෘථිවියේ සිට කිලෝමීටර 35 756 ඉහළින් වන්නට කක්ෂ ගත කර තිබෙන නාසා'හි "Solar Dynamics Observatory" (SDO) නම් වූ සූර්ය ගවේෂණ චන්ද්‍රිකාව මගින් 2023 වසරේ මාර්තු 15 සිට 18 දක්වා වූ දින තුනක කාලසීමාවක් තුළදී බහුවිධ තරංග ආයාමයන් යොදාගනිමින් හසුකරගත් පහත දැක්වෙන "time-lapse" වීඩියෝව මගින් අපගේ සූර්යයා මත හටගත් දැවැන්ත "සූර්ය ටොර්නේඩෝවක් (Solar tornado)" නිරූපණය කෙරේ. සූර්යයාගේ චුම්බක ක්ෂේත්රයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් හටගන්නා මෙවැනි සූර්ය ටොර්නේඩෝවන්ගේ ව්‍යුහයන්, ප්ලාස්මා ප්‍රවාහයන්ගෙන් සැදුම් ලත්ව නිර්මාණය වන අතර මෙම ටොර්නේඩෝවන්ගේ ව්‍යුහයෙහි හටගන්නා හෙලික්සීය චුම්බක ක්ෂේත්රය (helical magnetic field) හේතුවෙන් ඊට සමගාමීව එම ව්‍යුහය සැදුම්ලත්ව පවතින ප්ලාස්මා ප්රවාහයන් සමග හමායාම ද සිදුවේ. සාමාන්‍යයෙන් මෙවැනි සූර්ය ටොර්නේඩෝවක විෂ්කම්භය කිලෝමීටර 1500 සිට 5550 (සැතපුම් 930 - 3,500) දක්වා වූ අගයන්ගෙන් යුක්ත වන අතර මෙවැනි ටොර්නේඩෝවක් පැයට කිලෝමීටර 500 000 ක (පැයට සැතපුම් 310 000) පමණ වේගයකින් හමා යාම ද සිදුවේ.
Credit: Space.com | footage courtesy: NASA/SDO | edited by Steve Spaleta
Music: Stay in Orbit by Victor Lundberg

